Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
03
"මමයි කෝප්‍රල් ජයවර්ධනයි කිමිදිලා යානය ඇතුළේ සිරවී සිටි සියඹලාපිටියගේ සීට් බෙල්ට් එක ගලවා ඔහු ඉවතට ගත්තා. ඒ වන විටත් ඔහුට සිහිය තිබුණේ නැහැ." රටක් වටින වීරයෙකු ගැන සහය නියමුවා කියූ සංවේදී කතාව මෙන්න..

- "මමයි කෝප්‍රල් ජයවර්ධනයි කිමිදිලා යානය ඇතුළේ සිරවී සිටි සියඹලාපිටියගේ සීට් බෙල්ට් එක ගලවා ඔහු ඉවතට ගත්තා. ඒ වන විටත් ඔහුට සිහිය තිබුණේ නැහැ." රටක් වටින වීරයෙකු ගැන සහය නියමුවා කියූ සංවේදී කතාව මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,891 Views

මේ කතාව ඇත්තටම හදවත් කම්පාවෙන් පුරවන කාරණයක්. පුංචි දරුවෙකුට තමන්ගේ පියා අහිමි වුණා. දයාබර බිරිඳකට සැමියා අහිමි වුණා.


ඒ වගේමයි ඔහුගේ මව්පියන්ට වගේම පවුලේ හිතවතුන්ටත්. ආපදාවට පත්වූ ජනතාව බේරාගැනීමට ගොස් සිදුවුණු ඒ බිහිසුණු අනතුර ගැන මේ ඇසෙන්නේ කඳුළු කතාවක්.

“මගේ මහත්තයා හරිම කැපවීමෙන් රාජකාරිය කළ දක්ෂ නිලධාරියෙක්. එයාගේ දක්ෂකම් මට වචනයෙන් කියන්න බැහැ. ‘මේ වෙලාවේ මිනිස්සු හරිම අසරණ වෙලා ඉන්නේ එයාලට අපි ඉන්නකම් පුළුවන් විදියට උදව් කරන්න ඕනෑ. හරිම කනගාටුදායක තත්වයක් තමයි තියෙන්නේ කියලා’ මගේ මහත්තයා කිව්වා. ගොඩාක් සංවේදී හදවතක් තියෙන මගේ ආදරණීය මහත්තයා මටත් පුතාටත් පියවිය නොහැකි හිඩැසක් ඉතිරි කරලා අපිව දාලා ගියා” යැයි අනතුරට පත් හෙලිකොප්ටර් යානයේ නියමුවා වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විංග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ බිරිඳ බුද්ධිකා ලක්මිණී ගුණරත්න (41) පැවසුවා."

වෙන්නප්පුව, ලුණුවිල, කිරිමැටියාන, තුලාවල පාරේ පදිංචිව සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විංග් කමාන්ඩර් නිර්මාල් අසංක සජිත් සියඹලාපිටිය ( 41 ) එක් දරු පියා ඉකුත් දා සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත් වුණා.


ඔහු, වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් මහා විද්‍යාලයේ දිප්තිමත් ආදි සිසුවෙක්. එම පාසලේ අධ්‍යාපනය ලබා පසුව 2005 වර්ෂයේ ජුලි 05 දා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳුනු හෙතෙම, 48 වැනි ආධුනික කැඩෙට් නිලධාරි පාඨමාලාව හදාරා ගුවන් නියමු නිලධාරීවරයකු වශයෙන්ම අධිකාරි ලබමින් ගුවන් හමුදා විද්‍යා පීඨයේ පුහුණුව ලබා තිබුණා.
පසුව ගුවන් යානා අංශයේ හෙලිකොප්ටර් උසස් පුහුණු පාඨමාලාව සඳහා බැඳෙන ඔහු බෙල් 206, 212, 412 එම්. අයි. 17 හෙලිකොප්ටර් යානාවල පුහුණුව ලබා 2024 වර්ෂයේ විංග් කමාන්ඩර් නිලයට උසස්වීම් ලැබුවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සක්‍රීය සේවයේ යෙදී සිටිමින් වැඩිම ගුවන් කාලයක් පියාසර කර ඇති නිලධාරියකු වූ සජිත් නිර්මාල් සියඹලාපිටිය ගුවන් පැය 3,000 කට වැඩි කාලයක් පියාසර කර ඇති පළපුරුදු දක්ෂ ගුවන් නියමුවරයෙක් බව අප කළ විමසීමකදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසුවා.


