Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
25
ජීවන අංකයට අනුව ඔබේ අනාගතය සහ ලක්ෂණ ගැන හෙළිවන රහස් මෙන්න...

- ජීවන අංකයට අනුව ඔබේ අනාගතය සහ ලක්ෂණ ගැන හෙළිවන රහස් මෙන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

855 Views

උපන් දිනය කියන්නේ කාටත් විශේෂ දිනයක්. 


ඉතින් උපන් දිනය සහ වේලාවන් අනුව තමයි ගොඩක් වෙලාවට තම ඉරණම තීරණය කෙරෙන්නේ.

එකනේ ඔබේ උපන් වේලාවට අනුව කේන්දරය නිර්මාණය වන්නේ. උපන් දිනය, අවුරුද්ද වගේ ගොඩක් දේවල් සමඟ ජෝතිෂ්‍ය විද්‍යාව, අංක විද්‍යාව ගොඩ නැගෙනවා.ඒවාට පුළුවන් අපේ අනාගතය ගැන, අපේ චරිත ලක්ෂණ ගැන එක එක සාස්තර කියන්න.

ඉතින් අපි බලමු ඔබේ උපන් දිනයට අනුව සොයා ගන්නා ජීවන අංකයට අනුව ඔබගේ අනාගතය සහ ලක්ෂණ ගැන ,අංක විද්‍යාවෙන් මොනවද කියැවෙන්නේ කියලා.

මුලින්ම ජීවන අංකය හොයාගමු.

උපන්දිනය 1994.10.28 නම්

එහි උපන් දවස වෙන්නේ 28 වෙනිදා.

එවිට ඔබේ ජීවන අංකය 2+8 = 10 = 1+0 = 1 ලොකු ගානක් එනවා නම් මේ විදිහට තනි ඉලක්කමකට හදාගන්න.

දැන් බලමු සාස්තරේ

ජීවන අංකය 1 නම්.

සුබ දින – 1,10,19,28

සුබ වර්ණය – රන්වන් පැහැය, කහ ,තැඹිලි

යම් පුද්ගලයෙකුගේ වෘත්තීය හෝ ව්‍යාපාරික තත්ත්වය ඔහුට/ඇයට කෙතරම් ගැළපේ ද යන්න හෙළි කරනු ලබනවා.

ඔබ අනික් අයට තරගකාරිත්වයක් ගෙන එන අයෙක්.

තමන්ගේ අරමුණ වෙනුවෙන් නිතරම උත්සාහ කරන අතර යම් කාර්යයක් අතරමග නවතා දමන්නට උත්සාහ කරන්නේ නැහැ.

මේ අංකය හිමි ඔබ කලට වේලාවට වැඩ කරන, නායකත්වයටත් සුදුසු ධෛර්යයවන්ත අයෙක්.

සමාජයේ ගෞරවයට පාත්‍රවෙන ඔබ ප්‍රතිපත්තිගරුක අයෙක්.

අසාධාරණයට එරෙහි වන අයෙක්.

බුද්ධිමත් පුද්ගලයන් වන නිසා රජයේ රැකියාවල හෝ ව්‍යාපාරවල මුල්තැන උසුලනවා.

ඔට්ටු හා සූදු ක්‍රීඩාවලින් අලාබ සිදුවන අතර ණයට දුන් දේ නොලැබෙයි.

ජීවන අංකය 2 නම්.

සුබ දින – 2,11,20,29

සුබ වර්ණය – සුදු, ලා කොළ

නිර්මාණශීලී මෘදු සිත් ඇති අය වන මොවුන් ඕනෑම අයෙක් විශ්වාස කිරීමට යාමෙන් සිත් රිදවා ගන්නවා.

ඉක්මනින් කේන්ති නොගන්නා අතර කල්පනාකාරීව කටයුතු කරන ක්‍රියාශීලී අයයි.

අසාධාරණය වෙනුවෙන් කතා කරන මොවුන්ට මිත්‍ර සම්පත්තිය වැඩියි.

ව්‍යාපාරයකට වඩා රැකියාවක් කිරීමට වැඩි කැමැත්තක් දක්වන මොවුන් ගායනය, රංගනය සඳහා ද වැඩි ප්‍රසිද්ධියක් උසුලනු ලබනවා.

සැමගේ සතුට ප්‍රිය කරන, විනෝදය ප්‍රිය කරන මුදල් හොඳින් පරිහරණය කිරීමේ අපූරු හැකියාවක් පවතිනවා.

නමුත් ආදරයේදී අවංක නිසාම ගන්නා වැරදී තීරණ නිසා පසුතැවෙන්න සිදු වෙනවා.

තමන්ගේ දරුවන් වෙනුවෙන් බොහෝ කැපවී වැඩ කරයි.

