රටවල් දෙකක් අතර සැතපුම් 5,000 කට වඩා වැඩි දුරක් ගමන් කරමින් රෝහලක සේවය කරන හෙදියක් පිළිබඳ පුවතක් ස්වීඩනයෙන් වාර්තා වනවා.
ඇය මෙලෙස දිගු ගමනක් යන්නේ ස්වීඩනයේ සිට කැලිෆෝනියාවේ රෝහලකටයි.
ඇය පිට පිට දින අටක් සේවය කරන අතර, පැයකට ඩොලර් 100 කට වඩා වැඩි මුදලක් උපයන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
කෝට්නි එල් රෆායි 32 හැවිරිදි කාන්තාවක්.
ඇය නොමේරූ ළදරු දැඩි සත්කාර ඒකකයේ හෙදියක් ලෙස සේවය කිරීම සඳහා සෑම සති හයකට වරක් සැතපුම් 5,300 ක් පමණ ඈතින් පිහිටි සැන් ෆ්රැන්සිස්කෝ රෝහලකට ගමන් කරනවා.
ඇයගේ සේවා මුර, එක් කාලසටහනක අවසානයේ සහ ඊළඟ කාලසටහනේ ආරම්භයේ වැඩ කිරීම මගින් එකට එකතු කර දින කිහිපයකින් තම පැය ගණන සම්පූර්ණ කරනවා. ඉන්පසු ගෙදර යන ඇය දින 10 ක් පමණ කැලිෆෝනියාවේ ගත කරනවා.
ඇය සඳහන් කළේ මෙම ගමන ඇත්තෙන්ම අසීරු වුවත්, නැවත නැවතත් සිදුවන රටාවකට අනුව දින 10 ක් වැඩ කිරීමෙන් පසුසති හයක් නිවාඩු ඇති බව සිතීම උත්තේජනයක් බවයි.
රෝහල පිහිටි ප්‍රදේශයට වඩා ස්වීඩනයේ ජීවන වියදම අඩු බැවින්, ඇගේ වැටුපෙන් ඇගේ බිල්පත් සහ රැකියාවට එන-යන ගුවන් ගමන සඳහා වැය වනඩොලර් 450 ක ගාස්තුවආවරණය වන බව ඇය පවසනවා.
ඇගේ ස්වාමිපුරුෂයා සහ දියණිය දෙසැම්බර් මාසයේදී යුරෝපයට ගිය දා සිට, ඇයට රැකියාව සහ ජීවිතය අතර වැඩි සමතුලිතතාවයක් භුක්ති විඳින බවයි ඇය පවසන්නේ.
එල් රෆායිට අනුව, "මට මූලික වශයෙන් හැඟෙන්නේ මම ගෙදර ඉන්න අම්මා කෙනෙක් වගේ, නමුත් මම තවමත් රැකියාවක් කරන අම්මා කෙනෙක්.. 9 සිට 5 දක්වා වන කිසිදු රැකියාවකින් එය මට කිසිදා ලබා නොදෙන දෙයක්".
සුපිරි සංචාරකයින් ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන්නේ රැකියාව සඳහා මිනිත්තු 90 කට වඩා ගමන් කරන පුද්ගලයන්. ඇයත් ඊට අයත්.
ට්රේන්ලයින් විසින් කරන ලද පර්යේෂණයකින් හෙළි වූයේ එංගලන්තයේවසංගතයට පෙර සිට සසඳන විටපැය තුනකට වඩා වැඩි කාලයක් ගමන් කරන පුද්ගලයින් සංඛ්‍යාව දෙගුණයක්වී ඇති බවයි.
වසංගතය අතරතුර බොහෝ අය ලාභදායී, වඩා ඉඩකඩ සහිත ප්‍රදේශවලට ගිය අතර, නමුත්නැවත කාර්යාලයට පැමිණීමේ (RTO) නියෝග සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන බැවින්, සමහරු නැවත තම පවුල්වලින් මුළුමනින්ම ඈත්වීමට අකමැති වී, ඒ වෙනුවට දුම්රියෙන්, ගුවන් යානයෙන් හෝ මෝටර් රථයෙන් දිගු ගමන් බිමන් යාමට පියවර ගෙන තිබෙන බව එහි සඳහන්.
තවද රැකියා වෙළඳපොළ හේතුවෙන් සේවකයන් රැකියාවලින් ඉවත් වීම පිළිබඳව වඩාත් ප්‍රවේශම් වී තිබෙනවා. මෙයරැකියා වැළඳ ගැනීම (job hugging) ලෙසයි හැඳින්වෙන්නේ.