අකුරේගොඩ පිහිටි සුපිරි වෙළඳසැලක් අසල නවතා තිබූ මෝටර් රථයක් ඉලක්ක කර ගනිමින් සිදුවූ දරුණු වෙඩි තැබීමකින් එහි සිටි යුවළක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සන්නද්ධ පිරිසක් මෝටර් රථයකින් පැමිණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවත්, ඉන් අනතුරුව ඔවුන් එම ස්ථානයෙන් ඉතා වේගයෙන් පලාගොස් ඇති බවත් වාර්තා වනවා. මෝටර් රථය තුළ සිටි මෙම යුවළ කවුරුන්ද යන්න හෝ මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
මේ වන විටත් පොලිසිය විසින් එම ස්ථානය පරීක්ෂාවට ලක් කරමින් සැකකරුවන් හඹා යාමට පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා.