Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
22
දින 5ක් තිස්සේ කාමාතුරයින්ගේ ගොදුරක් වී අමානුෂිකව ඝාතනය වූ 8 හැවිරිදි දැරියගේ මරණය ගැන වෙනස්ම කතාවක් මෙන්න - Video & Photos

- දින 5ක් තිස්සේ කාමාතුරයින්ගේ ගොදුරක් වී අමානුෂිකව ඝාතනය වූ 8 හැවිරිදි දැරියගේ මරණය ගැන වෙනස්ම කතාවක් මෙන්න - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9 Views

"ඇගේ වේදනාව ඔබට නොදැනේ නම් ඔබ මනුෂ්‍යයෙක්‌ නොවේ"
"රසානා ග්‍රාමයේ ඇති අසීෆාගේ නිවස දැන් අගුළු දමා වසා තිබේ"
"දැරියගේ සිරුර මිහිදන් කිරීමටවත් ඉඩ දී නැහැ"

සමූහ දුෂණයට ලක්ව ඝාතනයට ලක්වූ ඉන්දියාවේ අසීෆා බානෝ නම් 8 හැවිරිදි දැරිය පිළිබඳව තවමත් සමාජයේ දැඩි ලෙස කතාබහට ලක්වෙනවා.

ඉන්දීය පාලිත කාශ්මීරයේ දී මෙම අට හැවිරිදි දැරිය කෘර ලෙස සමූහ දූෂණයට ලක් කර මරා දැමීම ඉන්දියාව පුරා වැසියන්ගේ දැඩි කෝපයට හේතු වී තිබෙනවා.

මුස්ලිම් එඬේර ජනකොටසකට අයත් අට හැවිරිදි අසීෆා බානෝ (Asifa Bano) ගේ මළසිරුර පසුගිය ජනවාරි මස කතුවා නගරය අසල කැලෑවක තිබී හමුවුණා. කෙසේ වෙතත් මෙම දැරියගේ ඝාතනය සම්බන්දයෙක් සවිස්තරාත්මක ලිපියක් සති අන්ත පුවත්පතක පළවී තිබුණා. එම සටහන පහතින්.


තැනින් තැන යමින් එළුවන් හා හරකුන් බලා ගනිමින් එඬේරකු ලෙස අන්ත දුක්‌ත ජීවිත ගෙවන බකාර්වල් ගුඡ්ජාස්‌ නම් මුස්‌ලිම් එඬේර ගෝත්‍රයට අයත් යූසෆ් පුඡ්වාලා නම් අසරණ මිනිසා පසුගිය ජනවාරි 17 වන දින කාශ්මීරයේ කතුවා දිස්‌ත්‍රික්‌කයේ රසානා පිටිසර ගම්මානයේ සිය නිවස ඉදිරියෙහි දුක්‌ මුසු ඉරියව්වෙන් හිඳගෙන සිටියේය. ඔහුගේ අට හැවිරිදි අසීෆා බානෝ සුරතල් දියණිය අතුරුදන් වී දින ගණනාවක්‌ ගෙවී ගොස්‌ තිබිණි. එම දින ගණනාව මුළුල්ලේ හැකි සෑම තැනම ඇයව සෙවූවද කිසිදු පළක්‌ වූයේ නැත. යූසෆ් වැනි අසරණයකුට ඉන් එහා කිරීමට දෙයක්‌ තිබුණේ නැත. කළ හැකිව තිබුණේ ඉරණම කාලයට භාර දී සිදු වන දෙයක්‌ බාර ගැනීමය. ඒ අනුව 'සිදු වූ දෙය' යූසෆ්ට දැනුම් දීමට අසල්වැසියකු ඔහු වෙත පැමිණ තිබිණි. අසීෆාගේ මළ සිරුර මීටර සියයකට පමණ එපිටින් පඳුරක්‌ අසල තිබෙන බව ඔහු දැනුම් දුන්නේය.

