Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Jul
07
වසර 7000ක් පැරණි "මැලම්" ශීත‍ලෙන් ගැහෙන ලෝකයේ දිගම ලවණ ගුහව - Photos

- වසර 7000ක් පැරණි "මැලම්" ශීත‍ලෙන් ගැහෙන ලෝකයේ දිගම ලවණ ගුහව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8 Views
දැනට අනාවරණය වී ඇති ලෝකයේ දිගම "ලවණ ගුහාව" ලෙස සලකනු ලබන්නේ බයිබලයේ සඳහන් අන්දමට මේ ප්‍රදේශය Sodom සහ Gomorrah කලාපයයි. ලවණ ගුහා නිර්මාණය වීම ගැන එක් පිළිගැනීමක්ද ඊශ්‍රායල ජනතාව අතර පවතී. ‘‘ලොට්...නමැති පුද්ගලයාගේ බිරිඳ දෙවියන්ට අකීකරු වීම නිසා ඇය ලවණ කන්දක් බවට පත් විය.

ඒ නිසාම මේ ලවණ කන්ද ‘‘Lot’s Wife” යනුවෙන් හඳුන්වා තිබේ. ලුණු කඳු පද්ධතියේ පිහිටි Flour Cave සහ Colonel’s කන්ද මෑතක් වෙන තෙක්ම මහජනතාව වෙනුවෙන් විවෘතව තිබුණා. එහෙත් පසුකාලීනව මෙහි ජලයට ලවණ අවශෝෂණය වීම නිසා මෙම කඳු සාමාන්‍ය තත්ත්වයට පත් විය. පළමුවැනි ලෝක යුද්ධ සමයේදී මෙම කලාපය සම්බන්ධයෙන් චිත්‍රපටයක් පවා නිෂ්්පාදනය කරන ලදී.

ඒ තරමටම මෙම ලවණ කඳු කලාපය විශේෂත්වයක් ගනු ලැබුවේ ස්වභාවයෙන්ම ඉතා සිසිල් පරිසර තත්ත්වයක් මෙම ගුහා ආශ්‍රිතව නිර්මාණය වී තිබීමයි.

දැනට ලෝකයේ දිගම ලවණ ගුහාව ලෙසින් සැලකෙන ‘‘මැලම්...නමැති ගුහා සංකීර්ණය ‘‘Lot’s Wife.” කන්දේ අභ්‍යන්තරයෙන් අනාවරණය කර ගැනීමට පසුගිය දා ජෙරුසලමේ හීබෘ විශ්වවිද්‍යාලයේ ගුහා පර්යේෂණ මධ්‍යස්ථානයේ Efraim Efraim Cohen ඇතුළු පර්යේෂකයන් පිරිසක් සමත්ව සිටිනවා. ඒ සඳහා ඊශ්‍රායලය, 

බල්ගේරියාව ඇතුළු රටවල් කීපයක පර්යේෂකයන් පිරිසක්ද මෙම අධ්‍යනයට සහභාගි වුණා. මේ වෙන විට ලෝකයේ දිගම ලවණ ගුහාව ලෙසින් වාර්තා තබා සිටි ඉරානයේ ‘‘නම්කන්ද...ගුහාවේ වාර්තාව මේ වෙන විට බිඳී යනවා. ‘‘නම්කන්ද...වණ ගුහාවේ දිග මීටර් 5,685 ක දිගින් යුක්තයි. ඒ අනුව මැලම් ගුහාව සැතපුම් හයක් දුර විහිදෙන දිගින් යුක්ත නිසා එය මෙතෙක් හඳුනාගත් දීර්ඝතම ගුහාව බවට පත්ව තිබෙනවා.

මෙම අධ්‍යනය අවසන් කිරීමට පර්යේෂකයන්ට දින 1500 ක් පමණ ගත වුණ අතර ඔවුන් ඒ වෙනුවෙන් දිනකට පැය දහයක් පමණ කාලයක් කැප කරනු ලැබුවා. එහෙත් මේ කැපවීම ඔවුන්ට කිසිම වෙහෙසක් නොවුණේ අවසානයේදී හඳුනාගත් අලංකාර ලවණ ස්ඵටිකකරණය වීමේ රටාව නිසයි. විකිරණශීලි කාබන් පරීක්ෂණයට අනුව පෙනී ගියේ මෙම ගුහාව වසර 7000 ක් පමණ පැරණි බවයි.

