එතැන් සිට වසර 26 ක්, පුරා පාර්ලිමේන්තුවේ අගමැති තනතුර සහ විපක්ෂ නායක යන ධුරයන් හෙබවූ රනිල් වික්‍රමසිංහ දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පමණක් කටයුතු කරන්නේ වසර 26කට පසුවයි.
එසේම, 1994 වසරේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක දී එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් එවකට විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළ ගාමිණී දිසානායක ජිවිතක්ෂයට පත්වූ අතර, පසුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට රනිල් වික්‍රමසිංහට හිමි වුණා.
ඉන් අනතුරුව, 2001 වසරේදී රනිල් වික්‍රමසිංහ දෙවන වරටත් අග්‍රාමාත්‍ය තනතුරට පත්වූ අතර, 2004 වසරේදී එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජය වූ බැවින් එතැන් සිට 2015 වසරේ ජනවාරි 8 වනදා ජනාධිපතිවරණය දක්වාම රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළා.
මේ අතර, 2015 වසරේ දින 100 ආණ්ඩුවේ සිට මහ මැතිවරණයෙන් පසුව සහ 2018 ඔක්තෝම්බර් දේශපාලන පෙරලියෙන් පසුව ද, රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය හොබවනු ලැබුවා.