අට හැවිරිදි දැරිය දින 5 ක්‌ තිස්‌සේ දූෂණය කොට ගෙල මිරිකා හිසට ගලකින් පහර දී අමානුෂික ලෙස මරා දමා තිබුණි. මාධ්‍ය විසින් සිද්ධිය මහත් සේ ප්‍රසිද්ධියට පත් කළ අතර මිනීමරුවන්ට එරෙහිව උද්ඝෝෂණ හිස ඔසවන්නට පටන් ගෙන තිබිණි. තවදුරටත් පාලකයන්ට නිහඬව සිටීමට නොහැකි වූ බැවින් දැරියගේ සිරුර හමු වී දින 6 කට පසු ඒ ගැන පරීක්‌ෂණයක්‌ පවත්වන ලෙස අණ දීමට කාශ්මිර් ප්‍රාන්තයේ මහ ඇමැති මෙහ්බුබා මෆ්ටිට සිදු විය. ඒ අනුව පුද්ගලයන් 8 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේය. අත්අඩංගුවට ගත් පිරිස අතර විශ්‍රාමික රජයේ ආදායම් බදු නිලධාරියෙක්‌, පොලිස්‌ නිලධාරීන් 4 දෙනෙක්‌ හා බාල වයස්‌කරුවකුද විය. ඒ සියලු දෙනාම හින්දු භක්‌තිකයන් විය. එම අත්අඩංගුවට ගැනීමට විරෝධය පාමින් දක්‌ෂිණාංශික හින්දු කණ්‌ඩායම් වීම් බැස උද්ඝෝෂණ පවත්වන්නට පටන් ගැනීමෙන් උතුරු ඉන්දියාව තුළ මහත් ව්‍යාකූල තත්ත්වයක්‌ ඇති වී තිබේ. පාලක භාරතීය ජනතා පක්‌ෂයේ ඇමැතිවරුන් දෙදෙනකු වන චන්ද්‍ර ප්‍රකාශ් ගංගා සහ චෞද්‍රරි ලාල් සිං ඝාතකයන්ට පක්‌ෂපාත උද්ඝෝෂණ රැලියකට සහභාගිවීම නිසා ජනයාගේ කෝපය බරපතළ ලෙස උත්සන්න වී ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ. ප්‍රාන්තයේ බලය හොබවන්නේ භාරතීය ජනතා පක්‌ෂය හා ප්‍රාදේශීය ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්‌ෂය එක්‌ව පිහිටුවා ගත් සන්ධාන රජයකිනි. මේ නිසා තත්ත්වය තවත් බරපතළ වී තිබේ.

මෙම අමානුෂික සිද්ධිය හුදෙක්‌ මේ දැරිය දූෂණයට ලක්‌ කොට ඝාතනය කිරීමක්‌ම නොව ඉන් එහා ගිය ජාතිවාදී ක්‍රියාවලියකම කොටසක්‌ බව හෙළි වී තිබෙමින් පවතී. 1989 පමණ කාලයේ සිට කාශ්මීර ප්‍රාන්තයේ මුස්‌ලිම් හා හින්දු ගැටුම් අළු යට ගිනි මෙන් සැඟවී පැවතුණි. බහුතර මුස්‌ලිම් ජනගහනයක්‌ සහිත කාශ්මීර නිම්නයේ ක්‍රියාත්මක සන්නද්ධ මුස්‌ලිම් කණ්‌ඩායම් නිසා ඊට යාබද බහුතර හින්දු ජනතාවක්‌ වෙසෙන ජම්මු කාශ්මීරයේ නොසන්සුන්තා පැන නැඟෙමින් පැවතිණි.

