ඒක ‘නපුරු සිහිනයක්’.. මේ සිදුවීම වෙන්න දින කීපයකට කලින් ඔහුට මේ අවාසනාවන්ත අත්දැකීම ගැන සිහිනෙන් ඉඟියක් ලැබිලා..
ඒ මෙම ප්‍රහාරයට දින දෙකකට පෙරදීයි.. මේ කියන්න යන්නේ ලෝ ප්‍රකට ලේඛකයෙන් වන ශ්‍රීමත් සල්මාන් රුෂ්ඩී ගැන කතාවක්..
ඉන්දියාවේ උපන් 76 හැවිරිදි ශ්‍රීමත් සල්මාන් රුෂ්ඩී නම් මේ කතුවරයා නූතන කාලයේ වඩාත් බලපෑම් කළ හැකි කර්තෘවරුන් අතරින් අයෙකු ලෙසයි සැලකෙන්නේ..
"ඇසක් අහිමි වීම තමා හැම දිනකම කම්පනයට පත් කරන බව ලෝ ප්‍රකට ලේඛක ශ්‍රීමත් සල්මාන් රුෂ්ඩී පවසනවා.." ඔහු මෙම සාහසික ප්‍රහාරයකට ලක් වූයේ 2022 වසරේ අගෝස්තු මාසයේදී නිව්යෝර්ක් හි අධ්‍යාපන ආයතනයක දේශනයක් පැවැත්වීමට සූදානම් වෙමින් සිටි අවස්ථාවේදීයි..
ප්‍රහාරකයා විසින් තත්පර 27ක් පුරා ඔහුගේ ගෙළ සහ උදරය ඇතුළු ස්ථාන කිහිපයකට 12 වරක් තියුණු ප්‍රහාරයක් ඒ අවස්තාව ඔහු නැවතත් ආවර්ජනය කර තිබුණේ බීබීසී සේවය සමඟ එක්වුණ අවස්තාවකදීයි.. “මට ඔහු එක්ක සටන් කරන්න හැකියාවක් තිබුණෙ නෑ...
මට ඔහුගෙන් බේරිලා දුවන්න පුළුවන්කමක් තිබුණෙත් නෑ” යනුවෙන් ශ්‍රීමත් සල්මාන් රුෂ්ඩී විටක පවසා තිබුණා..
ඒ ගැන සිහිපත් කරමින් ඔහු පැවසුවේ ප්‍රහාරයෙන් පසු තමා බිම ඇද වැටී, ලේ විලක් මත වැතිරී සිටි බවයි.. හෙලිකොප්ටරයකින් ඔහු රෝහල කරා රැගෙන යනු ලැබූ අතර සුවය ලැබීමට සති හයක් ගත වී තිබුණා..