ඉන්දියාවේ ජනප්‍රියතම ගායන ශිල්පිනියක් වූ සුනීධි චෞහාන්ට විශාල රසික පිරිසක් ඉන්නවා කියන කාරණය හැමෝම දන්නා කරුණක්නේ.
ප
සුගියදා ඇයට සංදර්ශනයක් අතරතුර රසිකයකුගෙන් බෝතල් ප්‍රහාරයකට ලක් වෙන්නට සිදු වුණා.
ඒ ඩේරාඩුන් හි SGRR විශ්ව විද්‍යාලයේ මෑතකදී පැවති ප්‍රසංගයකදීයි.එම බෝතල් ප්‍රහාරය වන අවස්ථාවේදී ඇය තරමක තිගැස්මකට ලක් වෙන ආකාරයද වීඩියෝපටයක දැක ගැනීමට හැකියි.
ඇය රුකී රුකී, ඩාන්ස් පේ චාන්ස්, කම්ලි, දේශී ගර්ල්, ධූම් මචලේ, නව්‍රායි මාජ්හි, ෂීලා කි ජවානි, බීඩි, හල්කට් ජවානි වැනි ජනප්‍රිය චිත්‍රපට ගීත රාශියක් ගායනා කර තිබෙනවා.
මෙම සිදුවීම හා සම්බන්ධ වීඩියෝ පටය සමාජ ජාලා හී වෛරල් වී තිබෙන අතරම එම ක්‍රියාවට බොහෝ දෙනෙකු කනස්සල්ල පළ කර තිබෙනවා.