අසිෆාගේ පවුල ද ඇතුළත් බකාර්වල් ගුඡ්ජාස්‌ මුස්‌ලිම් එඬේර ජන වර්ගය හිමාලයේ පහත් බිම්වල සිය ගව පට්‌ටි පාලනයේ යෙදී සිටිති. සිසිර Rතුව ආරම්භ වන විට ඔවුන් නිම්නයේ සිට ජම්මු කාශ්මීරය බලා ගමන් අරඹති. ජම්මුහි රජයේ වනාන්තර හා තණ බිම් වල කඳවුරු අටවා ගන්නා
ගුඡ්ජාස්‌වරු එම සෘතුව එහි ගත කිරීම සිරිතක්‌ව පැවතුණි. දැඩි මතධාරී ජම්මු හින්දුවරු ඊට තදින් විරෝධය දැක්‌වූ අතර පරීක්‌ෂකවරු විශ්වාස කරන්නේ මෙම සිද්ධිය මුස්‌ලිම්වරුන් තම ප්‍රදේශයෙන් බිය ගන්වා පලවා හැරීමට කළ දෙයක්‌ ලෙසය. ඝාතකයන්ට පක්‌ෂව පැවැත්වෙන උද්ඝෝෂණ මුස්‌ලිම් ප්‍රජාවට එරෙහි මුහුණවරක්‌ ගනිමින් පවතී. ඝාතකයන් අත්අඩංගුවට පත් වූ පසු ජම්මු නීතිඥයන් පිරිසක්‌ ඔවුන්ට එරෙහි චෝදනා ගොනු කිරීමට පොලිසියට අධිකරණයට ඇතුල්වීමට ඉඩ නොදී සිටීමටද උත්සාහ ගෙන තිබිණි. හින්දු දක්‌ෂිණාංශික කණ්‌ඩායමට පක්‌ෂ නීතිඥයන්, සැකකරුවන් අහිංසකයන් බව පවසන අතර සිද්ධිය පිළිබඳ පරීක්‌ෂණ ඉන්දියානු පෙඩරල් පොලිසිය වෙත පැවරීමට උත්සාහ කරමින් සිටිති.

11 2මෙම ම්ලේච්ඡ ක්‍රියාවේ මහ මොළකරු වනාහී සාන්ජි රාම් නම් විශ්‍රාමික රජයේ ආදායම් බදු නිලධාරියෙකි. ඔහුගේ සැලැස්‌ම ක්‍රියාත්මක කිරීමට ඔහුගේ පුතා, බාල වයස්‌කාර මුණුබුරා හා පොලිස්‌ නිලධාරීන් 4 දෙනකු ඇතුළු 8 දෙනකු සම්බන්ධ විය. පොලිස්‌ පරීක්‌ෂණ වලින් හෙළි වූ පරිදි සාන්ජි රාම් විසින් කතුවා දිස්‌ත්‍රික්‌කයේ රසානා ගමෙන් බකාර්වල් එඬේර මුස්‌ලිම් ජනතාව පලවා හැරීමට ක්‍රියා කළ යුතු යෑයි පොලිස්‌ නිලධාරියකු වූ දීපක්‌ කජුරියා (දීපු) හා බාල වයස්‌කාර මුණුබුරකු හා රහසේ කුමන්ත්‍රණය කොට ඇත. චෝදනා පත්‍රවල සඳහන් වී ඇති පරිදි ම්ලේච්ඡ ක්‍රියා දාමයේ ඉන්පසු පෙළගැස්‌ම මෙසේය.

ජනවාරි 04 - සාන්ජි රාම් විසින් බාකාර්වල් සුන්නි මුස්‌ලිම්වරුන්ගෙන් පළි ගතයුත්තේ යෑයි සිය මුණුබුරාව පෙළඹවීම

ජනවාරි 07 - ගවයන්ට තණ කැවීමට සිය නිවස පිටුපසට එන යූසුෆුගේ දියණිය වූ අසීෆා පැහැර ගතයුතු යෑයි යෝජනා කිරීම

ජනවාරි 08 - බාල වයස්‌කරු විසින් සිය සැලැස්‌ම මිතුරු ප්‍රවේෂ් කුමාර්ට (මන්නු) පවසා ඔහු එකඟ කර ගැනීම

