මේ මස අවසානයේදී ඇමරිකා එක්සත් ජනපදය සමඟ නැවතත් න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා ආරම්භ කළ හැකි බව උතුරු කොරියාව පවසනවා.
උතුරු කොරියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෝ සොන් හුයි ප්‍රකාශ කළේ ඇමරිකාව සමඟ නව ප්‍රවේශයකින් පරිපූර්ණ සංවාදයක නිරතවීමට අපේක්ෂා කරන බවයි.
කෙසේ නමුත්, ඒ සඳහා දින වකවානු ඔහු ප්‍රකාශයට පත් කළේ නැහැ.
කෙසේ නමුත් එම ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසුව උතුරු කොරියාව තවත් කෙටි දුර මිසයිල දෙකක් අත්හදා බලා තිබෙනවා.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් දේශසීමා ප්‍රදේශයේදී පසුගිය ජුනි මාසයේ හමුවීමෙන් පසු උතුරු කොරියාව සිදුකළ 8 වන මිසයිල අත්හදා බැලීම මෙයයි.
..