Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Sep
05
“..මගේ රත්තරං දුව මාව රැකබලා ගන්නවා. විවාහ ජීවිතයකට මැදි වුණත් පුංචි එකියක් වගේ මගේ ඇඟේ දැවටුණු කෙල්ල අද මට අම්මා කෙනෙක් වෙලා...” - සුසන්තා චන්ද්‍රමාලි - Photos

- “..මගේ රත්තරං දුව මාව රැකබලා ගන්නවා. විවාහ ජීවිතයකට මැදි වුණත් පුංචි එකියක් වගේ මගේ ඇඟේ දැවටුණු කෙල්ල අද මට අම්මා කෙනෙක් වෙලා...” - සුසන්තා චන්ද්‍රමාලි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
“පසුගිය මාර්තු මාසේ ඒක දැනගත්ත දා ඉඳන්ම තිසුරි සම්පූර්ණ වෙනස් වුණා..”
 
“මගේ දරුවා මගේ අසනීප තත්ත්වය එයාගේ කරට ගත්තා...”
 
“අන්න ඒ නිසා, මම එම පුවතින් කිසිසේත්ම සැලුණේ නැහැ...”
 
‘සුසන්තා චන්ද්රමාලිට මාරාන්තික පිළිකාවක්…’
 
පසුගිය දිනෙක සමාජජාලා වෙබ් අඩවි ඔස්සේ මුදාහැරුණු එම පුවතින් සුසන්තාට ළැදි ටෙලිනාට්ය රසිකයන් සේම ‘තිසුරු යුවනිකාට’ දැඩිව ඇලුම් කරන රසික රසිකාවියෝද නොසන්සුන්තාවට පත්වූහ.
 
විශේෂයෙන්ම මේ ආදරණීය අම්මාගෙත් ඇයට බොහෝ සමීප ‘තිසුරි’ දියණියගෙත් සෙනෙහසින් පිරි බැඳීම ගැන දන්නා හැමෝම වගේ මෙහිදී සිතුවේ, මෙම කනගාටුදායක තත්ත්වය තුළ ඔවුනොවුන් මුහුණ දී සිටින පසුබිම ඉතාමත්ම දුක්බර සංවේදී සංසිද්ධියක් වනු ඇතැයි කියාය.

අනේ, තිසුරි කොහොම දරාගන්නව ඇතිද? යන කසුකුසුව බොහෝ තැන්වල මතුව තිබුණේද ඒ නිසාය. එහෙත්.., පැතිර ගිය ආරංචිය තරමට කිසිවක් සංකීර්ණ නොමැති වග බොහෝ දෙනකුට ඒත්තු ගියේ, සුසන්තා ‘ස්කාෆ්’ එකකින් හිස ආවර්ණය කර තිසුරි සමඟ ඉතාම සුන්දරව සිනාසෙන අලංකාර පෝස්ටුවක් මුහුණු පොතේ සටහන් වීමෙන් පසුවය.
 
ඇත්තෙන්ම මෙහි ‘යථා තත්ත්වය’ කුමක්දැයි විමසා දැනගන්නට අපට ඕනෑ විය. ඒ ඕපාදූප, රසය උරගා බලන්නට නම් නොවේය. ‘චාරුලතාවක්’ ලෙස ටෙලි තිරයට පැමිණි ‘සුසන්තා චන්ද්රමාලි’ රෝගී තත්ත්වය ගැන ඇත්ත ඇති සැටියෙන් රසිකයනට පවසන්නට ඕනෑ වූ නිසාය.
 
ඉතින් සුසන්තා ඔබේ සැපසනීප කොහොමද?
වරදක් නැහැ, පවුලේ අය සමඟ මම සතුටින් දවස ගෙවනවා.
 
රෝගී තත්ත්වය නිසා ඔබ ඉතාම අසාධ්යව සිටින බවයි වෙබ් අඩවිවල පළවී තිබුණේ?
මෙහෙමයි… අපට ආදරය කරන ප්රේක්ෂකයන් අපේ තොරතුරු හොයන්න කැමැතියි කියන්නේ අපිව තවමත් ඔවුනට දැනෙනවා කියන එකයි. ‘චාරුලතා’ විදියට ඔවුන් අතරට පැමිණි ‘සුසන්තා චන්ද්රමාලි’ට වසර විසි ගණනකට පසුවත් ඔවුන් එලෙස ආදරය කිරීම මට දැඩි සතුටක්. මට සමීප බොහෝ හිතවතුන්ද එම පුවත එලෙස වඩා භාරදූරව සටහන්ව තිබීම ගැන සිත්තැවුලට පත්ව තිබුණා. නමුත් මම එහිදී දුටුවේ ඔවුන් මට තිබෙන ඇල්ම නිසා එය එලෙස සිදුවූ වගයි. අන්න ඒ නිසා, මම එම පුවතින් කිසිසේත්ම සැලුණේ නැහැ. හැබැයි, සිදුව තිබෙන සිදුවීම ගැන ඇත්ත ඇති සැටියෙන් පෙන්වීමට ඕනෑ නිසා තිසුරියි මගෙ මහත්තයා කුමරුයි එකතුවෙලා මුහුණු පොත හරහා පෝස්ට් එකක් දැම්මා.
 