ජනවාරි 09 - බාල වයස්‌කරු හා මන්නු හරිනගර්හි වෙළඳසලකින් මත් ද්‍රව්‍ය හා වේදනා නාශක පෙති මිල දී ගැනීම

ජනවාරි 10 - කාන්තාවක්‌ ඇගේ ගවයන් ගැන අසීෆාගෙන් විමසීමට අවශ්‍ය යෑයි පැවසූ බව බාල වයස්‌කරු හා මන්නු විසින් අසිෆා දැරියට පැවසීම හා අසීෆා එනතුරු කාන්තාව වනරොදෙහි සිටී යෑයි ඇයව රැවටීම. එසේ රවටා ගත් දැරිය අසල කැලයට රැගෙන ගොස්‌ ඇයට බලහත්කාරයෙන් මත් ද්‍රව්‍ය පොවා පළමුව බාල වයස්‌කරු හා ඉන්පසු මන්නු විසින් දැරියව දූෂණය කිරීම. ඇය රැගෙන ගොස්‌ ප්‍රදේශයේ කුඩා හින්දු දෙවොලක සිර කොට තැබීම හා දෙදෙනා විසින් එහිදී දැරියව නැවත දූෂණය කිරීම.

ජනවාරි 11 - අසිෆාගේ දෙමව්පියන් හින්දු දෙවොලට පැමිණ ඒ අවස්‌ථාවේ එහි සිටි සාන්ජි රාම්ගෙන් නැති වූ දැරිය ගැන විමසීම හා ඇය ඥාති ගෙදරක යන්නට ඇතැයි ඔහු ඔවුන්ට පැවසීම. බාල වයස්‌කරු විසින් සාන්ජිගේ පුතා වන විෂාල්ට ටෙලිෆෝන් කර අසිෆාව දූෂණය කිරීමට අවශ්‍ය දැයි ඇසීම.

ජනවාරි 12 - උදේ 6.00 - විෂාල්, මීරූට්‌ සිට රසානා වෙත පැමිණීම. රසානා ග්‍රාමීය පොලිසිය බර්කවාල් ගැමියන් හා එක්‌ව අසිෆා සෙවීම ආරම්භ කිරීම. සාන්ජි රාම් පොලිස්‌ නිලධාරියකු හා රහසේ කතා කොට රුපියල් ලක්‌ෂ එකහමාරක අල්ලසක්‌ දීමෙන් සිද්ධිය යටපත් කිරීමට එකඟ කරවා ගැනීම. අල්ලස්‌ ගත් නිලධාරියා - සැරයන් ආනන්ද් දුත්තා - රසානා ප්‍රාදේශීය පොලිසිය

ජනවාරි 13 - උදේ 8.30 - රාම් සහ ඔහුගේ පුත්‍ර විෂාල්, බාල වයස්‌කරු, මන්නු දේවාලයට පැමිණීම. එහිදී විෂාල් දැරියව දූෂණය කිරීම. බාල වයස්‌කරු නැවත ඇයව දූෂණය කිරීම. සවස 5.30 දැරිය ඝාතනය කිරීමට දැන් සුදුසු වෙලාව යෑයි රාම් අනෙක්‌ අයට පැවසීම. මන්නු, විෂාල් හා බාල වයස්‌කරු දැරියව කැලෑබද මාර්ගයක බෝක්‌කුවක්‌ අසලට රැගෙන යාම. පොලිස්‌ නිලධාරී දීපක්‌ එතැනට පැමිණීම හා අසිෆා මරා දැමීමට පෙර තමන්ටද ඇයව දූෂණය කිරීමට අවශ්‍ය බව පවසා ඔහු ද දැරියව දූෂණය කිරීම. ඔහු එය කිරීමෙන් පසු බාලවයස්‌කරු විසින් නැවත එතැනදී දැරියව දූෂණය කිරීම හා සියලු දෙනා නැවත ඇයව දූෂණය කිරීම. දීපක්‌ විසින් ඇගේ ඇඳුමේ සාටකයෙන් ඇගේ ගෙල සිර කිරීම. බාලවයස්‌කරු විසින් ගලකින් දෙවරක්‌ පහර දී ඇගේ හිස පොඩි කිරීම.

