දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු සැප්තැම්බර් 19 සඳුදා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හිදී පැවැත්වීමට නියමිත බව බකිංහැම් මාලිගය තහවුරු කර තිබෙනවා.
දේහය ලබන අඟහරුවාදා ලන්ඩනයට ගෙන යාමට පෙර ඉරිදා බැල්මොරල් මාලිගයේ සිට එඩින්බරෝ වෙත ගෙන යනු ඇති.
පසුව බදාදා සිට ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පැවැත්වෙන අවමංගල්‍ය උත්සවයේ උදෑසන දක්වා වෙස්ට්මිනිස්ටර් ශාලාවේ දේහය තැන්පත් කර තැබීමට නියමිතයි.
මේ අතර මහ රැජිනගේ දේහය ස්කොට්ලන්තයේ රාජකීය නිවස වන හෝලිරූඩ් හවුස් වෙත අද රැගෙන යාමට නියමිත බවද සඳහන්.
මේවන විට දහස් සංඛ්‍යාත බ්‍රිතාන්‍ය'වැසියන් ලන්ඩන් නුවර බකින්හැම් මාලිගය ඉදිරිපිටට රැස්වෙමින් සිටිනවා.
ඒ 70 වසරක් බ්‍රිතාන්‍ය පාලනය හෙබවූ දෙවැනි එළිසබෙත් මහ රැජිනට ගෞරව දැක්වීම සඳහායි.
කෙසේ වෙතත් මහ රැජිනගේ දේහය තවමත් තැන්පත් කර තිබෙන්නේ ඇය ගිම්හාන නිවාඩුව ගතකළ ස්කොට්ලන්තයේ බැල්මෝරල් මාලිගයේයි.
මහ රැජිනගේ දේහය අද දිනයේදී ස්කොට්ලන්තයේ එඩින්බරෝහි හෝලිරූඩ් හවුස් වෙත රැගෙන යන අතර එහිදී මහ රැජිනට ගෞරව දැක්වීමට රාජකීයයන්ට අවස්ථාව හිමිවනවා.
ඉන් අනතුරුව ඇයගේ දේහය ශාන්ත ගයිල් දේවස්ථානයට රැගෙන යන අතර, පසුව රාජකීය දුම්රිය මගින් හෝ විශේෂිත ගුවන් යානයක් මගින් මහ රැජිනගේ දේහය ස්කොට්ලන්තයේ සිට ලන්ඩන් නුවර දක්වා රැගෙන ඒමට නියමිතයි.
ලන්ඩන් නුවරදී දේහය තැන්පත් කිරීමට නියමිතව ඇත්තේ වසර 1000කට අධික පෞරාණික වටිනාකමකින් යුත් වෙස්මිනිස්ටර් ශාලාවේයි.
මහ රැජිනගේ දේහය රැගත් දෙණ වටා එක්සත් රාජධානියේ සියලු ප්‍රාන්ත නියෝජනය වන රාජකීය ධජය අතුරවා ඒ මත ඩොලර් බිලියන 4කට අධික වටිනාකමකින් යුත් රාජකීය ඔටුන්න සහ යෂ්ටිය තැන්පත් කර තැබෙනු ඇති.
දෙණෙහි සිව්කොන රාජකීය හමුදා භට පිරිස්ද යොදවන්නේ ඇයට රාජකීය ගෞරව දැක්වීමක් ලෙසයි.
මහ රැජිනගේ ස්වාමියා වූ පිලිප් කුමරුගේ දේහය මිහිදන් කර ඇති සොහොන් කොත පසෙකින් මහ රැජිනගේ දේහය මිහිදන් කෙරෙනු ඇති.
මහ රැජිනගේ පියා වූ 6 වැනි ජෝර්ජ් රජුගේ දේහයද තැන්පත් කර ඇත්තේද එම පවුලේ සුසාන භූමියේයි.