Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Dec
15
තම මවගේ අනියම් සැමියාට මිරිස් කුඩු ගසා පිහියෙන් ඇන ඝාතනය කළ පුතාට සහ සඟයන්ට වැඩ වැරදුන හැටි

- තම මවගේ අනියම් සැමියාට මිරිස් කුඩු ගසා පිහියෙන් ඇන ඝාතනය කළ පුතාට සහ සඟයන්ට වැඩ වැරදුන හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views
නිවසේ පිටුපස දොරටුව අසලට වී එළියට එනතෙක් රැක සිටියා.......

සාක්ෂි ඉතුරු නොවෙන්න අත් ආවරණ පැළඳගෙන.......

ඉකුත් අගෝස්තු මස 16 වෙනි දින රාත්‍රි 9.30 ට පමණ කතරගම දෙටගමුවේදී කිසියම් පිරිසක් විසින් බිරිඳ නාන කාමරයක සිර කර තබා විශ්‍රාමික ආබාධිත හමුදා සෙබළෙකු වූ සම්පත් නමැත්තා ඝාතනය කර තිබුණේ ඔහුගේ මුහුණට මිරිස් කුඩු දියර ගසා බිම ඇද වැටුණු පසු පිහි පහර කිහිපයක් එල්ල කරමිණි.

මෙම ඝාතනය සිදුව මාස දෙකහමාරකට ආසන්න කාලයක් ගතවුවද එහි පරීක්ෂණ කටයුතු මෙහෙයවූ කතරගම පොලිසියට කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ සැකකරුවන් මෙම ඝාතනය ඉතා සූක්ෂම අයුරින් සිදු කර තිබීම නිසාය. මේ හේතුව නිසාම එවකට තංගල්ල කොට්ඨාසභාර පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළ එල්. වයි. ලීලවංශ මහතා විසින් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට මෙහි ඉදිරි පරීක්ෂණ කටයුතු පැවරුණි. ඒ අනුව එම කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දයානන්ද මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කටයුතු එකින් එක ආරම්භ කෙරිණි. මාස එක හමාරක පමණ කාලයක් තිස්සේ කතරගම අවට වෙස්වලාගෙන පොලිස් නිලධාරීන් සම්පත්ගේ ඝාතකයන් සොයන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය 02 වන දින මෙම ඝාතනයේ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට තංගල්ල කොට්ඨාස අපරාධ ඒකකයේ නිලධාරීන් සමත් විය.

සම්පත් යුද හමුදාවට එක් වූයේ ඔහු තුළ ඊට තිබූ දැඩි ආශාව නිසාය. ඔහුට කොළඹ ප්‍රදේශයේදී මුණ ගැසුණු රූමත් තරුණියක හා පෙමින් වෙලී එය කෙලවර වූයේ විවාහයෙනි. සම්පත් හා අදාළ තරුණිය හා පැවති යුග දිවිය වැඩිකලක් යන්නටත් මත්තෙන් කෙළවර කරන්නට සිදු වූයේ සම්පත් තුළ තිබූ සල්ලාලකම නිසා බව බොහෝ දෙනකු පැවසීය. අරක්කු සිගරට් තියා මස් මාළු ටිකක්වත් නොකෑ සම්පත් කාන්තාවන්ට දැඩි ලෙස ඇළුම් කළ අයෙකි. යුද හමුදාවේ සේවය කරමින් සිටි සම්පත් යුද බිමේදී ආබාධිතයෙකු බවට පත් වූයේද මේ අතර තුරය. ඒ කකුලකට සිදු වූ හානියක් හේතුවෙනි. මේ හේතුව නිසාම යුද හමුදාවෙන් විශ්‍රාම ගිය සම්පත් පදිංචියට ආවේ කතරගමටය. කතරගම පදිංචියට ආ සම්පත් නිතර නිතර විවිධ කටයුතු සඳහා කොළඹ ආ ගියේය.

