හැම නිවසට දෙවියන්ගේ ඇල්ම බැල්ම වගේම රැකවරණය ලැබෙනවාට බොහෝ දෙනෙක් කැමතියි නේ...
ඒ වෙනුවෙන් දේව බැතිමතුන් විශාල වශයෙන් වත්පිළිවෙත් කරන එක සාමාන්‍යයි...
ඒත් මේ කියන්න යන්නේ ඒ වගේ කතාවක් ගැන නම් නෙවෙයි... දේව පූජාවකට තැබූ අඹ ගෙඩියක් මේ වගේ ගණනකට වෙන්දේසි වේවි කියලා ඔබ හිතුවාද...?
මේ බලන්නකෝ එහෙනම් ඒ කතාව... මේ පුවත වාර්තා වෙන්නේ වවුනියාව, තවසිකුලම් ශ්‍රී විනයාගර් කෝවිලෙන්...
එම කෝවිලේ විශේෂ පූජාවකින් පසුව දෙවියන් වහන්සේට පූජා කළ අඹ ගෙඩියක් වෙන්දේසියේදී රුපියල් 95000 ක මුදලකට අලෙවි වී තිබෙනවා...
මෙම කෝවිලේ විශේෂ දිනවලදී පැවැත්වෙන දේව පූජාවෙන් පසුව පූජා වට්ටියට තබන ලද පලතුරු ඇතුළු බොහෝ දේ වෙන්දේසියේ විකුණනු ලබා අතර, අඹ ගෙඩියක් වැඩිම මිලකට අලෙවි වුණු පළමු අවස්ථාව මෙයයි.....
මෙසේ වෙන්දේසියේදී මිලට ගනු ලබන පලතුරු ඇතුළු දේ මිල දී ගන්නන් විසින් පරිභෝජනය නොකරන අතර ඔවුන් ඒවා සුදු රෙදි කඩක ගැට ගසා නිවසේ එල්ලා නිවසට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය බලාපොරොත්තු වෙනවා.....
මෙම අඹ ගෙඩිය මිලට ගෙන ඇත්තේ ලන්ඩනයේ සිට නිවාඩුවකට වවුනියාවට පැමිණ සිටින කෝවිල අසල නිවසක පදිංචි වී සිටින පුද්ගලයෙක්....