විශ්මය ජනක ලෙසින් හොඳින් සංරක්ෂණය කර ඇති පොසිල පිළිබඳව සිදු කරන ලද පර්යේෂණයක දී ප්‍රචණ්ඩ කුණාටුවක් හේතුවෙන් වසර මිලියන 150කට පමණ පෙර මියගිය
ටෙරෝසෝරයන් පැටවුන් දෙදෙනෙකුගේ පොසිල හමු වී තිබෙනවා.
ලකී සහ ලකී 2 යනුවෙන් මෙම පැටවුන් දෙදෙනා හඳුන්වන අතර ප්‍රාග් ඓතිහාසික පියාඹන උරගයින් වූ මොවුන් ජුරාසික යුගයේදී වසර මිලියන 153ක් මිලියන 148ත් අතර කාලයකට පෙර ජීවත් වන්නට ඇතැයි සැලකේ.
මෙතෙක් සොයාගෙන ඇති කුඩාම ටෙරෝසෝරයන් පොසිලය මෙය වන අතර ඔවුන්ගේ පියාපත් අඟල් 8කටත් වඩා අඩු ය.
ඔවුන් සතු කුඩා අස්ථි හොඳින්ම සංරක්ෂණය වී නොතිබුණ අතර ඒවා ඉතා ප්‍රවේශමෙන් විශ්ලේෂණය කිරීමට සිදු වූයේ ඉතා ඉක්මනින් කැඩී යාමට භාජනය වන නිසාය.
මෙම පැටවුන්ගේ පොසිල පිළිබඳ තවදුරටත් විශ්ලේෂණය කිරීමේදී පර්යේෂකයන් සොයාගත්තේ මේ පැටවුන් දෙදෙනාගේම අතෙහි ඉහල අස්ථීන් බිඳී ගොස් තිබෙන බවකි.
එබැවින් ඔවුන් අතිශය දරුණු කුණාටුවක් මගින් එයට හසුවී මිය යන්නට ඇති බව සැක පල කරයි.
එසේම පර්යේෂකයන් විශ්වාස කරන්නේ කුණාටුවට හසුවී තුවාල ලැබූ මෙම පෙරෝසෝරස් පැටවුන් දෙදෙනා අසල වූ කලපුවට වැටී රළ පහරට හසුවී මුහුදු පත්ලට වැටී මඩ සහිත මුහුදු පොළොවෙහි වැළලී ගිය බවයි.
කෙසේවෙතත් පර්යේෂකයෝ පවසන්නේ මෙවැනි පැටවුන් සංරක්ෂණය කිරීම ඉතා අපහසු බව මෙන්ම ඔවුන් මියගිය ආකාරය පිළිබඳව කරුණු අනාවරණය කර ගැනීමට සමත්වන ආකාරයේ පොසිලයක් සොයා ගැනීම පවා ඉතාමත් දුර්ලභ වන බවයි.