ඔබේ ද්විත්ව පෞරුෂයක් හිමි අයෙක් ලෙසටයි සැලකෙන්නේ.

ඒ වගේම තමන් හොඳින් දන්නා අය සහ නැති අය ගැන අවබෝධයෙන්, මොන වගේ අය ද යන්න හොඳින් හඳුනාගෙන වෙන් කරගෙන ආශ්‍රය කරයි.

ජීවන අංකය 3 නම්.

සුබ දින – 3,12,21,30

සුබ වර්ණය – කහ රෝස තැඹිලි

ඔබට ඇත්තේ බහුමාන පෞරුෂයක්.

ජීවීතය විවිධ දෘෂ්ටිකෝණයන්ගෙන් දකින ඔබ කිසිවක් යමෙක් කියූ පමණින් ඇසූ පමණින් පිළි ගන්නා අයෙක් නොවෙයි.

ඔබ විවිධ අදහස් ගැන විමසා තීරණය ගන්නා අයෙක්.

ඒ වගේම මෙයින් ඔබගේ ශාරීරික නීරෝගීභාවය වගේම මානසික නිරවුල් බව ගැනත් පැවසෙනවා.

ගුරුහරුකම් සහ උපදේශණ සේවාවන්ට වැඩි දස්කමක් දක්වන අතර සංවේදී මොවුන් තරමක් ආඩම්බර අයයි. සැමවිටම

නිදහස අගය කරන අන් අයට උදව් කරන්නට කැමති අවංක අය වෙනවා.

මේ අංකය හිමි බොහෝ අය රාජ්‍ය සේවකයන් වන අතර රැකියාවේ ඉහළටම යන්නටත් අවස්ථාව හිමිවෙනවා.

අනවශ්‍ය ප්‍රශ්නවලට පැටලීමට අකමැති ඔබ ධර්මයට ලැදියි.

නමුත් තනි තීරණ ගැනීම නිසා විවාහයේ පසු තැවීම් ඇති වෙනවා.

ජීවන අංකය 4 නම්.

සුබ දින – 1,2,4,13

සුබ වර්ණ – මෙරුන් , තද කහ, තද තැඹිලි

ඔබ වටා සිදුවෙන සියලුම සිදුවීම් පිළිබඳව හොඳ අවධානයකින් පසුවන අයෙක්.

අන් අයගේ අවශ්‍යතා හඳුනා ගන්නා පෞරුෂයක් හිමි අයෙක් ද වෙනවා.

නමුත් තරමක් මුරණ්ඩු ගති ඇති හිතුවක්කාර අයෙක් වෙන ඔබට යහළු මිතුරන් අඩුයි.

දුප්පත් අයට සේවය කිරීමට ප්‍රියතාවයක් දක්වන ඔබ සමාජයේ කැපී පෙනෙන චරිතයක්.

පුද්ගලයෙක් ලෙස ඔබ ගෙන යන්නේ කුමක් ද ඔබව වළක්වන්නේ කුමක් ද යන්න වැටහීමක් ඔබ සතුයි.

ඔබේ සිතුවිලි ඔබේ වටිනාම වත්කම ලෙසයි ඔබ විශ්වාස කරන්නේ.

සෑම විටම වෙනස් දේ සඳහා සිත යොමු කරන අතර අන් අයගේ රැවටීම්වලට හසු නොවෙයි.

අන් අයගේ උදව් නැතුව අධ්‍යාපන කටයුතු කරගෙන අතර සතුට සහ දුක සඟවා කටයුතු කරනවා.

විවාහ ජීවිතයේ වගකීම් නිසි පරිදි ඉටුකළත් ඇතැම් විට පවුලේ අය සමඟ මතභේද ඇති කරගන්නා අයයි.

නව විලාසිතාවන්ට සිත යොමු කරයි.

ජීවන අංකය 5 නම්.

සුබ දින – 5,14,23

සුබ වර්ණ – කොල

වාසනාවන්ත අංකයක්.

හොඳ ශක්තිමත් පෞරුෂයක් හිමි ඔබ ජීවිතය සාර්ථක කරගන්නා අයෙක්.

ගන්නා සෑම තීරණයක්ම සාධාරණ සහ හොඳින් සිතා බලා ගන්නා ඒවා වෙනවා.

ජීවිතය සමබරව පවත්වාගෙන යන්නට කැමැත්තෙන් සහ අධිෂ්ටානය ඇති අයෙක්.

දියුණුව අන් අයට වඩා වේගවත්, ජනප්‍රිය චරිත වන අතර මිතුරන්ගේ අඩුවක් නැහැ.

මනා රූප ස්වාභාවයකින් යුක්ත අතර විලාසිතාවන්ට බොහෝ ප්‍රිය කරන අයෙක්.

ධර්මානුකූලව ජීවත් වෙන ඔබ ඉගෙනීමට දක්ෂ අයෙක්.

