මේ අපේ සංස්කෘතිය එක්ක බැඳුණු අර්ථවත් ගීතයක්.. එත් ඒ ගීතය ගැන මේ දවස්වල ඇහෙන්නේ වෙනම කතාවක්..
මේ කියන්න යන්නේ ඒ ගැන කතාවක්.. ඊයේ දිනයේ නැවතවරක් මේ ගැන අහන්න දකින්න ලැබුණේ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයෙන් කළ විශේෂ නිවේදනයත් එක්කයි..
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන විකෘති කරන ලද අවුරුදු ගීතයක් සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් අනුව මෙය සිදු කරනු ලබයි...
රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කරන අවුරුදු ගීතයක් මෙලෙස විකෘති කර ඇති බව වාර්තා වෙනවා.. විකෘති කළ ගීතය සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයින් පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙසට උපදෙස් ලබා දී ඇති බවත් , සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි..
ඒසේම අදාළ පිරිසට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරනවා..
ඒ වගේම සෑම ජාතියක්ම තම සංස්කෘතිය ආරක්ෂා කළ යුතු බවත් එය විනාශ කිරීමට හෝ විකෘති කිරීමට උත්සාහා ගන්නා පුද්ගලයින්ට එරෙහිව දැඩි දඩුවම් ලබා දියයුතු බවත් පැල්පොළ විපස්සී ජාත්‍යන්තර පදනමේ නිර්මාතෘ අග්නිදිග ආසියානු කලාපයේ සංඝනායක පැල්පොළ විපස්සී නාහිමියෝ සඳහන් කරනවා..
මුස්ලිම් ආගමට අපහාස කළ බවට චෝදනා එල්ල කරමින් බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට සිරඳඩුවම් ලබාදීමට අධිකරණය පියවර ගත්තා හා සමානව සිංහල සංස්කෘතිය විකෘති කරන පුද්ගලයින්ට ද දඩුවම් ලබා දියයුතු බව උන්වහන්සේ පවසන්නේ..
අපගේ වසර දෙදහස් පන්සියයකට අධික උරුමයක් ඇති සංස්කෘතිය සහ ජන උරුමයන් විනාශ කිරීමට ඉතාමත් සූක්ෂම ලෙස විවිධ පිරිස් උත්සාහා ගන්නා බවත් වහාම ඊට විරුද්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වත්මන් රජය නැගී සිටිය යුතු බවත් පැල්පොළ විපස්සී හිමියෝ පවසන්නේ..
ජපානය තම සංස්කෘතිය හා දේශීය උරුමය රැකගැනීම සඳහා ගනු ලබන පියවර ඊට කදිම ආදර්ශයක් බව ද වැඩි දුරටත් සදහන් කරනවා..