නිවසේ පැවති අගහිඟකම් හේතුවෙන්ම සෙල්ලකතරගම පදිංචි කල්‍යාණිද කොළඹ ප්‍රදේශයට ගියේ ගාමන්ට් එකක වැඩට යන්නටය. ගාමන්ට් එකේ වැඩකරමින් සිටි කල්‍යාණිට දිනක් සම්පත් හමුවන්නේ අහම්බෙන් මෙනි. කොළඹදී හමුවන මේ දෙදෙනා අතර දැඩි හිතවත් කමක්ද ගොඩ නැගුනේ දෙදෙනාටම නොදැනිය. ඒ හිතවත්කම අන්තිමේදී කෙළවර වූයේ දෙදෙනා එක්ව පවුල් කෑමෙන්ය. කල්‍යාණි යනු ඒ වන විටත් විවාහ වී දරුවන් දෙදෙනකු සිටින මවකි. කල්‍යාණි සම්පත් සමග දීග කෑවේ දෙදෙනාම සිය මුල් විවාහ වලින් නීත්‍යනුකූලව ඉවත් නොවීය. වසර 08 කට පමණ ආසන්න කාලයක් දෙදෙනා එකට පවුල් කෑ අතර සම්පත්ට දාව කල්‍යාණිට පුතෙකුද බිහි වූයේ මේ අතරේදීය. කාලයත් සමග දෙදෙනාගේ පවුල් ජීවිතයට කණකොකා හඬන්නට වූයේ කුමක්දෝ පෙර කරන ලද පවක් පඩිසන් දෙන්නට මෙනි. කල්‍යණි හා සම්පත් අතර පැවති ආරවුල දිනෙන් දින වැඩි වන්නට විය. අන්තිමේ එය කෙළවර වූයේ සම්පත් කල්‍යාණිව ගෙදරින් එළවා දමමිණි.

සම්පත් කල්‍යාණි ගෙදරින් එළවා දැමුවත් ඔහුට දාව ලැබුණු පුතා ළඟ තබාගත්තේය. දරුවා ලබා නොදීම නිසා කල්‍යාණි දරුවා ඉල්ලා අධිකරණයේ පිහිට පැතීය. මෙම පවුල් ආරවුල පිළිබඳව තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුව විභාග වෙමින් පැවති අතර දෙදෙනාගේම ඉල්ලීම් සලකා බැලූ තිස්සමහාරාම මහෙස්ත්‍රාත්වරිය සඳුදා සිට සිකුරාදා දක්වා දරුවා සම්පතක් භාරයේ තැබීමටත් සිකුරාදා සිට සඳුදා දක්වා දරුවා කල්‍යාණි භාරයේ තබා ගැනීමටත් නියෝග කෙරුණේ නඩු විභාගය අවසන්ව තීන්දුවක් ලබා දෙනතෙක්ය.

සම්පත් කල්‍යාණිව ගෙදරින් එළවා දැමීම නිසා කල්‍යාණි ඇයට අයත්ව තිබූ සෙල්ලකතරගම ප්‍රදේශයේ නිවසේ පදිංචිව සිටියේය. මේ අතරවාරයේ සම්පත් සෙල්ලකතරගම පදිංචි එරංගා නමැති කාන්තාවක් හා ඇයි හොඳයියක් පවත්වාගෙන ගියේය. එරංගාද මීට පෙර විවාහ වී සිටි එක් දරු මවකි. සම්පත් කිසිදු හිරිකිතයකින් තොරව එරංගාද නිවසට කැන්දාගෙන ආවේය. කල්‍යාණිව ගෙදරින් එළවා දැමූ සම්පත් එරංගා සමග පවුල් කන්නට වූයේ අලූත බැඳපු ජෝඩුවක් මෙනි.

සම්පත් ගෙදරින් එළවා දැමීම නිසා කල්‍යාණි පසු වූයේද දැඩි කෝපයෙනි. සෙල්ලකතරගම පිහිටි ඇයගේ නිවසේ ඇය තනියම සිටින නිසා ඇයගේ තනියටත් එක්ක කල්‍යානිගේ අක්කගේ දුව වූ සුද්දී එම නිවසේ පදිංචියට ආවාය. සුද්දි යනු මීට පෙර විවාහ වී කසාදය ඇරී සිටි තරුණියකි. කල්‍යාණිගේ තනි නොතනියට සෙල්ලකතරගමට ආ සුද්දිට අමුත්තෙකු හමුවිය. ඒ තණමල්විල හම්බෙගමුව පදිංචි 28 හැවිරිදි මුදිත කුමාර නමැත්තාය. මුදිත යුද හමුදාවෙන් පලාවිත් සිටින අයෙකි. දෙදෙනා අතර තිබූ ඇයි හොඳයිය නිසාම දෙදෙනා අඹුසැමියන් ලෙස කල්‍යාණිගේ ගෙදර නතරවිය.

