1948 වසරේදී ජූලි මස 31වැනි ශ්‍රී ලංකාවට පළමු ඔලිම්පික් පදක්කම ඩන්කන් වයිට් මහතා දිනා ගත් දවස සිහිකරමින් සෑම වසරකම ජූලි මස 31වැනිදා ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ඩන්කන් වයිට් මහතා පිරිමි කඩුලු පැන දිවීමේ ඉසව්වේදී රිදී පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නා.
එහිදී ඔහු වාර්තා කළ, කාලය තත්ත්පරය 51.8 ක්.
ඩන්කන් වාර්තා කාලය එම ඉසව්වේ, ප්‍රථමයා වඩා තත්ත්පර 0.7 ක කාලයක් වීම විශේෂත්වයක්.
ජාතික ක්‍රීඩා දිනය නිමිත්තෙන් විශේෂ වැඩසටහනක් ද සංවිධාන කර තිබුණේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.