Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Apr
24
මට මාවම නැතිවෙලා කියලා තේරුණාම මම හැම දෙයක්ම ටික කාලයකට නවත්තල දාන්න තීරණය කළා

- මට මාවම නැතිවෙලා කියලා තේරුණාම මම හැම දෙයක්ම ටික කාලයකට නවත්තල දාන්න තීරණය කළාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

36 Views
*මාසෙකට ඩොලර් ලක්ෂ 5කට වඩා හම්බ කරපු වැනෙස්සා (Vanessa Lau) හදිසියේම බිස්නස් එක වහලා දැම්මේ ඇයි?

වැනෙස්සා ලාවු (Vanessa Lau) කියන්නේ මීට අවුරුදු 2-3කට කලින් මම ආසාවෙන් follow කරපු Youtuber කෙනෙක්. 1994 උපන්, නැගෙනහිර ආසියාතික සම්භවයක් තියෙන, කැනඩාවේ හොඳ company එකක ඉහළ පඩි ලබන රස්සාවක් කර කර හිටපු වැනෙස්සා එක පාරටම රස්සාවෙන් අයින් වෙනවා. ඊට පස්සේ coffee shop එකක barista කෙනෙක් හැටියට වැඩ කරන ගමන් Youtube channel එක කරනවා,
අවුරුද්දක් ඇතුළත channel එකේ ලා subscribers 100,000 සීමාව ඉක්මවනවා. 2023 වෙද්දි Youtube subscribers ලා 500,000 යි, Instagram followers ලා 250,000 යි. බිස්නස් එකෙනුයි චැනල් එකෙනුයි ඩොලර් ලක්ෂ ගණන් උපයනවා.
හැබැයි 2023 දවසක වැනෙස්සා Youtube Videos දාන එක නවත්වනවා. බිස්නස් එකත් වහනවා. Website එකට ගිහිල්ලා බැලින්නම් “on sabbatical” කියලා තියෙනවා.ගිය තැනක් හෝ කරන දෙයක් කවුරුත් දැනන් හිටියේ නෑ.
එයා ආපහු එයි කියලා කවුරුත් හිතුවෙත් නෑ.
ඒත් අවුරුද්දකට පස්සේ, 2024 දී එයා ආපහු වීඩියෝ එකක් දාල වෙච්ච දේ පැහැදිලි කරනවා.
“මගේ පුංචි යූටියූබ් චැනල් එක, මම නොදැනුවත්වම සේවකයෝ වැඩ කරන company එකක් වෙලා තිබුනා. ඒ නිසා ඒ සේවකයෝන්ගේ ජීවිතය මගේ company එක මත රැඳෙනවා නේද කියන සිතුවිල්ල මගේ ඔළුවේ නිතරම තිබ්බ. ඒකත් එක්ක ආපු pressure එක නිසා මම වර්තමානය ගැන හිතන්නේ නැතුව අනාගතය ගැන නිතරම වද වෙන්න පටන් ගත්තා...ඉස්සර මම චැනල් එක පටන් ගත්ත කාලේ දෙයක් achieve කරාම ඒ ගැන මාර හැඟීමක් දැනුනා.ඒත් ටිකෙන් ටික ඒ සතුට නැතිවුනා (stress එක නිසා)... “
“මට වඩා සාර්ථක influencers ලා සැබෑ ජීවිතේදි හම්බුණාම "අනේ මම එච්චර දේවල් කරලා නෑ නෙ" කියලා හීනමානයක් එන්න ගත්තා. .. හීනමානෙත් එක්ක තව තව හම්බ කරන්න pressure එක වැඩි වුනා.අන්තිමට මම තේරුම් ගත්ත මගේ ජීවිතේ ගොඩක් දේවල් අනුන් වෙනුවෙන් කරන performance එකක් විතරයි කියල.මට මාවම නැතිවෙලා කියලා තේරුණාම මම හැම දෙයක්ම ටික කාලයකට නවත්තල දාන්න තීරණය කළා. “
ඒ ඉගෙනගත්තු පාඩම් හිතට අරගෙන එයා දැන් නැවත බිස්නස් එක පටන්ගෙන සාර්ථකව කරගෙන යන්වා.
