‘‘මම මහත්තයා එක්ක නිදාගෙන හිටියෙ..“
‘‘පතෝල කොටුව අස්සෙන් ගිහින් තිබුණෙ..“
‘‘සමහරු කියනවා වැරදිලා කෙටුවා කියලා...“
ග්‍රීස් යකෙකු යැයි පවසා විවාහක පුද්ගලයෙකුට කඩු, පොලුවලින් පහර දුන් පුවතක් වාර්තා වනවා තලගල, ගෝනපල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මේ සිදුවීම වී තිබුණේ පසුගිය අප්‍රේල් මස 1 වැනිදායි.
පහරකෑ පුද්ගලයාගේ බිරිඳ හිරු ගොසිප් වෙත පැවසූ කතාවයි මේ.
‘‘ගමට ග්‍රීස් යකෙක් එනවා. අපි ගමත් එක්ක වැඩිය සම්බන්ධකමක් නෑ. සිද්ධිය වෙච්ච දවසේ රෑ ඉස්සරහ ගෙදරකට ග්‍රීස් යකා ඇවිත් තිබුණා පාන්දර 1.15 ට විතර. මම මහත්තයා එක්ක නිදාගෙන හිටියෙ. මම මහත්තයට කතා කරලා කිව්වා ග්‍රීස් යකා ඇවිත් පොඩ්ඩක් ගිහින් බලලා උදව් කරන්න කියලා. එයා අපේ තාත්තාට කතා කරලා තනියෙන්ම ගියා එළියට. ගේ ළඟ පතෝල කොටුවක් තියෙනව මෙයා ඒක අස්සෙන් තමයි පාරට ගිහින් තිබුණෙ. එයා පාරට එද්දිම හොරා අල්ලන්න ආපු කට්ටිය මූණට ටෝච් එක ගහලා මෙයාට ගහන්න හදලා. පස්සෙ මහත්තයා කියලා මම ඇල ගාව ගෙදර අහවලා කියලා. ඒත් එයාලා මගේ මහත්තයට කඩු වලින් පොලු වලින් කොටලා තිබුණා. පස්සෙ මහත්තයව හොරණ හොස්පිට්ල් එකේ ඇඩ්මිට් කළා. “
‘‘දැන් අපිට ගමේවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නෙ. ගමේ කට්ටියක් කියනවා මෙයා ග්‍රීස් යකා නෙමෙයි වැරදිලා තමයි ගැහුවෙ කියලා. තවත් කට්ටියක් කියනවා මගේ මහත්තයා තමයි ග්‍රීස් යකා කියලා. පොලිසියත් කියන්නෙ මගේ මහත්තයා හොරා කියලා සාක්ෂි නෑ කියලා.“
‘‘ගමේ මිනිස්සු අපි එක්ක කතා කරන්නෙ නෑ. පන්සලේ ලොකු හාමුදුරුවන්ට රුපියල් 15,000 ක් එකතු කරලා දීලා තිබුණා අපිට දෙන්න කියලා. මහත්තයට දැන් ජොබ් එකට යන්න බෑ මැහුම් 8 ක් දාලා තියෙන්නෙ. මගේ පුතාට අවුරුදු 5 යි. අපි අසරණ වෙලා ඉන්නෙ. “