Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Apr
12
අලුත් අවුරුදු සිරිය වැඩි කරන අපේ ජන ක්‍රීඩා..

- අලුත් අවුරුදු සිරිය වැඩි කරන අපේ ජන ක්‍රීඩා..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
මේ කියන්න යන්නේ එළඹෙන අලුත් අවුරුද්දත් එක්කම බද්ද වුණ දෙයක් ගැන කතාවක්.. 

සිංහල අලුත් අවුරුදු ජන ක්‍රීඩාවලට එදා වගේම අදත් තියෙන්නේ විශාල ඉල්ලුමක් වුණත්, කාලයත් එක්ක කාර්‍යබහුල බවත් එක්ක ඒ එක එක දේවල් අද වෙනකොට අපේ අතරින් ගිලිගී යනවා.. කොහොම වුණත් මේ කියන්න යන්නේ අලුත් අවුරුද්දත් එක්ක බැඳුන ජන ක්‍රීඩා ගැනයි..

අලුත් අවුරුද්ද මෙරට ජන ජීවිතය සමග දක්වන ලද්දේ ඉතාමත් සමීප සම්බන්ධතාවක්.... කෘෂිකාර්මික අර්ථ රටාවක් සමග බද්ධව සිටි ඔවුන් අස්‌වනු නෙළා ගැනීමෙන් අනතුරුව ආර්ථික වශයෙන්ද සශ්‍රීකත්වයට පත් වෙනවා...

යළිත් ඔවුන්ගේ සාමාන්‍ය ජීවන රටාවට අවතීරණය වන්නට පෙරාතුව මානසික ලෙසින්ද කිසියම් විවේකයක්‌ ඔවුනට අවශ්‍ය වෙනවා.. සිංහල අලුත් අවුරුදු සැණකෙළිය සමග වූ මෙම ප්‍රීතිමත් දින කීපයේදී බාල, මහලු, ස්ත්‍රී, පුරුෂ භේදයෙන් තොරව සියල්ලන්ම එක්‌ව ක්‍රීඩාවෙහි යෙදෙන අතර මෙම ජන ක්‍රීඩාවන් අතර වූ සුවිශේෂත්වයන්ද දැකගත හැකියි...

ගෘහ ක්‍රීඩා

නිවසෙහි හෝ ගොඩනැඟිලි තුළ කරන වෙහෙසකර නොවන ක්‍රීඩා.

පංච කෙළිය ඔළිඳ කෙළිය නෙරෙන්චි ඇදීම

එළිමහන් ක්‍රීඩා

රබන් ගැසීම ඔන්චිල්ලා පැදීම චක්‌ගුඩු පැනීම

ආගමික සහ දේව සංකල්ප සමඟ බැඳුණු ක්‍රීඩා

අං කෙළිය පොරපොල් ගැසීම

සාමූහික ක්‍රීඩා

මේවර කෙළිය එළුවන් කෑම පංච කෙළිය

ඉන්දියාවේ සිට පැමිණි මෙම ක්‍රීඩාව සමඟ වූ ජනප්‍රවාදයට අනුව ගජබා රජතුමා සොළී රටට පැහැර ගෙන ගිය සිංහල සේනාවට පොළිය ලෙස සොළී රටෙන් දොළොස්‌ දහසක්‌ සෙනග රැගෙන ආ අතර, මෙම ගමනේදී පත්තිනි දේවියගේ සළඹද රැගෙන එන ලදී. මේ සමගම පංච කෙළිය වැනි ක්‍රීඩාවන්ද මෙරටට සම්ප්‍රාප්ත වන්නට ඇතැයි අපේක්ෂා කෙරෙනවා... සිංහල අලුත් අවුරුදු කාලයට කලඑළි දකින මෙම ක්‍රීඩාවට සම්බන්ධ වීමෙන් පත්තිනි දේවියගේ ආශිර්වාදය තමන් වෙතට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා..

දෙදෙනෙකු හෝ කණ්ඩායම් දෙකකට ක්‍රීඩා කළ හැකියි... ක්‍රීඩකයන් ගණන ඉරට්‌ටේ සංඛ්‍යාවක් වීම අනිවාර්ය වෙනවා... ඔත්තේ ගණනක් සිටින විට හුංගෙක් පත්කර ගනු ලබයි.. කණ්‌ඩායම් දෙකක් ක්‍රීඩා කරන විට දෙපිලට නායකයන් දෙදෙනෙක්‌ පත් කර ගනු ලබයි..