මෙලෙස සිටින අතරවාරයේ දිනක් කල්‍යාණි තමන්ට සම්පත් සිදුකළ අසාධාරණය පිළිබඳව මුදිත හා සුද්දී සමග කීවේ දැඩි කනගාටුවෙන් යුතුවය. කල්‍යාණිගේ මේ කතාව අසා සිටි යුද හමුදාවෙන් පලාවිත් කල්‍යාණිගේ ගෙදර නැවතී සුද්දි සමග පවුල් කමින් සිටි මුදිත එකවරම කීවේ මේකට නිකන් ඉඳලා බෑ. මොකක් හරි කරන්නට ඕනේ කියාය. ඒ අනුව සියල්ල සැලසුම් කළ මුදිත කොළඹ පානදුර ප්‍රදේශයේ රැකියාවක් සිදුකරන කල්‍යාණිගේ මුල් කසාදයේ දරුවෙකු වූ 23 හැවිරිදි සංජුල මදුෂංක නමැත්තාට දුරකථන ඇමතුමක් දුන්නේය. ඒ 2019.08.15 වන දින රාත්‍රිය. සංජුල අම්මට පොඩි කරදරයක්. ඔයා අදම ගෙදර එන්නැයි මුදිත සංජුලට කීවේය. මුදිතගෙන් ලද දුරකථන ඇමතුමත් සමග දෙපාරක් නොසිතූ සංජුල 16 වෙනිදට එළිවෙන්න කතරගම ආවේය.

අගෝස්තු 16 යනු සිකුරාදා දිනයකි. අධිකරණ නියෝගයට අනුව සම්පත් සිය දරුවා සිකුරාදා උදේ කල්‍යාණිට දිය යුතුය. සුපුරුදු පරිදි සම්පත් දරුවා රැගෙනවිත් 16 වෙනි දින පෙරවරුවේ කල්‍යාණිට දී යන්න ගියේය. මේ වන විට කල්‍යාණිගේ පෙර කසාදයේ පුතා හා මුදිත එක්ව සම්පත්ට පාඩමක් උගන්වන්න සැලසුමක් සකස් කර තිබුණි. ඒ අනුව මුදිත හා මධුෂංක 16 වෙනි දින උදේ තිස්සමහාරාම නගරයට පැමිණ රුපියල් 850 ක් දී පිහියක් මිලට ගත්තේය. මීට අමතරව වෙස් මුහුණු දෙකක්ද මිලදී ගත් මුදිත හා මධුශංක යළිත් කල්‍යාණිගේ නිවසට ආවේය. ඒ එන අතරවාරයේ නිවස ආසන්නයේ ඇති කඩයකින් මුදිත මිරිස් කුඩු පැකට් එකක්ද මිලදී ගත්තේය. කල්‍යාණිගේ නිවසට ආ දෙදෙනා නිවසේ තිබූ වීදුරු බෝතලයකට මිරිස් කුඩු පැකට් එක දමා වතුරෙන් හොඳින් දියකර ගත්තේය.

තිස්සමහාරාමයෙන් මිලදී ගත් පිහිය, වෙස් මුහුණු දෙක හා දියකරගත් මිරිස් කුඩු බෝතලය බෑගයක දමාගත් මුදිත හා මධුශංක අගෝස්තු මස 16 වෙනි දින සවස 6.30 ට පමණ නිවසින් පිටත්ව ගොස් සම්පත්ගේ නිවස පිහිටි ස්ථානයට මඳක් දුරට වන්නට පිහිටි ගල්තලාවක් මත නතර විය. එහි සිට සියල්ල සැලසුම් කළ මුදිත හා මධුශංක ඔවුන්ගේ සහායට කතරගම මයිලගම පදිංචි 30 හැවිරිදි මහේෂ් කුමාර නොහොත් කේජී නමැත්තාද දුරකථන ඇමතුමක් දී ගෙන්වා ගත්තේය. තිදෙනා එක්ව සියල්ල සාකච්ජා කර සැලසුම් කිරීමෙන් පසු රාත්‍රි 8.30ට පමණ සම්පත්ගේ නිවසට ගියේය. සම්පත්ගේ ගෙදරට යෑමට මත්තෙන් ඔවුන් රැගෙන ගිය වෙස් මුහුණු දෙක කල්‍යාණිගේ පෙර කසාදයේ පුතා වූ මධුශංක හා මහේෂ් කුමාර පැළඳ ගත්තේය. පිහිය අතින් ගත් මුදිත මුහුණු ආවරණයකින් තොරව වැඩට බැස්සේය.