ජනවාරි 15 - මළ සිරුර කැලයෙන් එළියට ගෙන ගොස්‌ දැමීම.

ජනවාරි 17 - මළ සිරුර ගැමියන්ට හමුවීම.

මේ තොරතුරු අනාවරණය වීමත් සමඟ අහිංසක නොදරුවකුට එවැනි ම්ලේච්ඡ අපරාධයක්‌ සිදු කළ හැකි කුමන තිරිසනකුට දැයි උද්ඝෝෂකයන් ප්‍රකෝපකාරීව හැසිරෙන්නට වූහ. විරෝධය ඝාතකයන්ට පමණක්‌ නොව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නන්ටද එරෙහිව දැඩිව වර්ධනය වන්නට විය. මේ විරෝධය ඉන්දීය සමාජයේ ඉහළ ස්‌ථරය දක්‌වාම ව්‍යාප්ත වී ඇත්තේය. ඒ පිළිබඳව වූ විරෝධය ට්‌විටර් පණිවුඩ මගින් සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙමින් තිබේ. මේ අර්බුදය ගැන නිහඬව සිටිතැයි සමාජ මාධ්‍ය හරහා විවේචන එල්ල වූ ඉන්දීය කොන්ග්‍රස්‌ නායක රාහුල් ගාන්ධි පසුගිය බ්‍රහස්‌පතින්දා සිය නිහැඬියාව බිඳිමින් ට්‌විටර් පණිවිඩයක්‌ නිකුත් කර ඇත්තේය. 'කිසිවකු හෝ එවැනි අපරාධ කරන්නන් ආරක්‌ෂා කරන්නේ කෙසේද? කතුහි අසීෆාට සිදු වූයේ මානව වර්ගයාට එරෙහි අපරාධයකි. අහිංසක දරුවකු මත සිදු කළ එවැනි ම්ලේච්ඡත්වයට මැදිහත් වීමට දේශපාලනයට ඉඩ දෙනවා නම් අප මනුෂ්‍යයන්ද?'

බොලිවුඩ් සිනමා ශිල්පීන් ද අසීෆා සිද්ධිය පිළිබඳව ට්‌විටර් නිවේදන නිකුත් කොට තිබේ.

චිත්‍රපට අධ්‍යක්‌ෂ හා නළු ෆර්හාන් අක්‌තාර් - 'අට හැවිරිදි දැරියක්‌ දින ගණනාවක්‌ සමූහ දූෂණය කොට මරා දමා ඇත. ඇගේ වේදනාව ඔබට නොදැනේ නම් ඔබ මනුෂ්‍යයෙක්‌ නොවේ. ඔබ ඇයට යුක්‌තිය නොඉල්ලන්නේ නම් ඔබටද කිසිවක්‌ ලැබෙන්නේ නැත.' සිනමා නළු රිතිෂ් දේශ්මුක්‌ - 'ඔබට තේරීම් දෙකක්‌ තිබේ. මෙයට එරෙහි හඬනඟන්නට හෝ නිශ්ශබ්ද ප්‍රේක්‌ෂකයකු ලෙස සිටින්නටය. ඔබ තේරීම අනුව ඔබ විනිශ්චය වනු ඇත.'

සිනමා නළු ආක්‌ෂේ කුමාර් - 'මිනිසුන් ලෙස අප නැවත ලැඡ්ජාවට පත්වී ඇත්තෙමු. සිඟිති දැරිය මුහුණ දුන් බිහිසුණු ඉරණම සිතා ගැනීමටවත් නොහැකියි. ඇගේ අහිංසක මුහුණ මට අමතක කළ නොහැකියි. යුක්‌තිය ඉටු විය යුතුයි, දැඩිව හා වේගවත්ව.'

