හුංගම, රන්න, වාඩිගල ප්‍රදේශයේ නිවසක දී තියුණු ආයුධවලින් පහර දී යුවලක් ඝාතනය කිරීමේ සිද්ධියේදී වෙඩිතැබීමකුත් සිදුව ඇති බව අනාවරණය වී තිබෙනවා.
ඒ, මියගිය කාන්තාවගේ සිරුරේ තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩයක් සොයා ගැනීමත් සමගයි.
පොලිසිය සඳහන් කළේ මෙම සිද්ධියට ප්‍රධාන සැකකරු ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ වෙඩි තැබීම සඳහා යොදා ගත් බව කියන ගල් කටස් වර්ගයේ ගිනි අවියද සොයාගෙන ඇති බවයි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා රන්න ප්‍රදේශයේ සිය මිතුරෙකුගේ නිවසේ මියගිය කාන්තාව සමග රැඳී සිටියදී මුහුණු ආවරණය කරගත් පස් දෙනෙකු නිවසට ඇතුළු වී ඊයේ අලුයම මෙම ඝාතනය සිදුකර තිබුණා.
ඝාතනයට ලක්වූ 28 හැවිරිදි පසිඳු හේෂාන් හෙවත් බෝ පසිදු නමැත්තා රන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර 26 හැවිරිදි කාන්තාව තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
බෝ පසිදුනැමැත්තාට අදුපැලෑනේ බිංදු විසින් වෙඩි තැබීමට සූදානම් වූ අවස්ථාවේ දී අදාල කාන්තාව ඒ අසලට පැමිණීම හේතුවෙන් ඇයට මෙලෙස වෙඩි වැදී ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
මත්ද්‍රව්‍ය සම්බන්ධනයෙන් ඇතිවූ ආරවුලක් සහ අනියම් පෙම් සබඳතා හේතුවෙන් මෙම ඝානනය සිදුකර ඇති බව මේ දක්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇති අතර ඝාතනයට ලක්වූ බෝ පසිඳු සහ ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරු ලෙස හැදින්වෙන අදුපැලෑනේ බිංදු කලක් හොඳම මිතුරන්ව සිට තිබෙනවා.
ඝාතනයට ලක්වූ පුද්ගලයාට එරෙහිව ප්‍රදේශයේ පුද්ගල ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවත් මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මීට පෙර පොලිස් අත්අඩංගුවට පත්වූ අයෙක් බවත් පොලිසිය සඳහන් කළා.
මොහු 2024 වසරේ මාර්තු මාසයේදී රන්න නිදහස්ගම නැගෙනහිර කහඳමෝදරදී බෝට්ටු ස්කිපර්වරයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙසද නම් කර තිබෙනවා.
එදින ඝාතනයට ලක්වූ බෝට්ටු ස්කිපර්වරයා හා මෙම සැකකරු එකම කාන්තාවක සමඟ සම්බන්ධකමක් පවත්වා ඇතැයි ද තොරතුරු වාර්තා වන බව පොලිසිය සඳහන් කළා.