අද පරම්පරාවේ තරුණ තරුණියෝ ගොඩක් ලොකු හීන දකිනවා. සමහරුන්ට ඕනේ 25 වෙද්දි Facebook වගේ ලොකු company එකක් ලංකාවේ හදල, බිලියනපතියෙක් වෙලා ලෝකෙ හැමතැනම travel කරන්න. තව සමහරුන්ට ඕනෙ 35 වෙද්දි රටේ ජනාධිපති වෙන්න. මේවා නරක හීන වත්, මෝඩ හීන වත් නෙවෙයි. රජයෙන් රස්සා ඉල්ල ඉල්ල පෙළපාළි යනවාට වඩා තමන්ගේ ටාගට් එකකට වැඩ කරන්න කොන්දක් තියෙන එක ගැන මම නම් අවංකව සතුටුයි.
ඒත් අපි ඒ දකින හීන අපේම හීනද?
ඉස්සර අපිට pressure එක තිබ්බේ අම්මලාගෙන් සහ පන්තියේ යාලුවන්ගෙන් විතරයි. දැන් social pressure එක 24 පැයේම අපි අතේ තියාගෙනයි ඇවිදින්නේ. Tiktok Instagram වල "Youngest Billionaire, Youngest Scientist, Millionaire Youtubers” ල, සහ එයාලා කරන සුපිරි දේවල්, යන සුපිරි තැන්, කන බොන සුපිරි දේවල් ගැන රස කතා පිරිලා. ඉතින් අපි ඇතුලේ දුකක්, හීනමානයක් තියෙන කොට මේ වගේ දේවල් දැක්කම, අපි ඒ මූසල හැඟීම මහ විශාල හීනයකට පෙරළ ගන්නවා. "මම ලෝකෙ කෙරුමෙක් වෙලා හැමෝටම පෙන්නනවා" කියලා අපි හිතනවා.
ඒත් මේ වගේ “හීනමාන හීන” අපි දකින්න ගත්තහම, ඒව පස්සේ යන්න ගත්තහම අපිට අපිව නැති වෙනවා. ජීවිතය නීරස රේස් එකක් වෙනවා.
අපි හැමෝම එක වගේ නෑ. අපේ දක්ෂතා වෙනස්.ඒ වෙනස් දක්ෂතා ලෝකෙට අවශ්‍ය වෙන කාලය අපේ තරුණ කාලෙ නොවෙන්න පුළුවන්. ඉස්සර ලස්සනට අකුරු ලියන්න පුළුවන් අයට තැනක් තිබ්බා. ඊට පස්සේ තැන තිබ්බේ සිතුවිලි අකුරු කරන්න පුළුවන් අයට. දැන් AI නිසා තැනක් හැදෙන්නේ හොඳට හිතන්න පුළුවන් අයට. ඒ වගේ, අපි නොහිතන විදිහට අපිට opportunities ලැබෙන්නත් පුළුවන්, මගහැරෙන්නත් පුළුවන්. ඒ ඔක්කොමටම මුහුණ දෙන්න අපිට broad skillset එකක් විතරක් නෙවෙයි, හොඳ පෞරුෂයකුත් ඕනෙ වෙනවා. ඒවා දවසින් හෝ අවුරුද්දෙන් දෙකෙන් හදාගන්න පුළුවන් දේවල් නෙවෙයි. ඕනෙම ක්ෂේත්‍රයක ප්‍රවීනයෙක් වෙන්න පැය 10,000ක් නැත්නම් අවුරුදු 10ක් විතර යනවා කියලා කියන්නේ ඒකයි. ( Robert Greene ගේ Masteryපොත බලන්න )
ඒ skillset එක, ඒ personality එක ගොඩනගා ගන්න එක තමයි තරුණ කාලේ අපිට කරන්න පුළුවන් ලොකුම investment එක.
ඒ නිසා, අපි තරුණ කාලේ පුළුවන් තරම් අපේම හීන පස්සෙන් යමු. අළුත් අළුත් දේ ඉගෙන ගමු. Risk ගමු. Enjoy කරමු. ටිකක් වෙහෙසුනොත් සල්ලි කියන එක කොහොමත් හම්බවෙනවා. සල්ලි හම්බකරන එක හොඳයි. ඒත් ජීවිතේ අපට ලැබෙන්නේ එක සැරයයි. ජීවිතේ උකස් කරලා සල්ලි ලබා ගන්න හදන්නේ නැතුව, ජීවිතයට හරි පාදමක් දා ගන්න බලා ගත්තොත් අපිට සල්ලියි, සතුටයි දෙකම නොඅඩුව ලැබේවි.
Shavini Somawardhana Jalill

How We Made Our Client $400k in 2 Months from Email Marketing - Client  Accelerators - Direct Response Agency
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top