පංච ලෑල්ලේ ක්‍රීඩාවට පිවිසීමට පංචයක් හෙවත් ඔණ්ඩුවක් ලැබිය යුතුයි... ඔණ්‌ඩුව යනු බෙල්ලන් එකෙක් පමණක් උඩුකුරුව සිටීමයි... සියල්ලම උඩුකුරුව පෙරළීම සිරිමල ලෙස හැඳින්වෙන අතර ඔහුට කිසිම අය ගණනක් නොලැබෙනවා... පංච පෙතේ අවසාන කොටුව ජලය නමින් හඳුන්වයි.. ජලයෙන් ඉත්තන් ගොඩවන්නට නම් ඔණ්‌ඩුවක්‌ ලැබිය යුතුයි... මුලින්ම ඉත්තන් එගොඩ කරන පිලට ජයග්‍රහණය ලැබෙනවා..

ඔළිඳ කෙළිය

ගණිත ක්‍රමයකට අනුව සිදුවෙන මෙම ගෘහස්ථ ක්‍රීඩාවට කාන්තාවන් දෙදෙනෙක්‌ සහභාගි වන අතර ක්‍රීඩාව ආරම්භයේ සිට අවසානය දක්‌වාම අත්වැල් ගායනය සිදු වෙනවා.. ඔළිඳ උපතේ සිට ඹළිඳ ක්‍රීඩාව ජයගන්නට අවශ්‍ය උපක්‍රම ගායනයෙන් කියෑවෙයි...

ඔළිඳ පුවරුව යනු සකස්‌ කර ගත් ලෑල්ලක්... එය අඟල් 10 සිට 14 අතර දිග අඟල් 6 සිට 8 අතර පළල ලෑල්ලකි.. එක පැත්තක 7 බැගින් දෙපැත්තේ වළල් දෙපේළියක්... පේළි අතර පුවරුව දෙකොන 2 ඞ 2 බැගින් වළවල් දෙකකි.. ඔළිඳ පුවරුවට මුතු පුවරුව යන නමද ඔළිඳ කොළොම්බුව යන නමද භාවිත කරයි... මේ වෙනුවෙන් වටිනා දැව යොදා ගනි.. ඔළිඳ උපත සිදුව ඇත්තේ බංගලි දේශයේ බව මෙම ක්‍රීඩාව කරන විට ගයනා ගීත වලින් පැහැදිලි වෙනවා..

ඔළිඳ තිබෙන්නේ කොයි කොයි දේසේ ඔළිඳ තිබෙන්නේ බංගලි දේසේ ගෙනත් සදන්නේ.. කොයි කොයි දේසේ ගෙනත් සදන්නේ සිංහල දේසේ..

රෑන් ඇදිව්චද බලකොයි නෑනෝ ගසට පලව්චද බලකොයි නෑනෝ මල් හට ගත්තද බලකොයි නෑනෝ පල හට ගත්තද බලකොයි නෑනෝ..

කිරි සල් වෙව්චද බලකොයි නෑනෝ ඔළිඳ පැහිව්චද බලකොයි නෑනෝ දැන්නම් පැහිලා බලකොයි නෑනෝ ඔළිඳ නෙළන්නට යමු අපි නෑනෝ..