ඔහු සිය ශාස්ත්‍රපති උපාධිය ලබා ගෙන තිබූ අතර, එහි උපාධි ප්‍රදානෝත්සවය ලබන 02 වැනිදාට යෙදී තිබෙන බවයි ඔහුගේ බිරිඳ සඳහන් කළේ.

සිය උපන් ගමේ ජනතාව ගංවතුරට කොටුවී සිටිනු දුටු ඔහු කෙ‍සේ හෝ ඔවුන්ට පිළිසරණක් වීමට සිතන්නට ඇති. ජනතාව වෙනුවෙන් තම රාජකාරිය ඉටුකරමින් සිටි ඔහුට හදීසියේ හෙලිකොප්ටර් යානයේ කාර්මික දෝෂයක් දැනෙන්නට වී තිබුණා.

ඒ මොහොත සජීවීව දැකිය හැකි දර්ශනවලින් අපට පෙණුනේ යානයේ කාර්මික දෝෂයකට ලක්ව ඇති බවටත් පාලමත් මහ පාරත් අතර සිටි ජනතාව දෙසට එම යානය කඩා වැටීම වළක්වාලමින් එහි නියමුවා ගිංඔයට යානය පාත්කරන අයුරුත්ය. සැබැවින්ම ඔහු වීරයෙක් වන්නේ එබැවින්. යම් හෙයකින් එම යානය ගොඩබිමට කඩා වැටුණි නම් ජීවිත කීයක් විනාශ වන්නට ඉඩ තිබිණිද? කෙසේ හෝ සිය ජීවිතය පූජා කරමින් ඔහු තම සගයන්ගෙත් අවට මිනිසුන්ගේත් ජීවිත බේරා දී තිබුණා.

“බය වෙන්න එපා මම මැරුණත් උඹලා බේරාගන්නවා” යැයි ඔහු අවසන් වරට කියා ඇති බවට ආරංචි මාර්ගවලින් පැවසෙන සංවේදී කරුණක්.

ඔහුගේ දේහය ඊයේ (02) අලුයම ඔහු කුඩා කාලයේ සිට හැඳුනු වැඩුණු මහගෙදරට රැගෙනවිත් තිබුණා. එම ග්‍රාමයේ පදිංචි ඔහුගේ නෑ හිතවතුන් වැල නොකැඩී පැමිණෙමින් සිටියේ මේ වීරයාට අවසන් ගෞරව දැක්වීම සඳහායි.


ඊයේ (02) සවස 2.00 දක්වා දේහය එම නිවෙසේ තැන්පත් කොට තබා පසුව, නිර්මාල් අධ්‍යාපනය ලැබූ වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයට ගෙන ගොස් කතෝලික ආගමික කටයුතුවලින් අනතුරුව රත්මලාන ගුවන් හමුදා පාරේ පිහිටි ඔහුගේ නිවෙසට රැගෙන අවා.

කෙසේ වෙතත් තම ආදරණීය සැමියා ගැන කඳුළින් පිරුණු දෙනෙතින් බුද්ධිකා ලක්මිණි ගුණරත්න (41) මෙසේද පැවසුවා.

"මගේ ආදරණීය මහත්තයා අපෙන් වෙන්වීම මට අදහාගත නොහැකි වේදනාවක්. 27 වැනිදා මහත්තයා රාජකාරි කටයුතු සඳහා රත්මලාන ගුවන් හමුදා කඳවුරට ගෙදරින් පිටත් වුණා. ගියදාම සවස මට කතා කරලා කිව්වා දැන් පුත්තලම පාලවිය පැත්තේ ආපදාවට ලක්වූ අයට සහන සලසනවා කියලා. එයා කවදාවත් ෆ්ලයි කරන වෙලාවට කෝල් ගන්නෙ නෑ. ලෑන්ඩ් කෙරුවාට පස්සේ තමයි ගෙදරට කෝල් ගන්නෙ. කෝල් කරන හැම වෙලාවෙම පුතා ගැන අහන්න අමතක කරන්නෙ නෑ.

