බුරුන්දි ජනපතිවරයා වන Pierre Nkurunzizaගේ රුව විකෘති කළ පාසල් දැරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන සිරගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔවුන්ගේ පාසල් පොතෙහි මුද්‍රණය කර තිබෙන බුරුන්දි ජනාධිපතිවරයාගේ රුව විකෘති කිරීම හේතුවෙනුයි ඔවුන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එසේම රාජ්‍ය නායකයාට අපහාස කිරීමේ චෝදනාව යටතේ මොවුන්ට එරෙහිව නඩු පැවරීමට නියමිතයි.
ඔවුන් එම චෝදනාවට වැරැදිකරු වුවහොත් වසර 05ක සිරදඬුවමක් හිමිවන බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
මීට පෙරද මෙම ජනාධිපතිවරයාගේ රුව විකෘති කළ බවට චෝදනා කරමින් පාසල්වලින් දරුවන් සිය ගණනක් ඉවත් කර ඇතැයි වාර්තා වනවා.
ලොව පුරා මානව හිමිකම් සංවිධාන මෙම සිද්ධියට විරෝධය දක්වා ඇතැයි සඳහන්.