ඔළිඳ පුවරුවේ වළවල් 14 ක එක වළකට ඇට 4 බැගින් ඇට 56 ක් ඇත.. මෙය ඔළිඳ වපුරනවා ලෙස භාවිතා කරයි.. ඉන් පසු එක් ක්‍රීඩිකාවක් තම පේළියේ මුල් වලේ ඇට අතට ගනු ලබයි.. මෙය ඔරවනවා ලෙස භාවිත කරයි.. මෙසේ එරවූ ඇට වළකට එක බැගින් ළඟම ඇති වලවල්වලට පිළිවෙලින් දමනු ලබයි. ඊළඟ වළේ ඇති ඇට සියල්ලද මුලින් කළ අන්දමට සිදු කරයි.. මෙසේ ඇට ඉසින අතර අතේ ඇට ඉවර වුන විට හිස් වළක් හමු වුවහොත් ඊට එහා පැත්තේ ඇති ඇට සියල්ලම ඉසීම කරන ක්‍රීඩිකාවට හිමි වෙනවා... මෙය ඔළිඳ කෙළියේදී කනවා යෑයි භාවිතා කෙරේ.. පිළිවෙලින් හිස් වළවල් දෙකක් හමු වුවහොත් තුන්වැනි වලේ ඇති ඔළිඳ ඇට කෑමට ක්‍රීඩිකාවට අවසර නැත. එවැනි අවස්‌ථාව පුස්සක් ලෙස හඳුන්වයි.. එවිට අනෙක් ක්‍රීඩිකාවට ක්‍රීඩා කිරීමට අවස්ථාව සැලසෙයි.. පුවරුව එක්‌ පැත්තක ඇට සියල්ල හමාර වූයේ නම් එය රෑ පුහුල කපනවා ලෙස හඳුන්වයි.. මෙහිදී ජය ගන්නේ වැඩිම ඔළිඳ ඇට ලබා ගන්නා අයයි.. හිස් වළවල් දෙකක් අතර වළක තනි ඇටයක් ඇති විට එය පුතා ලෙස හඳුන්වයි..



චක්‌ගුඩු පැනීම

අස්‌වැන්න නෙළා ගත් වෙල් යායක් හෝ වැව් තාවුල්ලක් වැනි හිස් ඉඩ කඩක චක්‌ගුඩු පැනීම සිදු වෙනවා.. ක්‍රීඩා භූමියේ සීමා දෙකක්‌ ලකුණු කරගනු ලැබෙනවා.. මෙම භූමිය හරි මැදින් කොටස් දෙකකට බෙදා නායකයන් දෙදෙනෙක්‌ තෝරා ගනී.. කාසියක්‌ උඩ දමා මුලින්ම ක්‍රීඩා කරන පිරිස හඳුනාගනී..

එක් පිලක ක්‍රීඩකයෝ චක්‌ගුඩු ගුඩු රෑ කියමින් අනෙක්‌ පිලේ සීමාවට ගොස්‌ ක්‍රීඩකයන්ට පහර දී තමන්ගේ සීමාවට දුව ගෙන එනවා. පහර කෑ ක්‍රීඩකයා මෙන්ම පහර දී ගුඩු ගුඩු කීම නැවතූ ක්‍රීඩකයාද පරාජයට පත් වෙනවා... ගුඩු කියන්නා ගුඩිඩා ලෙස හැඳින්වෙනවා...

ගොළු ගුඩු පැනීමේදී ගුඩිඩා කථා නොකරන අතර කතා කළොත් ඔහු පරාජයට පත් වෙනවා..

ඉනි වැට පෙරළීම

ඉනි වැට පෙරළීම දරු දැරියන් අතර මෙන්ම කාන්තාවන් අතරද ජනප්‍රිය වූ ක්‍රීඩාවක්... ශක්‌තිමත්ව තැනූ වැටක් ගොනුන් විසින් කඩා ගෙන එන්නට දරන උත්සාහය වළක්‌වන්නට පිරිසක්‌ කටයුතු කරයි.. මෙය සංවාදාත්මක ලෙසින් සිදු වෙනවා...

ගොන්නු : - අහසට ඉනි මං බඳින ගොනෙක්‌ ඇත. වැට : - ඒ ලකුණේ ගොන් අප දුටුවේ නැත. ගොන්නු : - බණ්‌ඩිය රාළගෙ ගොන් බානක්‌ ඇත. වැට : - ඒ ලකුණේ ගොන් අප දුටුවේ නැත. ගොන්නු : - ඇඹරුම් ගල යට ගොන් බානක්‌ ඇත. වැට : - ඒ ලකුණේ ගොන් අප දුටු වේ නැත. ගොන්නු :- කරට උඩින් පැනලයි යන්නේ වැට : - ආවට මොකදෑ යන්න නොදෙන්නේ



