ආගමන විගමන නිලධාරීන් සංකේත වැඩ වර්ජනයක නිරතවන බවට මාධ්‍ය නිවේදනයක් මඟින් දැනුම් දී සිටිනවා...
එම නිවේදනයේ සඳහන් වෙන්නේ අද උදෑසන 9.00 සිට හෙට උදෑසන 9.00 දක්වා රටේ සියලු ගුවන්තොටුපලවල් සහ වරායන් ආවරණය වන පරිදි සියලු නිලධාරීන් කළු පටි බැඳ අත් පත්‍රිකා බෙදාදීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බවයි...
ආගමන විගමන සේවාව තුළ පවතින නිලධාරි හිඟය, නිසි කලට තනතුරු පුරප්පාඩු නොපිරවීම, ආදී ගැටලු රාශියක් මධ්‍යයේ වුවද තම සේවාව අඛණ්ඩව සැපයූවත් දිගින් ඇතැම් අවස්ථාවලදී දෙපාර්තමේන්තු පාලනාධිකාරිය ගන්නා තීරණ අභියස තම නිලධාරීන් අනවශ්‍යය පීඩනයට ලක්වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ..
මේ ආදී කරුණු කාරණා රාශියක් මුල්කරගමින් සංකේත වැඩවර්ජනයක නිරතවන බවත් එම නිසා රටේ කිසිදු ගුවන්තොටුපළකින් හෝ වරායකින් ගමන් කරන මගීන් අපහසුතාවයට පත් කිරීමට කටයුතු නොකරන බවයි එම නිලධාරීන් මාධ්‍ය නිවේදනය මඟින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ..
එම මාධ්‍ය නිවේදනය පහතින්,