සිංහරාජ වැසි වනාන්තර සීමාවේ පිහිටා ඇති දොඹගොඩ, ලංකාගම ගම්මාන යා කරමින් ගිංගඟේ ප්‍රධාන අතු ගංගාවක් හරහා ඉදිකර තිබූ මෙදේරිපිටිය පාලම මීට ටික වේලාවකට පෙර කඩා වැටුණු බව වාර්තා වනවා.
1980 වර්ෂයේ දක්ෂිණ සංවර්ධන අධිකාරියේ මූල්‍ය ප්‍රතිපාදන යොදා ගනිමින් ඉදිකළ මෙම පාලම මඟින් දෙණියාය මෙදේරිපිටිය හරහා නෙළුව දක්වා ගමන් පහසුකම් සැලසුණා.
සැහැල්ලු වාහන පමණක් යා හැකි ලෙස ඉදිකෙරුණු මෙම පාලම 2003 වසරේ සිදු කෙරුණු පුළුල් කිරීමත් සමඟ ඒ හරහා බර වාහන ගමනාගමනයට ඉඩ කඩ ලැබුණා.
කෙසේ වෙතත් මීට මාස දෙකකට පමණ පෙර මෙම පාලමේ තත්ත්වය නිරීක්ෂණය කළ මාර්ග ඉංජිනේරුවන් එම පාලම යතුරු පැදි හා පා පැදි සඳහා පමණක් භාවිත කරන ලෙස සීමා පනවා තිබුණා.
ඒ අනුව එම පාලමට බර වාහන ඇතුළු කළ නො හැකි වන සේ බාධක යොදා තිබූ අතර, ගම්වාසින් විසින් එම බාධ ඉවත් කර නැවතත් බර වාහන සදහා මාර්ගය විවෘත කරගෙන ඇති බවට යි පැවසන්නේ.
අද දින පාලමේ එක් කොටසක් කඩා වැටී ඇත්තේ ද ඒ මතින් ටිපර් රථයක් ගම කරන අතර වාරයේ යි.
මේ අනතුර හේතුවෙන් ටිපර් රථය ද පාලම කඩා වැටී ඇති පහළ කොටසේ සිර වී තිබෙනවා.
කෙසේ වෙතත් පාලම කඩා වැටීම හේතුවෙන් ටිපර් රථයට හෝ එහි ගමන් ගත් කිසිවෙකුටත් තුවාල සිදු වී නෑ.