ගුඩු ගැසීමේදී සිදු කරන ගායනා

ගුඩු ගුඩු දෙයියන් කොණ්‌ඩ කුරුල්ලන් බැදුමට අල්ලන් අල්ලන් අල්ලන්

මට ගුඩු දුන්නට තොට හෙණ ගහපිය ගහපිය - ගහපිය - ගහපිය

කොප්පර කොප්පර පිපිඤ්ඤා

ගමේ දරු දැරියන් අතර සිදු වන මෙම ක්‍රිඩාවේදී බොහෝ පිරිසකට සහභාගි විය හැකි... දරුවන් රවුමට සිට ගනි... එක්දරුවෙක් අතු කැබල්ලද රැගෙන රවුම වටේ යයි.. රවුම වටේ යන අය සහ රවුමේ සිටින අය අතර සංවාදයක් ගොඩනැඟේ..

කොප්පර කොප්පර පිපිඤ්ඤා පස්‌ස බැලුවොත් දෙසඤ්ඤා

රවුමේ සිටින අය කෝ නෑනෝ පනාව කියන විට වට යන්නා යට ලීයේ පනාව යෑයි පිළිතුරු දෙයි.. මේ අන්දමට කීප විටක්‌ කියයි.. රවුමේ සිටින්නන් කළ ගෙඩි කළගෙඩි කියන විට රවුම වට යන්නා බෝතල බෝතල කියමින් වට දුවයි.. මෙසේ දුවන අතරම අත්ත කෙනෙකු පිටුපස තබයි.. වටය ගොස්‌ එතැනට එන්නට පෙර අත්ත ළඟ ඇති තැනැත්තා වට යන්නා ලුහු බඳියි.. එසේ නැත්නම් අත්ත ගෙන වටයේ යන්නා ඔහුට එයින් ගසයි.. වට යද්දී වුවද කෙනෙකු පිටුපස බැලුවහොත් පහර වදීයි.. එකිනෙකා මාරුවට දිගින් දිගටම මෙසේ සිදු වෙයි..

පොරෝ සෙල්ලම

පිල් දෙකකට බෙදී කවියෙන් අසන ප්‍රශ්න වලට කවියෙන් පිළිතුරු ලබා දෙයි..

ගොඩේ මන්නේ මොටදෝ පොරොව ගෙනෙන්නට නොවෙදෝ පොරව ගෙනෙන්නේ මොටදෝ ගහක්‌ කපන්නට නොවෙදෝ ගහක්‌ කපන්නේ මොටදෝ ඔරුව කොටන්නට නොවෙදෝ..

අතක පතක ක්‍රිඩාව

මෙම ක්‍රීඩාවට දරුවන් රාශියකට සම්බන්ධ විය හැක.. මෙහි නායකයෙක්ද සිටී.. නායකයා තමා වටට වාඩි වී සිටින අයගේ බිම තබාගෙන සිටින අත්ලට මෙසේ කියමින් තට්ටු කරයි..

අතක පතක සොර සූරි ඉරිගි කොත්තමල්ලි කොහිද සීයේ

මේවර කෙළිය

සිංහල අවුරුදු කාලයේදී බෙහෙවින් ජනප්‍රිය මේවර කෙළිය කාන්තාවන්ගේ සහභාගිත්වයෙන් සිදු වෙයි.. මෙම ක්‍රීඩාව පිළිබඳව විවිධ අදහස් ඇති අතර එයින් එකක් වන්නේ මේවර යනු වළල්ලකි.. එක් ස්ත්‍රියක් තමන්ට අයිති වළල්ලක් සෙවීම මෙහි කතා පුවතයි... තමන්ගේ වළල්ල දුටුවාදැයි ඇය සිය මිතුරියන්ගෙන් ප්‍රශ්න කරයි. තමන් එය නුදුටු බව ඔවුන් දිවුරමින් කියයි.. නමුත් එම වළල්ල සඟවා ගෙන සිටින්නේ ඇයගේම මිතුරියන්ය..

තවත් අදහසකට අනුව මේවරය යනු කන පළඳන ආභරණයකි.. ඉහත අන්දමටම ඇය, තමන්ගේ ආභරණය දුටුවාදැයි සිය මිතුරියන්.. තමන් එය නුදුටු බව ඔවුන් දිවුරමින් කියති.. නමුත් එම ආභරණය සඟවාගෙන සිටින්නේ ඇයගේම මිතුරියන්ය..

