පසුගිය දිනෙක, චන්දිමාල් ජයසිංහ විසින් පුෂ්පිකා ද සිල්වා වෙත ලබා දී තිබුණු, 'මිස් ශ්‍රී ලංකා' සන්නාමය ඇගෙන් ඉවත් කරනු ලැබූ අතර, එම සිදුවීම බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණා.
අනතුරුව, චන්දිමාල් ජයසිංහ යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් පුෂ්පිකා පිළිබඳව ආන්දෝලනාත්මක හෙළිදරව් රැසක් ම සිදු කළා.
පුෂ්පිකා දේශපාලඥයෙකු සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වන බවත්, ඇගේ විනය විරෝධී හැසිරීම් නිසා ඇයට කිරුළ අහිමි කළ බවත්, චන්දිමාල් පැවසුවා.
එසේම, ආන්දෝලනයට තුඩු දුන් පුෂ්පිකා අවසන් තරගය වෙනුවෙන් ඇනවුම් කළ 'ගවුම' පිළිබඳවත් චන්දිමාල් එහිදී හෙළිදරව් කිරීම් රැසක්ම සිදු කළ අතර, ගවුම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබුවේ රෝසි සේනානායක බවත් ඔහු එහිදී ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, මෙම ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාවෙන් පසු පුෂ්පිකා කිසිදු සජීවි වීඩියෝවක් හෝ එක් නොකළ අතර, මුහුණු පොතේ ද කිසිදු සඳහනක් සිදු කළේ නෑ.
කෙසේ වෙතත් ඇය ඊයේ දිනයේ ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණුමට මෙම වටිනා කියන ගවුමේ ඡායාරූපයක් එක් කර තිබුණා.
ඒ සටහනක් ද සමඟිනුයි.
"වාව් ! මම හිතුවා මේ dress එක මගේ wedding එකට අඳින්න" යැයි ඇය එහි සටහන් කර තිබුණා.