ඔහුගේ රුව දැක්ක පමණින් ඔහුව මතකයට නැගෙන්න ඇති.
Titanic සහ Lord of the Rings යන චිත්‍රපටවල රංගනයෙන් දායක වූ ප්‍රසිද්ධ නළු බර්නාඩ් හිල්.
Lord of the Rings සිනමාපටයේ රෝහාන් දේශයේ තියෝඩන් රජු ලෙස රංගනයේ යෙදුන ඔහුගේ රංගනයට හැමෝගෙම ආදරය හිමි වුණා.
එතරම් ආදරයක් ලැබුණ ඔහු ගැන ඇසෙන්නේ ඛේදනීය පුවතක්.
මතක හිටින චරිත රැසක් රඟපෑ ඔහු මිය ගොස් ඇති බවටයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ඔහු මිය යන විට 79 වැනි වියේ පසු වුණා.
හිල් උපත ලැබුවේ මැන්චෙස්ටර් හි බ්ලැක්ලි හි දියි.
ඔහු හැදී වැඩුණේ පතල් කම්කරුවන්ගේ කතෝලික පවුලක වන අතර හිල් රිචඩ් ග්‍රිෆිත්ස් සමඟම එක්සේරියන් විද්‍යාලයට සහ පසුව මැන්චෙස්ටර් පොලිටෙක්නික් නාට්‍ය පාසලට ඇතුළත් වුණා.
ඔහු 1970 දී රංග කලාව පිළිබඳ ඩිප්ලෝමාවක්ද ලබා ගෙන තිබෙනවා.