මාරාන්තික යැයි පළවූ ගොසිප් එකට ඔබ සුන්දර පිළිතුරක් දුන්නා?
ඔව්… ප්රේක්ෂකයන්ට කතා කරන්නත්, කිසිවකුට දොසක් නොකියන්නත් ඒ ‘පෝස්ට් එක’ සොඳුරු උත්තරයක් වුණා. විශේෂයෙන්ම ඒ පෝස්ට් එකට ආව කමෙන්ට්ස් දැක්කම මට වාවගන්න බැරි සතුටක් දැනුණා. රසිකයන් තවමත් මට මේ තරමට ආදරය කරනවද කියන පුදුමය නිසාම මට හෝගාලා ඇඬුණා ඇත්තටම.
 
රෝගී තත්ත්වය තුළ තිසුරි ඔබව රැකබලා ගන්නා ආකාරයත් ඉතාම සංවේදී බවයි ආරංචි?
අනේ.., ඒ ගැන කෙනෙක් එක්ක කියන කොටත් මට ඇඬෙනවා. ඒ තරමට මගේ රත්තරං දුව මාව රැකබලා ගන්නවා. විවාහ ජීවිතයකට මැදි වුණත් පුංචි එකියක් වගේ මගේ ඇඟේ දැවටුණු කෙල්ල අද මට අම්මා කෙනෙක් වෙලා. කුමරුත් මගෙන් අහනවා. අපේ පුංචි එකී මේ තරමට දහිරියවන්ත ගැහැනියක් වුණේ කොහොමද කියලා. මම පිළිකා රෝගයකින් පෙළෙන බව පසුගිය මාර්තු මාසේ දැනගත්ත දා ඉඳන්ම තිසුරි සම්පූර්ණ වෙනස් වුණා. මේ ගෙදර අම්මා එයාද, මමද කියලා මට අමතක වෙන තරමට මගේ දරුවා මගේ අසනීප තත්ත්වය එයාගේ කරට ගත්තා. මාව සනසනවා, මට අවවාද කරනවා. බෙහෙත් ටික වේලාවට දෙනවා. මට තනිවෙන්න දෙන්නෙ නැහැ. නිතරම මා ළඟ ගැවසෙනවා. හිතාගන්න බැහැ තිසුරි ඒ තරමට මහ ගැහැනියක් වුණේ කොහොම දැයි කියලා.
 
මානසිකව ඔබ ඇදවැටුණේ ඒ නිසා වෙන්නැති?
තිසුරි වාගේ දුවක් ඉන්න අම්මා කෙනෙක් මොන හේතුවක් නිසා මානසිකව ඇදවැටෙන්නද? මගේ මහත්තයා කුමරු ගැනත් මෙතැනදී මතක් කරන්නටම ඕනෑ. ඇත්තටම මාව හොඳින් බලාගන්න තිසුරිට අවශ්ය සහයෝගය දුන්නෙ එයයි.
 
ඔබට පිළිකා තත්ත්වයක් තියෙන බව දැනගත්ත මොහොතෙවත් තිසුරි තිගැස්සුවේ නැතිද?
නැහැ… සත්තකින්ම ඇයට එහෙම ශක්තියක් කොහොම ලැබුණාදැයි කියා අදවත් මට හිතාගන්න බැහැ. අනෙක තවත් කාරණයක් මෙතැනදී කියන්නටම ඕනෑ. බෞද්ධ දර්ශනයට අනුව අපි කවුරුත් අපට අයිති නැහැ. අපි අපේ නෙවෙයි. ඒ නිසා අපට පැමිණෙන ලෙඩ, රෝග, දුක්-කරදර නවත්වන්න අපට ශක්තියක් හෝ අයිතියක් නැහැ. සිදුවිය යුත්තේ එන දේට උපේක්ෂාවෙන් මුහුණ දීමයි.
 
එහෙම නම් සුසන්තා අපි ඔබෙන් සමුගන්නවා. ඔබට සුවය, සතුට පතනවා..............
බොහොම ස්තුතියි, මම පැවැසූ තොරතුරු එලෙසම පළකරන්න. සිදුවූයේ කුමක්දැයි යන්න කතා කරන්නට අවස්ථාව දුන්නාට ස්තුතියි. ඒ වගේම මා ගැන සොයා බැලූ, මට සුවය පතා මුහුණු පොතේ ආදරණීය සටහන් තැබූ මගේ දයාවන්ත, රසික රසිකාවියන්ටත්, මා වෙනුවෙන් වෙහෙස වූ අපේක්ෂා රෝහලේ කාර්ය මණ්ඩලයටත් දැඩිව ස්තුති කරනවා මම.
 
දමයන්ති රේණුකා ප්රනාන්දු විසින්, "මව්රට" පුවත්පතේ "හාර්ට්" අතිරේකයට ලියූ ලිපියකි.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top