අද දිනයේ මේ වචන හුවමාරුව සම්බන්ධව ඔහු සමාව අයදින බව ප්‍රකාශ කරමින් තවත් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා
.
“මම ඊයේ පිටකොටුව බස් නවත්වන තැන කාර් එක නවතා සිටියා. ඒ වෙලාවේ ඇති වුණ කාර්මික දෝෂයක් නිසා තමයි එහෙම වුණේ..
ඉතින්මේ වෙලාවේ ටැෆ්‍රික් පොලීසියේ මහත්තයෙක් ඇවිත් මගේ කාර් එක ගන්න කියන අවස්ථාවේ තමයි මේ වගේ සිදුවීමක් වුණේ.මම මේ සම්බන්ධව සමාව ඉල්ලනවා. ඊයේ මේ සිදුවීමත් එක්ක බොහෝ අය මට බැනලා තිබුණා. මේ රටේ ජනතාව කොයි තරම් ප්‍රශ්න ගොඩක ඉන්නවද? ඒවා ගැන කතා නොකර මගේ ප්‍රශ්නය අල්ලගෙන දගලනවා.
කොහොම වුණත් මම ඒ වෙච්ච සිදුවීම සම්බන්ධව නැවත නැවතත් සමාව ඉල්ලනවා. මම පිටකොවුව පොලීසියේ ඕ.අයි.සී මහත්තයටත් කතා කළා. මම වරදක් කරල තියෙනවා නම් මට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියලත් මම එතුමාගෙන් ඉල්ලා සිටියා. ඇත්තටම එතුමා ඒ වනවිටත් මේ ගැන දැනුවත් වි සිටියේ නැහැ. මම නැවතත් ඒ වෙච්ච දේ ගැන ඒ පොලිස් නිළධාරී මහත්තයාගෙනුත් සමා ඉල්ලනවා.
”