මේ වෙද්දි අපේ රටේ හැම තැනම හැමෝම කතා වෙන්නෙ තෙල් පෝලිම ගැන.
මේ තෙල් පෝලිම ඉවර වෙන්න නම් ලයිබීරියානු ධජයෙන් යුත් NEVERSKA LADY කියන තෙල් නැව අපේ වරායට එන්න ඕනේ. ඒ නැව අපේ වරායට සේන්දු වෙන්නට නියමිතව තියෙන්නෙ ලබන 9 වැනිදා පාන්දර 12.30 ට පමණ.
මේ වෙද්දිත් කොළඹ වරාය බලා ගමන් කරන NEVERSKA LADY බොහොම හෙමින් තමයි මේ පැත්තට එන්නෙ. ඒ පැයට නාවික සැතපුම් 12.6 ක වේගයකින්. ඒකට හේතුව තමයි මේ නැවේ ඉන්ධන පුරවා තිබීම.
2005 දි නිෂ්පාදනය කළ මෙම NEVERSKA LADY නෞකාව තෙල් ගබඩා කිරීමට වගේම ආරක්ෂිතව තෙල් රැගෙන යාමටත් උචිත රසායනාගාර පහසුකම් වලින් සමන්විතයි.
මේ නැවේ බර ටොන් 27505 ක් වන අතර දිග දළ වශයෙන් මීටර 182 ක් පමණ වනවා.
කොහොම වුණත් වරායට තෙල් නැවක් ආවට පස්සෙ ඒ තෙල් ඉන්ධන පිරවුම් හල් කරා ලඟා වීමට අවම වශයෙන් දින දෙකක්වත් යනවා..