තවත් අදහසක් අනුව මේවරයා යනු මෙහෙකරුවෙකි.. තමන්ගේ මෙහෙකරු සොයා දෙන්නැයි ඇය යෙහෙළියන්ගෙන් ඉල්ලා සිටින බව වළ ගියෙදෝ මගෙ මේ වරයා යන්නෙන් නිරූපණය වන බවටද අදහසක් ඇත..

මෙම ක්‍රීඩාවේදී ඉදිරිපත් කරන සමූහ ගීතය සංවාද ස්වරූපයක් ගනී..

සාර සදිසි පෙති පේර නෙළන කල-වළ ගියෙදෝ මගෙ මේ වරයා නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් -අප දුටුවේ නැත මේ වරයා කොස්‌වතු කන්දේ කොස්‌ නෙළනා කළ -වළ ගියෙදෝ මගෙ මේ වරයා නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් -අප දුටුවේ නැත මේ වරයා මුං වතු කන්දේ මුං නෙළනා කල - වළ ගියෙදෝ මගෙ මේ වරයා නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් -අප දුටුවේ නැත මේ වරයා කහවතු කන්දේ කහ නෙළනා කල - වළ ගියෙදෝ මගෙ මේ වරයා නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් -අප දුටුවේ නැත මේ වරයා

මේ අන්දමට ගීතය ගයා අවසාන වන විට ගී ගයමින් වටට ගිය කාන්තාව ඔටිටුයි කියමින් සඟවන ලද වළල්ල ගන්නට නැමෙයි.. ඒ සමගම වළල්ල පාගා ගෙන සිටි අයද වළල්ල ගන්නට නැමෙයි.. පිරිස අතර වූ පොර බැදීමෙන් වළල්ල සොයා ගත් අය ජයග්‍රහණය කරයි..

එළුවන් කෑම

පිරිසක් විසින් සිදු කරන මෙම ක්‍රීඩාව ගායනය සහ රංගනයේ එකතුවක් ලෙස සිදු වෙනවා.. එළුවෙකු සහ කොටියකු අතර සිදු වන කතා බහ දෙබසක අන්දමට සිදු වෙනවා.. තරගයේ ස්‌වභාවය අනුව වචන උස්‌ පහත් විමද සිදු වෙනවා..

අත්වැල් ගායනා

මේ පුටු ඉන්දෝ ඉන්ඩ නොදෙන්දෝ මේ ඇඳ ඉන්දෝ ඉන්ඩ නොදෙන්දෝ මේ බත් කන්දෝ කන්ඩ නොදෙන්දෝ මේ කැඳ බොන්දෝ බොන්ඩ නොදෙන්දෝ..

කුරුලු කූඩු කූඩු දුටින් අපි දුටු කූඩුවක් නැතී ගිරා කූඩු දුටින් දුටින් අපි දුටු කූඩුවක් නැතී ලේන් කූඩු දුටින් දුටින් අපි දුටු කූඩුවක් නැතී කවුඩු කූඩු කූඩු දුටින් අපි දුටු කූඩුවක් නැති

සංවාද ගායනා

හොඳට නටඤ්ඤං රළහමි දෙනවද එළුවා කොච්චර නැටුවත් රළහමි නොදෙමුව එළුවා දණින් වඳිඤ්ඤං රළහමි දෙනවද එළුවා කොව්චර වැන්දත් රළහමි නොදෙමුව එළුවා මෙන්න වැන්දා රළහමි දෙනවද එළුවා කොව්චර වැන්දත් රළහමි නොදෙමුව එළුවා

පනා හැංගීම
ප්‍රාදේශීය ව්‍යවහාරය තුළ ලේන්සු හැංගීම හවරි හැංගීම යන නම් වලින් මෙම ක්‍රීඩාව හඳුන්වයි.. කිසියම් භාණ්‌ඩයක්‌ සඟවා එය සොයා ගැනීමට වෙහෙස දරන අතර ඒ සඳහා වූ ගායනාවන්ද වෙනවා..