එලෙස ගිය තිදෙනා සම්පත්ගේ නිවසේ පිටුපස දොරටුව අසලට වී සම්පත් එළියට එනතෙක් රැක සිටියේය. මේ අතරවාරයේ මේ තිදෙනා රැගෙන ආ මිරිස් කුඩු බෝතලය සම්පත්ගේ නිවස පිටුපස තිබූ හට්ටියකට දමාගෙන සූදානම් ශරීරයෙන් සිටියේ ලද අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත යුතුව තිබූ නිසාවෙනි. තිදෙනාම එක්ව අත් ග්ලවුස්ද පැළඳ සිටියේ සිද්ධියෙන් පසු සාක්ෂි ඉතුරු නොකරන්නටය. රාත්‍රි 09 ට පමණ එකවරම සම්පත් ගේ පිටුපස දොර විවෘත කළේය. තුවායක් ඇද එළියට ආ සම්පත් ඒ අසල තිබූ නාන කාමරයට ගොස් ඇඟපත සෝදා ගෙන යළි නිවස තුළට ඇතුළු වීය. ඒත් සමගම එරංගාද තුවායක් ඇදගෙන නාන කාමරයට ගියේ ඇඟපත සෝදා ගන්නටය. එහෙත් ඇඟපත සෝදන්නට නානකාමරයට ගිය එරංගාට ඇඟ සෝදන්නට අවස්ථාවක් නොවීය. එකවරම නාන කාමරයට කඩාවැදුණු 23 හැවිරිදි මධුශංක එරංගා ඒ තුළ සිරකරගෙන සිටියේය. ඒත් සමගම අනිත් දෙදෙනා පිටු පස දොරෙන් නිවසට ඇතුළු වීය. මේ දෙදෙනාගේ පැමිණීමත් සමග කලබලයට පත් වූ සම්පත් කුණුහරුප කියාගෙන නිවසේ තිබූ කඩුවක් ගැනීමට දුව ගියේය.

ඒත් සමගම කේජී නොහොත් මහේෂ් කුමාර ඔහු අත තිබූ මිරිස් කුඩු දියර එකෙන් සම්පත්ට ගැහුවේය. ඉන් සම්පත්ට මහා හානියන් නොවුණත් සම්පත් බිම ඇදවැටුනේය. ඒත් සමගම වහා ක්‍රියාත්මක වූ මුදිත ඔහු අත තිබූ පිහියෙන් සම්පත්ට පහර පිට පහර කිහිපයක් එල්ල කර නිවසින් එළියට පැන වැඬේ හරි දුවපල්ලා කියාගෙන දිව ගියේය. පිහි පහර කෑ සම්පත් නිවස තුළ ලේ විලක් මැද ඇද වැටී සිටි අතර එරංගාගේ කෑ ගැසීමේ අසල්වැසියන් එක්ව තුවාලකරු රෝහල්ගත කිරීමට පියවර ගත්තද සම්පත්ට ජීවත්වීමට වාසනාව හිමි නොවිණි.

සිය සැලසුම අවසන් වූ නිසා 16 දින රාත්‍රි කල්‍යාණිගේ පෙර කසාදයේ දරුවා වූ 23 හැවිරිදි මධුෂංක යළි සිය රැකියාව සඳහා පානදුර බලා පිටත්ව ගියේය. මහේෂ් නොහොත් කේජී සිය නිවසට ගියේය. මුදිත රාත්‍රි කල්‍යාණිගේ ගෙදරට වී සිට 17 වන දින උදේ පානදුර බලා පිටත්ව ගියේය. ඒ ගොස් දින කිහිපයක් පානදුර ගතකළ මුදිත මධුෂංක ලබා දුන් දුරකථනයකට සිය සිම්පත දමාගෙන තණමල්විල හම්බේගමුව ඔහුගේ නිවසට ගියේය.