ඉන් පස්සෙ අපිට කතා කරන්න බැරි වුණා. දුරකථන අවහිරතා තිබෙන නිසා. පළමු වැනිදා රාත්‍රී හතට විතර මට කෝල් එකක් ආවා ලුණුවිල ප්‍රදේශයේ අනතුරක් වෙලා මහත්තයා අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුණා කියලා. මට අදහගන්නත් බැරුව ගියා. නමුත් මම අද ආඩම්බර වෙනවා මගෙ මහත්තයා රට වෙනුවෙන් මහත් සේවයක් කළා කියලා. ඒ දේ විතරයි සැනසීමකට තියෙන්නේ.


එයා 27 වැනිදා කෑම්ප් එකට ගිහින් මට ෆෝන් කෝල් එකක් අරගෙන කිව්වා පුත්තලම පාලවිය ප්‍රදේශයේ අවතැන් වූ මිනිස්සුන්ට ආහාර ගෙනියනවා කියලා. ඊට පස්සෙ දුරකතනය වැඩ කළේ නැහැ. මහත්තය පුතාට හරිම ආදරෙයි. එයා රාජකාරි ඉවර වුණ ගමන් අහන්නෙ පුතා ගැන. අපි ගැන සොයා බලන්නේ එයාගේ රාජකාරිවලට බාධාවක් කරගන්නේ නැතුව. එයා හරිම කැපවීමෙන් රාජකාරිය කළ කෙනෙක්. මගේ මහත්තයා දක්ෂ නිලධාරියෙක් එයාගේ දක්ෂකම් මට වචනයෙන් කියන්න බැහැ.”

මියගිය ගුවන් හමුදා නියමු නිර්මාල් සියඹලාපිටියගේ මව විශ්‍රාමික බැංකු නිලධාරිනියක වූ විමලා වීරසිංහ සිය පුතුගේ අකල් වියෝව ගැන පැවසුවේ කඳුළු සලමින්.

“මේ මගේ දෙවැනි පුතා. එයා ඉස්කෝලේ යන කාලයේ ඉඳලා දක්ෂයි. පාසලේ කීර්තිමත් දරුවෙක්. 2005 දී වගේ ගුවන් හමුදාවට බැදුණා. එයා නිතරම රාජකාරිය වෙනුවෙන් කැපවුණා. ඒත් එයාගේ හදවත් හරියට උණුවෙනවා. කාටත් උදව්වට යන මගේ පුතා මට අහිමි වීම දරා ගන්න බැහැ. එයා අවසන් ගමන් ගියෙත් ගංවතුරින් අවතැන් වෙලා නිරාහාරව සිටි අපේම රටේ ජනතාව අසරණව සිටියදී, එයා ඉපදුනු ලුණුවිල ප්‍රදේශයේම අවතැන් පිරිස් වෙත සරණක් වෙන්න ගිහිං. ඒක අපේ හදවත් තුළ නොමැකෙන සිද්ධියක් වුණා.”

පුතුගේ වියෝව දරා ගත නොහැකිව නිර්මාල්ගේ පියාද ඔහුගේ දේහය අසලට වී සිටිනු දක්නට ලැබුණා.

එම හෙලිකොප්ටර් යානයේ සහායක නියමු පියාසර ලුතිනන් චාමර ඒකනායක වෙන්නප්පුව පොලිසියට ප්‍රකාශයක් දෙමින් සඳහන් කර තිබුණේ, වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ විපතට පත්වුවන්ට පිහිට වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානයේ හදිසි කාර්මික දෝෂයක් ඇති වී එය ඔයකට කඩා වැටුණු බවයි.
එහිදී ඔහු මෙසේද සඳහන් කර තිබුණා.

“අපි ගංවතුරට කොටු වී සිටින සහ කන්න නොමැතිව දින ගණනක් කුසගින්නේ සිටි අයට සහන සලසා දීමේ මානුෂීය මෙහෙයුමක නිරතව සිටියේ බෙල් 12 හෙලිකොප්ටර් යානයෙන්. ගංවතුරට කොටු වී සිටි අය අපි බේරා ගත්තා. හෙලිකොප්ටර් යානයේ නියමුවා වුයේ සියඹලාපිටිය. නිකවැරටිය, මීගමුව, කොච්චිකඩේ, වෙන්නප්පුව, පුත්තලම, හලාවත ප්‍රදේශවල විපතට පත් වූ අයටත් පිහිට වුණා. වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ විපතට පත්වුවන්ට පිහිට වෙමින් සිටියදී හදීසියේම හෙලිකොප්ටර් යානයේ කාර්මික දෝෂයක් හටගත්තා.