පොර පොල් ගැසීම

පත්තිනි දේවිය සහ පාලඟ කුමරු සම්බන්ධව ගොඩනැඟ ඇති මෙම ක්‍රීඩාවේදී වැස්ස සහ සශ්‍රිකත්වය බලාපොරොත්තු වෙනවා.. උණ රෝග , ගව සහ කුකුළු වසංගත නියඟය වැනි අවස්‌ථාවන්ගෙන් සහනය අපේක්‌ෂා කළේ පොර පොල් ක්‍රිඩාවෙන්ය..

අතීතයේදී පොර පොල් ක්‍රීඩාවට යොදා ගත්තේ ගසෙන් ඉබේ වේලි වැටෙන තැඹිලි පොල්ය. අතීතයේදී පොරපොල් ක්‍රීඩාවට යොදාගන්නා භූමියට දෙවියන් අරක් ගෙන ඇතැයි විශ්වාස කළ නිසා තෝරා ගත් තැනිතලා භූමියේ බෝ , නුග , හෝ නා ගසක්‌ තිබුණි. ක්‍රිඩාවට භාවිතා කරන ලද පොල් යවන පොල් සහ ගහන පොල් ලෙස කොටස්‌ දෙකකි. යවන පොල් අතර සමහරක්‌ පොල් බිඳින්නට ඉතා අපහසු ඇට පුහු පොල් ලෙස හඳුන්වන ලදී.. ගැසීමට යොදා ගන්නා ගෙඩිය අත් ගෙඩිය ලෙස හඳුන්වයි. නිපොල් ලෙස හඳුන්වන සාමාන්‍ය පොල් ක්‍රීඩාවට යොදා නොගනී..

තැනිතලා බිමක සීමාවන් ලකුණු කොට ගොක් තීරුවලින් එකිනෙකට මුහුණ දී ඇති පන් පැළ දෙකක්‌ ඉදි කරනු ලැබේ. අනුමැතිරාළ විසින් දෙවියන් උදෙසා යාතිකාවක් කරයි..

පොල් පේ කිරීමේ ගායනා

වැඳ දෙවියන් හට වරම් ලැබෙනවා උඩු පිලයේ පොල් බිඳී තිබෙනවා තෙද මිණි හළඹෙන් සමා ලැබෙනවා පොල් කෙලියට වස්‌ නැත දුරුවෙනවා

වඳුරු වසංගත ලෙඩ දුරු වෙනවා අඹෙන් මලෙන් පත්තිනි උපදිනවා සිරි පතුලට පිට ඔප්පු කරනවා පොර පොල් කෙළියට වරම් ලැබෙනවා..

උඩු පිල ක්‍රීඩකයෝ යටි පිලෙන් එවන පොල් බිඳීමෙන් ජයග්‍රහණය කරයි. යටි පිල ක්‍රීඩකයෝ උඩු පිලෙන් එවනු ලබන පොල් බිඳීමෙන් ජයග්‍රහනය කරයි.. උඩු පිලේ පොල් ඉතිරි වුවහොත් උඩු පිලටද යටි පිලේ පොල් ඉතිරි වුවහොත් යටි පිලටද වාසි සහගතය.. මෙම ක්‍රීඩාවේදී එවනු ලබන පොල් ගෙඩිය මෙන්ම අතේ ඇති පොල් ගෙඩියද ඇතැම් විට පොල් ගෙඩි දෙකමද බිඳෙන්නට පුළුවන්...

පොර පොල් ක්‍රීඩාව බදාදා හෝ සෙනසුරාදා දිනක ආරම්භ කොට දින 7 ක් පවත්වන අතර නොබ්ඳී පොල් ඉතිරි වන පිල ජයග්‍රහණය ලබයි.. අවසාන දින පොර පොල් පිටියේ ගම්මඩු උළෙලක් පවත්වා දානමය පිංකමකින් මෙය අවසාන කරයි.. කාන්තාවන්ට මෙම දානමය පිංකමට සහභාගි වන්නට අවසර නැත..,


අං කෙළිය

පත්තිනි දේවිය වෙනුවෙන් සිදු කරන මෙම ක්‍රීඩාවේදී පත්තිනි දේවිය සහ පාලඟ කුමරුගේ කතාව ගායනයෙන් ඉදිරිපත් කරයි.. වර්ෂාව බලාපොරොත්තුව සිදු කරන මෙම ක්‍රීඩාවේ උද්වේගකර අවස්ථාව අනුව ගීයේ ස්‌වභාවය වෙනස් වෙනවා..