මෙම අපරාධය සිදුව තුන්මසක් ගෙවීමට ආසන්නව තිබූ නිසා සැකකරුවන් සිතුවේ පොලිසියට මෙහි අගමුල සොයා ගැනීමට නොහැකිව ඇතැයි කියාය. එහෙත් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට තංගල්ල කොට්ඨාසයට අලූතින් පත්ව ආ තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය මහතා පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණේ අදාළ සැකකරුවන් කෙසේ හෝ අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙසත් ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් යොදා ගන්නා ලෙසත්ය. ඒ අනුව තංගල්ල කොට්ඨාස අපරාධ මැඬලීම් ඒකකයේ නිලධාරීන් සිය උකුසු ඇස් ලා සිටියේ මෙම ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටය. පොලිස් නිලධාරීන් සැක සහිත දුරකථන අංක කිහිපයකද විශ්ලේෂණ වාර්තා රැගෙන ඒවා දැඩි පරීක්ෂාවකට ලක් කෙරිණි. මීට අමතරව අවට සියලූ සීසීටීවී දර්ශන කෙරෙහිද දැඩි අවධානයක් යොමු කෙරුණි. මේ අතරවාරයේ කල්‍යාණිගෙ පෙර කසාදයේ පුතා වූ මධුෂංක කතරගම ආවේය. පොලිස් විමර්ශන වලදි මධුෂංක කෙරෙහි පොලිසියේ දැඩි අවධානයක් යොමුව තිබුණි. ඒ අනුව ඉකුත් 02 වන දින දහවල් මධුෂංකව පොලිසිය විසින් සැක පිට අත්අඩංගුවට ගැනිණි. අත්අඩංගුවට පත් මධුංශකගෙන් පොලිසිය දිගින් දිගටම ප්‍රශ්න කරන්නට විය. පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ දැඩි අසරණ වූ මධුශංක සියල්ල වමාරන්නට වීය. මධුශංකගේ ප්‍රකාශවලට අනුව සිද්ධියට සම්බන්ධ වූ බව කියන අනිකුත් පුද්ගලයන් දෙදෙනාද පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිණි. අත්අඩංගුවට පත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා බාරදුන්නේ කතරගම පොලිසියටයි. සැකකරුවන් තිදෙනා කතරගම පොලිසිය විසින් තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී තිස්සමහාරම මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කාංචනමාලී සුසන්තා ගුණසේකර මහත්මිය විසින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ 30 හැවිරිදි කහදව ගමගේ මහේෂ් කුමාර, 23 හැවිරිදි හේවා කවිරත්නගේ සංජුල මධුෂංක හා යුද හමුදාවෙන් පලාවිත් සිටින 28 හැවිරිදි මාවෙල මුදියන්සේලාගේ මුදිත කුමාර නමැති සැකකරුවන් තිදෙනායි.

මියගිය සම්පත්ද යුද හමුදාවෙන් විශ්‍රාම ගෙන කතරගමට වී සිට සිදුකළේ එතරම් හොඳ ක්‍රියාවන් නම් නොවන බවද මෙහි ලිවිය යුතුමය. ඔහුට යුද හමුදාවෙන් ලැබුණු වැටුප සිය සල්ලාල ජීවිතය සඳහා ප්‍රමාණවත් නොවීය. ඒ නිසාම සම්පත්ද විවිධ නීති විරෝධී කටයුතු වලට නියැළුනේ කිසිදු බයක් සැකක් නැතිවය. සම්පත් කතරගම සිට කොතල හිඹුටු, අගිල්, සුදුහඳුන් වැනි ශාක කපා කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවලට බෙදා හැරියේ කෙසෙල් කැන් රැගෙන යන මුවාවෙනි. මිය යන විට සම්පත් තිදෙනකු සමගම පවුල් කා තිබුණේය. ඊට අමතරව තවත් කිහිප දෙනකුම සමගමද සම්පත් ඇයි හොඳයිය පවත්වාගෙන ගොස් තිබුණි. මොනවා වුවත් සම්පත් සිය සල්ලාල ජීවිතය නම් අත්හැරියේ නැත. මිල මුදල්ද යහමින් ගැවසුණු නිසා කාන්තාවන් රැසක්ම සම්පත්ට කැමැත්තෙන් සිටියේය. ලස්සනට ගෙවන්න තිබුණු ජීවිතයක් සල්ලාලකම නිසාවෙන් අකාලයේ පොලොවට මිහිදන් වූයේ සමාජය තුළ ඔහු කෙරෙහි මහා කැළලක් ඉතුරු කරමිනි.

තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි අබේපිටිය, සහකාර පොලිස් අධිකාරි සනත් අමරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දයානන්ද, පොලිස් සැරයන් වරුන් වන (33792) සුමනසිරි, (35596) නාමල් පොලිස් කොස්තාපල් වරුන් වන (48327) ගුණසේකර (62427) සිරිවර්ධන, (68664) දේශාන්, (79437) ප්‍රතාපසිංහ, (61929) ඉරේෂ් හා කාන්තා පොලිස් සැරයන් (1992) හර්ෂණි යන නිලධාරීන් එක්ව සැකකරුවන් අත්අඩංගවට ගෙන තිබේ.

"දිවයින"
මත්තල දිලිප් එන් ජයසේකර
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top