2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ දී ශ්‍රී ලංකාවේ අභිමානය ජාත්‍යන්තරය ඉදිරියේ ඉහළින් තබා මල්ලව පොර තරග ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනූ නෙත්මි අහිංසා දැරිය පසුගියදා මෙරටට යළි පැමිණියා.
එසේ පැමිණි ඇයව පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ඇයගේ පවුලේ සාමාජිකයින් ද එක්ව සිටියා.
නෙත්මිගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතීමට සහ ඇය වෙනුවෙන් උපහාර දැක්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් විශේෂ පිළිගැනීමේ උත්සවයක් ද සංවිධානය කර තිබුණා.
මෙම උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතන පරිශ්‍රයේදියි.
එහෙත් අදාළ උත්සවයට පැමිණීමට ඇයට ප්‍රවාහන පහසුකම් ද නොතිබුණු අතර, ප්‍රවාහන පහසුකම් ලබා දී එම උත්සවයට ඇයව පුහුණුකරු සමග ගෙන යාමට එම ප්‍රදේශයේ (ගිරිඋල්ල) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ වාහනයක් ලබාදීමට එකඟ වී තිබුණා.
නමුත් ඇයවත් නොදන්නා යටි කූට්ටු දේශපාලනික අරමුණක් ඒ වනවිටත් සිදුවෙමින් පැවතුණා.
රටක් ආදරය කරන නෙත්මිව ඇයටවත් නොදන්වා, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැත්වීමට සූදානම් කර තිබූ උත්සවයට ගෙන නොගොස්, ඇයව එම වාහනයෙන් මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙත ගෙන යාමටයි පොදුජන පෙරමුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා කටයුතු කර ඇත්තේ.
පසුව නෙත්මි අහිංසා හා ඇයගේ ක්‍රීඩා පුහුණුකරු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හමු වූ අවස්ථාවේ ඡායාරූප ඒ මොහොතේ ම ප්‍රසිද්ධිය හා ප්‍රචාරණය සඳහා සමාජ මාධ්‍ය වෙත ද මුදාහැරීමට මෙම වංචනිකයෝ කටයුතු කළා.
කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් නෙත්මි අහිංසා පසුව ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පැමිණි අවස්ථාවේදී දැනුවත් කර ඇති අතර, එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම ක්‍රීඩා බලධාරින් ද ඇයට සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කර තිබෙනවා.