මුම්බායි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන කටයුතු කරන අතර කණ්ඩායමේ නීති රීති වලට පටහැනිව කටයුතුකරන ක්‍රීඩාකයින්ට අපූරු දඬුවම් ක්‍රමයක් මහේල විසින් හඳුන්වා දී තිබෙනවා.
මෙම විශේෂිත වූ දඬුවම් ක්‍රමය මහේල විසින් පසුගිය වසරේ පැවති තරඟාවලිය තුල මුම්බායි කණ්ඩායමට හඳුන්වා දුන් අතර මෙවර තරඟාවලිය තුලත් එම දඬුවම් ක්‍රමය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමටයි මහේල තීරණයකර ඇත්තේ.
ඒ අනුව කණ්ඩායමේ නීති වලට අනුව කටයුතු නොකරන ක්‍රීඩකයන් හට විශේෂිත වූ ඉමෝජි කලිසමකින් එනම් හාස්‍යජනක රූප ඇතුළත් කලිසමක් ඇඳීමට සිදුවනවා.
ඒ අනුව එම දඬුවමට යටත් වීමට ශ්‍රි ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංග, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක කිරන් පොලාඩ්, දකුණු අප්‍රිකානු ක්‍රීඩක කුවින්ටන් ඩී කොක් සහ ඉන්දිය ක්‍රීඩක යුවරාජ් සිංට ඊයේ සිදුවුණා.
කණ්ඩායමට නියමිත ජර්සියෙන් සැරසි නොසිටීමේ වරදට ලසිත් මාලිංගට මෙම දඬුවමට යටත් වීමට සිදුවූ අතර කණ්ඩායම් රැස්වීමට ප්‍රමාද වී සහභාගි වූ වරදට යුවරාජ් සිං, කිරන් පොලාඩ් සහ කුවින්ටන් ඩී කොක්ට මෙම දඬුවම විඳීමට සිදුවූ බවයි මුම්බායි ඉන්දියන්ස් නිල ෆේස්බුක් ගිණුමේ දක්වා ඇත්තේ.
ඒ අනුව ඊයේ දිනය පුරා ඉමෝජි රූප සටහන්ව තිබෙන කලිසම් ඇඳ සිටීමට මෙම ක්‍රීඩකයින්ට සිදුවූ බවයි වාර්තා වන්නේ.