මේ කියන්න යන්නේ තමගේ ආදරණිය දරුවා බඹර ප්‍රහාරයකට ලක් වෙන අවස්ථාවේ බේරා ගැනීමට ගොස් ජිවිතයෙන් සමු ගන්නට වුන ආදරණිය පියෙක් ගැන කතාවක්..........
මේ සංවේදී පුවත අපට වාර්තා වුණේ මිහින්තලය ඉලුප්පුකන්නිය ප්‍රදේශයෙන්.නිවස ඉදිරිපිට මාර්ගයේ පාපැදියේ සෙල්ලම් කරමින් සිටි දරුවා හදිසියේම බඹර ප්‍රහාරයකට ලක් වෙනවා...මේ විදියට බඹර ප්‍රහාරයට ලක් වෙන්නේ 11 හැවිරිදි පුංචි දරුවෙක්.
දරුවාගේ කෑගැසීමේ ශබ්දය අසා පියා එම ස්ථානයට පැමිණ තම කමිසය ගලවා දරුවා ආවරණය කරමින් ඔහුට ආරක්ෂාව ලබාදීමට උත්සාහ කළ බවයි වාර්තා වන්නේ.
පසුව ප්‍රදේශවාසීන්ගේ සහායත් සමඟ පියා සහ පුතා මිහින්තලය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරලා තියෙනවා. කණගාටුව කාරණාව නම් එහිදී පියාගේ ජීවිතය බේරගැනීමට වෛද්‍යවරයන්ට නොහැකිවී වීමයි.
බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ 11 හැවිරිදි දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
මේ විදියට ජීවිතක්ෂයට පත්වෙලා තියෙන්නේ 51 හැවිරිදි පුද්ගලයෙක් වන අතර පියා සහ පුතා පමණක් නිවසේ වාසය කර ඇති බවයි සඳහන් වන්නේ.
කොහොම වුණත් දරුවාගේ මව දැනට විදේශගතව සිටින බවටයි වාර්තා වෙලා තියෙන්නේ...
දරුවන්ගේ ජීවිතය වෙනුවෙන් පියෙකුට කැප කරන්න බැරි දෙයක් ලෝකයේ නැති තරම් .පියෙකුගේ ආදරය ගැන කියන්න තවත් සාක්ෂි අවශ්‍ය නොවන තරම්..........
" තුරුහිස් මුදුනේ මල් පළඳ්‍ර
කැකුළු මුවට පල වැල නෙලුවා
දිවි ගමනේ ඉම කඳු මුදුනේ හිද
පිතු සෙනෙහේ කඳුළැලි සැලුවා"