කතා වස්‌තු ගායනය

සසිරිබර මෙසිරිලක කඳ කුමරු සාමිනේ දොළහ පත්තිනි දෙවියනේ රකිති අප හැම දෙනේ.

උද්වේගකර අවස්ථාවක්..

එන වලියට හෝයියා- යන වලියට හෝයියා අනංගයෝ හෝයියා = මල් මදයෝ හෝයියා මල් මාමා හෝයියා - ගිනි ජාලා හෝයියා පාලඟයෝ හෝයියා පත්තිනියෝ හෝයියා

අපි දිනුවයි හෝයියා දිනුම් පිලට හෝයියා

ඔන්චිල්ලා පැදීම

පුරාණයේ සිටම පැවැත එන ඔන්චිල්ලාව සමඟ බැඳී පවතින ජනප්‍රවාද කීපයක් ඇත... එයින් පැරණිම කතාවට අනුව අසුර නම් තැනැත්තා ඊශ්වර දෙවියන්ට ඇප උපස්‌ථාන කිරීමෙන් සතුටට පත් විය.. කාලයක් ගෙවෙන විට ඊශ්වර දෙවියන්ගේ බලසම්පන්න බව නිසාම කිසියම් වරයක් ඉල්ලා ගත යුතු යෑයි සිතුණෙන් අසුරයා විසින් ඊට ගැලපෙන කාලය බලා සිය අදහස ඉදිරිපත් කරන ලදී.. අසුරයා පිළිබඳව වූ විශ්වාසය නිසාම ඊශ්වර දෙවියන් වරයක් දීමට කැමැත්ත පළ කළෙන් අසුරයා ඉල්ලා සිටියේ තමා කිසිවෙකුගේ හිසට අත කැබූ විට එම තැනැත්තා අළු වී යන වරමක්.. ඊශ්වර දෙවියන් විසින් එම වරම ලබා දුන් තැනදී අසුරයාට එය අත්හදා බැලීමේ ආශාවක්‌ පහළ විය... එය අත්හදා බැලීමට අසුරයා ඊශ්වර දෙවියන්ගේ හිසට අත තැබූ සැණම ඊශ්වර දෙවියන් ඔහුගෙන් බේරීමට පළා යත්ම එය දුටු විෂ්ණු දෙවියන්ට ඊශ්වර දෙවියන් ගැන දුක සිතුණේය.. විෂ්ණු දෙවියන් විසින් අසුරයා යන මග ඔන්චිල්ලාවක්‌ බැඳගෙන ගැහැනු වෙසින් ඔන්චිල්ලා පදිනු දැක අනේ මෙම කාන්තාව මෙසේ සිටින්නේ ඇයි දැයි සිතා නළලට අත ගසා ගත් වනම අසුරයා අළු වී ගියා..

පත්තිනි දෙවියන් වෙනුවෙන් බාර වී ඔන්චිල්ලා ඉදි කරන බව කියන අතර කූඩු ඔන්චිල්ලා , බඹර ඔන්චිල්ලා, දෙපට ඔන්චිල්ලා, වැල් ඔන්චිල්ලා, යතුරු ඔන්චිල්ලා , සහ මල් ඔන්චිල්ලා ලෙස ප්‍රභේද ගණනාවකි.. සිංහල අවුරුදු කාලයේදී පදිනු ලබන්නේ ලණු ඔන්චිල්ලාවයි. මෙහිදී දෙදෙනෙකුට වාඩි වී සිටිය හැකි අතර දෙන්නෙක්‌ දෙපැත්තේ සිට ඔන්චිල්ලාව පදවනු ලැබෙනවා..

සිංහල අවුරුදු කාලයේදී කලඑළි බසින ඔන්චිල්ලා පැදීමේදී ගායනා කරන කවි වාරම් ලෙස හැඳින්වේ.

ඔන්චිලි චිලි චිල්ල මලේ වැල්ල දිගට නෙල්ලි කැලේ කඩන්න බැරි කටු අකුලේ කඩා දියන් මගේ මලේ

අත්ත උසං උසං උසං ජම්බු පොකුරු සිලිං බිලිං ලොකු අක්‌කේ පදිං පදිං ජම්බු කඩං බෙදං බෙදං
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top