ආයුර්වේදය , ජ්‍යෝතිශය, නීතිඥ, පරිගණක ආදී වෘත්තීන් වඩාත් සුදුසුයි.

අමාරු කටයුතු වුණත් පහසුවෙන් කළ හැකි අතර අන් අයගේ උදව් අපේක්ෂා නොකරන අයයි.

ජීවන අංකය 6 නම්.

සුබ දිනය – 6,15,24

සුබ වර්ණය – සුදු ,ලා නිල් , රෝස

ආකර්ෂණීය ලස්සන අය වන අතර ඔවුන් සැහැල්ලුවෙන් ජීවත් වෙන අයයි.

සැබෑ වයසට වඩා අඩු වයසක් පෙන්නුම් කරන කාන්තා පාර්ශවය ආභරණවලටත් පිරිමි පාර්ශවය වාහන සඳහාත් උනන්දුවක් දක්වයි.

අධ්‍යාපනය ලබන අය ඊටත් වඩා සිත් යොමු කරන්නේ විලාසිතාවලට.

ගායනය නර්තනය ආදියට වැඩි නැඹුරුවක් දක්වන අතර ඒ ක්ශේත්‍රවල ප්‍රසිද්ධ වෙන්නටත් හැකියාව පවතිනවා.

ආදර විවාහයට මුල පුරන අතර ආදරයේ දී අවංක චරිතයක් වෙනවා.

ඉක්මනින් කේන්ති නොයන නමුත් කේන්ති ආවොත් පාලනය කර ගැනීමට වඩාත් අපහසුයි.

ජීවන අංකය 7 නම්.

සුබ දින – 7,16,25

සුබ වර්ණ – සුදු, කොල, ලා කහ

කෙසඟ සිරුරකට උරුමකම් කියන බුද්ධිමත් සහ ක්‍රියාශීලී අය වන මොවුන් ආධ්‍යාත්මිකව කටයුතු කරන්නට වඩා කැමතියි.

කරදර බාධක තනිව විඳ දරා ගන්නට හැකියාවක් ඇති තම දැනුම අන් අයට බෙදා දෙන්නට කැමති අයෙක්.

කුඩා කාලයේදී ඉගෙනීමට වැඩි උනන්දුවක් නොදැක්වුවත් පසුකාලීනව අධ්‍යාපනය සාර්ථක කරගනු ලබන අයෙක්.

කලාව, ජ්‍යෝතිශය, ගුප්ත ශාස්ත්‍රය කෙරෙහි වැඩි ඇල්මක් දක්වන අතර කිරි හෝ පැණි ව්‍යාපාරවලින් ලාභ ලබයි.

ඉතිරි කරන්නට සිත යොදන අනවශ්‍ය දේවල්වලට වියදම් නොකරයි.

ජීවන අංකය 8 නම්.

සුබ දින 8,17,26

සුබ වර්ණ – තද නිල්, අළු පාට

වඩාත් ප්‍රිය මනාප වෛරී චේතනාවන් නැති ඕනෑම අයෙක්ගේ සිත දිනාගන්නට සමත් අයෙක්.

අධ්‍යාපනය සඳහා උනන්දු අයෙක් වන අතර ගුරු වෘත්තිය, ජ්‍යෝතිශය, නීතිඥ ආදී වෘත්තීන්වලට සුදුසුයි.

රංගනයෙන් සහ කලා අංශයෙන් ප්‍රිය වන අතර ආදරයට බාධා ඇතිවුණත් විවාහය ආදරය මත තීරණය වෙනවා.

නමුත් විශ්වාසය නිසාම ආදරයෙන් රැවටීමට ලක් විය හැකියි.

ජීවන අංකය 9 නම්.

සුබ දින 3,9,18,27

සුබ වර්ණ – මෙරූන් , කහ , තැඹිලි

තේජාන්විත අය වන අතර සංවිධාන ශක්තිය උපරිමයෙන් පවතියි.

ඕනෑම දෙයකට ඉදිරිපත් වන නමුත් ඒ නිසාම අනතුරු හා තර්ජනවලට මුහුණ පෑමට සිදු වෙනවා.

ඔවුන්ගේ හැඟීම් තේරුම් ගැනීම් අපහසු අතර අන් අයගේ විධානයන් පිළිගන්නා අයයි.

නමුත් තමන් ආදරය කරන අයව හොඳින් රැක බලා ගන්නා මනා බුද්ධියෙන් කටයුතු කරන ආදරයේ දී නිදහස බලාපොරොත්තු වන අයයි.

ආරක්ෂක, ඉංජිනේරු, ගුරු, වෛද්‍ය ආදී රැකියාවන් සුදුසුයි.

උපුටාගැනීමක් 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post





Edex


Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top