අනියම් සබඳතා නිසා ඇති වෙන ඛේදවාචක ගැන නිරන්තරයෙන් අපිට අහන්න දකින්න ලැබෙනවා.
ඉතින් මේ කියන්න යන්නේ ඛේදවාචකයටත් වඩා එහා ගිය කතාවක්.
මේ කතාව ආරංචි වෙන්නේ ඉන්දියාවෙන්.
විවාහක පුද්ගලයකු සහ අවිවාහක තරුනියක අතර ඇති වූ අනියම් සබඳතාවයක් මේ සිදුවීමට හේතු වී තිබෙනවා.
විවාහක තරුණයාගේ මේ සම්බන්ධය සිය නීත්‍යාණුකූල බිරිඳට හසු වී තිබෙනවා.
පසුව වෙම පුරුෂයාගේ බිරිඳ කල් යල් බලා සිය පවුලේ අය සමග එක්ව තම ස්වාමි පුරුෂයා සහ එම තරුණිය අතටම හසු කරගෙන අසල ලයිට් කණුවක බැඳ පහර දී තිබෙනවා.
මෙම සිද්ධිය සමථයකට පත් කරගැනීමට සඳහා සැමියාගෙන් විශාල මුදලක්ද පසුව ඉල්ලා තිබෙන අතර මෙම සිදු වීමට පසුව පොලීසියද මැදිහත් වී තිබෙනවා.
මෙම පහර දීමට සම්බන්ධ වීඩියෝව ඉන්දියාවේ සමාජ මාධ්‍ය තුල දැඩි ලෙස වෛරල් වෙමින් පවතිනවා.
