මීගමුව සින්නඩිතෝට්ටම් දූපත ආරක්ෂා කරගැනීම වෙනුවෙන් හඬනැගීමත් සමඟ "වනජීවී නෝනා" නමින් රටපුරා ජනප්‍රිය වූ දේවානි ජයතිලක පසුගිය දා සිය ෆේස්බුක් ගිණුමෙහි තැබු සටහනත් සමඟ බුකීය උණුසුම්වී තිබෙනවා.
පසුගියදා ඇය, සටහනක් තබමින් කියා සිටියේ, "ලංකාගම ඉඩමකට මගේ නමින් ඇති එකම ඉඩම හුවමාරු කර එය සිංහරාජයට පැවරීමට කැමති. හුවමාරුවට කැමති අයෙක් අමතන්න" යනුවෙනුයි.
සිංහරාජ වනාන්තර සීමාවේ පිහිටා ඇති ලංකාගම දක්වා දිවෙන නව මාර්ගය සම්බන්ධයෙන් පසුගිය දිනවල බොහෝදෙනෙකුගේ කතාබහට ලක්වූවා.
මේ වනවිට ඇය වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගම්පහ කාර්යාලයේ දිසා වනජීවී නිලධාරිනිය ලෙසින් රාජාකාරී සිදුකරනවා.
ඇයගේ මෙම ප්‍රකාශයත් සමඟ බුකියේ Memes නිර්මාණය වී තිබුණේ මෙලෙසයි...