කෙසේ වෙතත්, ඇමරිකානු නිෂ්පාදකයින් නෙට්ෆික්ස් වැනි අන්තර්ජාල වෙබ් අඩවි හරහා චිත්රපට නිකුත් කළත් ඉන්දියාව වගේ රටවල්-වලට ඒක අසීරු කාරණාවක් වෙලා තියෙනවා.
විශේෂයෙන්ම ඉන්දීය සුපිරි තරුව විජේයි රඟන "මාස්ටර්" වගේ චිත්රපටි තවමත් නිකුත් නොවී තියෙන්නෙ එරට බොහෝ ප්රේක්ෂකයින් අන්තර්ජාලයට සමීප අයවුන් නොවන නිසයි.
නමුත් අපි මේ කියන්න හදන්නේ, චිත්රපට ඉතිහාසයේ වඩාත් ආන්දෝලනයට තුඩු දුන්නු චිත්රපටියක් ගැනයි.
ඉපැරණි චිත්රපටයක් වන මේ චිත්රපටයේ අතිබිහුසුණු බව නිසාම "ලෝකයේ වඩාත් ආන්දෝලනාත්මක සහ බිහිසුණුම චිත්රපට" යන "කැටගරි" එකේ ඉහළින්ම මේ චිත්රපටය වැජඹෙනවා.
සර්බියානු චිත්රපටයක් වන, A Serbian Film නම් මෙම චිත්රපට කතාව දිග හැරෙන්නේ "මිලෝස්" කියන "කාමුක තරුව" වටා.
මිලෝසගේ චරිතය නිරූපණය කරන්නේ Srđan Todorović කියන රංගන ශිල්පියා විසිනුයි.
චිත්රපට කතාව අනුව මෙහි එන නිල් චිත්රපට නළුවා, අමුතුම ආකාරයේ චිත්රපටයක් සඳහා ගිවිසුම් ගත වෙනවා. මෙහි විශේෂත්වය තමයි, ඔහුට මේ ගිවිසුම අත්සන් කළත්, එම නිල් චිත්රපටයේ කතාන්දරය හෝ එහි රංගනයෙන් දායක වෙන පිරිස් ගැන කිසිවක් හෙළි කරන්නෙ නැහැ.
ඒ වගේම තමයි ඔහුට කිසිම අයිතියක් නැහැ ඔහු පෙනී ඉන්න දර්ශණ වෙනස් කරන්නට හෝ ඒ සඳහා බලපෑම් කරන්නවත්..
චිත්රපටය ආරම්භ වන්නේ, මිලෝස්ගේ කුඩා පුතු මිලෝස් රඟන "නිල් චිත්රපටියක්" නරඹමින් ඉන්න දර්ශනයකින්.
මෙවැනි දර්ශණ නිසා මේ චිත්රපටිය වඩාත් කතාබහට ලක්වන්නට වුණා.
කම්පන සහගත සහ දරාගැන්ම අපහසු පිරිස් වෙත වාරණය කෙරුණු මෙම අතිශය අවුල් සහගත චිත්රපට කතාව ක්රමයෙන් ප්රේක්ෂකයා නොසිතූ තැනකට දිව යනවා.
චිත්රපටය සැබැවින්ම එහි ලිංගික දර්ශණ නිසා ලන්ඩනය වැනි රටවල සිනමා හල්වලින් ඉවත් කෙරුණු අතර, තවත් තැන්වල ඇතැම් කොටස් ඉවත් කිරීමට තීරණය කෙරුණා.
බ්රිතාන්ය චිත්රපට මණ්ඩලය (බීබීඑෆ්සී) විසින් චිත්රපටයේ කැපී පෙනෙන කප්පාදුවක් ඉල්ලා ඇති බව සඳහන්.
සර්බියානු චිත්රපටයක බොහෝ නිරූපණ සැබැවින්ම පිළිකුල් සහගත බව චිත්රපටය නරඹන ඕනෑම කෙනෙකුට තේරෙන දෙයක්.
මෙහි එන වඩාත් ආන්දෝලනාත්මක දර්ශණ කිහිපයක්ද වනවා. ඒ අතරින් බිළිඳියක් සාහසික ලෙස දූෂණය කිරීමේ දර්ශනය සඳහා බොහෝ විවේචන එල්ලව ඇති බව සඳහන්.
කෙසේ වෙතත් චිත්රපටය වඩාත් උපක්රමශිලී ලෙස නිෂ්පාදනය කර ඇති බවයි බොහෝ පිරිස් සඳහන් කරන්නේ.
චිත්රපටය තිරගත වීමට උත්සහා කළ එක් එක්සත් ජනපද බෙදාහරින්නෙකු ක්ලාන්ත වී ඔහුගේ හිසට මැහුම් දැමීමට සිදු වුනා කියන පුවතත් ප්රසිද්ධ පුවතක්.
වාරණයන්ට ලක්වන තැති ගැන්වෙන සුළු දර්ශණ චිත්රපටය පුරාවටම අන්තර්ගතව තිබීම මීට හේතුවයි.