පසුව එය ඔයකට කඩා වැටුණා. අපි ජීවිතය බේරා ගත්තත් විංග් කමාන්ඩර් නියමු සියඹලාපිටියට ජීවිතය බේරා ගන්න බැරිව ගියා. අඩි 20ක් පමණ ගැඹුරට හෙලිකොප්ටර් යානය කඩා වැටී තිබුණා. ඔහු ඉවතට ගන්නා විටත් සිහිය තිබුණේ නැහැ.

මම නියමු අසුනේ ෂිට් බෙල්ට් එක ගලවාගෙන පිටතට පැමිණියා. අනෙක් තිදෙනා පිටතට පැමිණ තිබුණා. නියමු සියඹලාපිටිය මහත්තයා පේන්න හිටියේ නැහැ. මමයි කෝප්‍රල් ජයවර්ධනයි කිමිදිලා යානය ඇතුළේ සිරවී සිටි සියඹලාපිටියගේ සීට් බෙල්ට් එක ගලවා ඔහු ඉවතට ගත්තා. ඒ වන විටත් ඔහුට සිහිය තිබුණේ නැහැ. ඒ වෙලාවේ තරුණයින් පිරිසක් ලොකු ලෑලි දෙකක් වතුරට දැම්මා.

අපි සියඹලාපිටිය එහි තබාගෙන අරගෙන එද්දී තවත් තරුණයින් පිරිසක් අප දෙසට කඹ විසි කළා. ඒ කඹ දිගේ අපි දෙමහල් නිවසක උඩු මහලකට ගොඩ වුණා. එහිදී ඔහුට අවශ්‍ය මූලික ප්‍රථමාධාර ලබාදී පසුව 1990 සුව සැරිය ගිලන් රථයකින් මාරවිල මූලික රෝහලට රැගෙන ගියා. ඒ වෙලාවේදී වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා පැවසුවේ සියඹලාපිටිය මිය ගොස් ඇති බව.”


ඔහු ‍දියේ ගිලී ආශ්වාස ප්‍රශ්වාස කිරීමට නොහැකිවීමෙන් මරණයට පත්ව ඇති බවට මීගමුව රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.ඒ.එස්.ආර්. වික්‍රමාරච්චි මීගමුව රෝහලේ දී පෙරේදා (01) සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී නිගමනය කර තිබුණා.

එසේම තදබල තෙරපීමක් හේතුවෙන් ඉළ ඇට කිහිපයක් බිඳී ගොස් ඇති බවත් සිරුරේ බාහිර තුවාල කිසිවක් නොමැති බවත් එහිදී සඳහන් කර තිබුණා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Bell 212 හෙලිකොප්ටර් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා ලෙස කටයුතු කළ විංග් කමාන්ඩර් නිර්මල සියඹලාපිටිය ගෘෘප් කපිතාන් නිලය දක්වා උසස් කළ බව ඊයේ (02) ගුවන් හමුදාව නිවේදන කර සිටියා.

ඒ අනුව, ඔහු සිදුකළ ගෞරවාන්විත සේවය අගයමින් ඉකුත් නොවැම්බර් මස 30 වැනිදා සිට මෙම උසස්වීම ඔහුට ලබාදුන් බවයි ගුවන් හමුදාව සඳහන් කරන්නේ.

රටක් වටින වීරයකුගේ කතාව එසේ නිමාවට පත්වුණේ සංවේදී හදවත් ඇත්තන්ගේ දෙනෙත්වලට කඳුළු එක් කරමින්. ඔහුගේ අවසන් කටයුතු හෙට(04) හිරු බැස යන සන්ධ්‍යාවේ සවස 4.00 ට ගල්කිස්ස සුසාන භුමියේදී සිදුකිරීමට නියමිත බව ඥාතීන් පැවසුවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top