ජනප්‍රිය තරු වලට ආදරේ කරන්න අය ඕන තරම් ඉන්නවනේ.එහෙම වෙලත් මුළු ජීවිත කාලෙම තනිකඩව ඉන්න අයත් කලා ලෝකේ ඕන තරම් ඉන්නවා.ඒ අතරින් කෙනෙක් තමයි ජනප්‍රිය ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත.හැබැයි ඉතින් අදින් පස්සෙනම් අපිට ප්‍රින්ස් තනිකඩයි කියලා කියන්න වෙන්නෑ.ඒ ගැන කියන්න කලින් ඇයි මෙච්චර කාලයක් ඔහු විවාහයක් ගැන හිතුවේ නැත්තේ? ඔන්න ඔය ප්‍රශ්නෙට ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ උත්තරය දැනගමු ....
ප්‍රින්ස් -:
ඒකට හේතුව ඒ කාලේ ගොඩක්ම මං හිතුවේ කලාව ගැන විතරයි.අපේ තාත්තා නැති වෙනකොට අපේ පවුල ආර්ථිකව ගොඩක් වැටිලා තිබුනේ.ඉතින් මං කලේ අපේ පවුල ආර්ථික පැත්තෙන් ඉහලට ගත්තු එක.තරුණ සේවා සභාවට යන්න මට ලියුම එද්දිත් මං ගැනු ළමයෙක් එක්ක අතිශය ලොකු සම්බන්දතාවයක් පවත්වා ගෙන ගියා විවාහ වෙන බලා පොරොත්තුවෙන්.මට ඕන වුනේ ඒ සබදතාවයත් තියාගෙනම මගේ ගමන යන්න.ඒත් එයාලගේ ගෙදරින් ගොඩක් හදිස්සි කළා විවාහ වෙන්න.මං ඒකට සුදානම් නැති නිසා ඒ ගැනු ළමයා මගෙන් අහලම වෙන කෙනෙක්ව කසාද බන්දා.ඇත්තටම මං එදා කසාද බන්දනම් මට අද ගායකයෙක් වෙන්න බැ.
ප්‍රශ්නය -:
දැන් ඔබ ජනප්‍රිය ගයකයෙක්,ආර්ථික අතිනුත් ශක්තිමත්.තාමත් අමතක කරලද තියෙන්නේ විවාහය ගැන?
ප්‍රින්ස් -:
නැ.දැන් ඒකට තමා මුල් තැන දීලා තියෙන්නේ.ඒ හැම දෙයක්ම දැන්සුදානම්.ඇය සංගීත ගුරුවරියක්. මටත් තරුණ සේවා සභාවෙන් ගුරු පත්වීමක් ලැබුනා.කාර්යබහුල නිසා මං භාරගත්තේ නැ.අපේ අම්මයි තාත්තයිත් ගුරුවරු.ඒ නිසා මං හිතනවා මේ ගත්තු තීරණය හරි කියලා.අපි දෙන්නා එකම ඉස්කෝලෙකට ගියේ.ඇය මට වඩා අවුරුදු දෙකකට පහල පන්තියේ හිටියේ.ඒ කාලේ පොඩි හිතවත්කමක් තිබුනා.ආදරයක්ම නෙමේ.කැම්පස් යද්දී වගේම ගුරු පත්වීම ලැබුනට පස්සෙත් එයා මට ලියුම් එව්වා.ඒ වගේම ඇය වෙන කා එක්කවත් යාලුවෙලත් නැ.අනික මං වගේම ඇය ත් කසාදය ගැන හිතලත් නැ.ඒ නිසා අපි දෙන්නා 100% ක් ම ගැලපෙනවා. ගොඩක් වෙලාවට මේ අවුරුද්දේ හරි 2015 දී හරි අපේ විවාහය සිද්දවෙයි.
ප්‍රින්ස් උදය ප්‍රියන්ත ජනප්‍රිය ගායිකාවක් එක්කත් සම්බන්දතාවයක් තිබුනා කියලා පහුගිය දවස්වල කතාවක් තිබුනනේ.ඔහු නම් කියන්නේ ඒක තිබුනේ හරිම කෙටි කාලයයි.දැන් ඔවුන් යාළුවො වගේ ඉන්නවා කියලා.කොහොම වුනත් පමා වී පැමිණි මේ වසන්තය ගැන ප්‍රින්ස් අපිත් එක්ක කිව්වේ මේ වගේ කතාවක්...
මං ඇති තරම් නිදහසේ හිටියා.ජිවිතේ වින්දා,විනෝද වුනා.දැන් තමයි විවාහ ජිවිතේ රස විඳින්න හදන්නේ...