ගීත රචක ජාවෙඩ් අක්‌තාර් - 'අසීෆා යනු කවුද? අට හැවිරිදි බාර්කවාල් දැරියකි. බාර්කවාල් යනු කවුරුන්ද? තැනින් තැන යන අහිංසක එෙŒර ජන වර්ගයකි. මේ කුඩා දැරියගේ ඝාතකයන් ආරක්‌ෂා කිරීමට සැරසෙන්නේ කවුද? ඔබම පිළිතුරු දෙන්න.'

සිනමා නිළි සෝනම් කපූර් - 'මේ ව්‍යාජ ජාතිවාදීන් හා ව්‍යාජ හින්දූන් නිසා රටම තැති ගැන්වී, කළකිරී හා ලඡ්ජාවට පත් වී ඇත.'

රසානා ග්‍රාමයේ ඇති අසීෆාගේ නිවස දැන් අගුළු දමා වසා තිබේ. මෙම මුස්‌ලිම් එඬේර පවුල කොහි දැයි කිසිවකු දන්නේ නැත. එයට කිලෝමීටරයක්‌ ඈතින් ජීවත් වන අසීෆාගේ ඥාතියකු වන මොහමඩ් ජාන් පවසන්නේ දැරියගේ සිරුර මිහිදන් කිරීමටවත් හින්දූන් ඉඩ නොදුන් බවයි. 'අපගේ ප්‍රදේශය නුඹලාගේ සොහොන් බිමක්‌ කිරීමට අපි ඉඩ දෙන්නේ නැහැ'යි ඔවුන් අපට පහර දී එළවා ගත්තා.

ජනප්‍රිය පැලැන්තිය සමාජ ජාලා වල ආකර්ෂණීය වදන් පළ කළ ද යථාර්ථය වන්නේ මොහමඩ් ජාන් පැවසූ දෙය ය. මේ අතර ඉන්දීය ප්‍රධාන විපක්‌ෂය වන කොංග්‍රස්‌ පක්‌ෂයේ නායක රාහුල් ගාන්ධි සිය ට්‌විටර් පණිවිඩය නිකුත් කළ දින සවස අසීෆා සමරා නවදිල්ලියේදී ඉටි පන්දම් දැල් වූයේය. නව දිල්ලි වනිතා කොමිසමේ ප්‍රධානී ස්‌වාති මලිවාල් විසින් නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටියේ කාන්තාවන් හා ළමයින් ආරක්‌ෂා කිරීමේ මෙහෙයුම් පසුගිය සිකුරාදා සිට වඩාත් තර කර ඇති බවය. කාන්තා සංවිධාන විසින් දිල්ලියේ පවත්වන විරෝධතා දිනපතා පාහේ පැවැත් වෙමින් තිබේ. භාරතීය ජනතා පක්‌ෂයේ පාලනය පවත්නා උන්නාවෝ දිස්‌ත්‍රික්‌කයේ 50 හැවිරිදි කුල්දීප් සිං විසින් පසුගිය අවුරුද්දේ දැරියක දූෂණය කිරීමෙන් පසු ඇයට යුක්‌තිය ඉටු නොවන කල ඇය මහ ඇමැති කාර්යාලය ඉදිරිපිට දිවි නසා ගැනීමට තැත් කිරීමේ සිද්ධියටද, උත්තර් ප්‍රදේශ්හි නීති නිලධාරියකු විසින් 16 හැවිරිදි දැරියක්‌ දූෂණය කිරීමේ සිද්ධියටද එරෙහිව පවත්වන විරෝධතාවලට අසීෆා සිද්ධිය ද එකතු වී තිබේ.

නිමල් ෆ්‍රැන්සිස්‌






Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top