ලවණ ගුහාවන් බොහෝ විට ශුෂ්ක කලාපයේ බිහිවෙන අතර මෙම ප්‍රදේශයන්හි පවතින අධික ලවණතාවය නිසා ජීවීන්ගේ පැවැත්මට පවා මේ ප්‍රදේශයන්හි සිදු නොවන තරම් අහිතකර තත්ත්වයක් පවතිනවා. අධික ලවණ සහිත ජලය පොළව අභ්‍යන්තරයට ගලා ගෙන ගොස් ඒවා ස්ඵටිකකරණයට ලක් වෙනවා. ‘‘මැලම් ලවණ ගුහාව...නිර්මාණය වීමට හේතු වෙන සාධක අතර මළ මුහුදට වැදගත් තැනක් ලැබෙනවා.

මළ මුහුද පිහිටා තිබෙන්නේ ජෝර්දානය හා ඊශ්‍රායලය අතරයි. අධික ලවණ සහිත මළ මුහුදේ ලවණ ඝනත්වය මහමුහුදේ ලවණ ප්‍රතිශතයට වඩා 9 % කින් අධිකයි. මේ නිසා මළ මුහුදේ ජීවීන්ට වාසය කිරීමට නොහැකි නිසාම "මළ මුහුද" යනුවෙන් ව්‍යවහාර වුණත් ඇසට නොපෙනෙන තරම් බැක්ටීරියාවන් සහ පුස් වර්ග මෙහි ජීවත් වෙනවා. මුහුදු මට්ටමට වඩා අඩි 1388 ක් පහළින් පිහිටි වළ මුහුදේ අධික ලූණු බව නිසා මෙහි ජලය බරින් වැඩියි. ඒ නිසා මළ මුහුදේ මතුපිට පීනන්න පුළුවනි. සංචාරකයන් බොහෝ දෙනෙක් මළ මුහුදට ආකර්ෂණයක් දක්වන්නේත් ඒ නිසයි. මෙහි උපරිම දිග කි. මී. 67 ක් වන අතර පළල කි. මී. 18 කි. මීටර් 118 සිට 377 ක පරාසයක ගැඹුරකින් යුක්තයි.

මළ මුහුදේ වාසි රැසක් මේ වෙන විට විවිධ අධ්‍යනයන් මගින් හඳුනා ගෙන තිබෙනවා. මෙහි ජලයේ ඛනිජ අඩංගු මඩ සහ ජලය නිසා සමේ රෝග සහ ශ්වසන රෝගාබාධයන්ට ගුණ ලබා ගත හැකි බැව් ප්‍රසිද්ධ රහසක්.

සොඩොම් කන්දට වැටෙන වැසි මළ මුහුද කරා පැමිණෙන ගමනේදී ඒවා ඇතැම් ස්ථානයන්හිදී භූගත වෙන අතර එම භූගත ජලයට අවට ප්‍රදේශවලින් ලවණ මිශ්‍ර වීමක් සිදු වෙනවා. හිරිගල්වලට වඩා වැඩි වේගයකින් ලවණ ස්ඵටිකකරණයට සහ දියවීමට ලක් වෙන නිසා මැද ප්‍රදේශය දිය වී මෙම ගුහා සංකීර්ණය සෑදී තිබෙනවා. අධික ලවණතාව ඇති ප්‍රදේශයන්හි මේවා විවිධ හැඩයන්ගෙන් නිර්මාණය වෙනවා.

තවත් ලවණ ගුහා තිබෙනවා...

ඊශ්‍රායලයේ මැලම් ලවණ ගුහාවට අමතරව ලෝකයේ බොහෝ රටවලත් ලවණ ගුහා පිහිටා තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ "ඔහියෝ ප්‍රදේශයේ "ඊරි විල් කලාපයේ මේ අන්දමේ ලවණ කඳු පිහිටා තිබෙනවා. 1997 වසර දක්වාම Morton Salt Company සමාගම විසින් මෙම කඳු කලාපයේ ලූණු කැණීම් කටයුතු වල යෙදුන අතර අඩි 1700 ක් දිගක ව්‍යාප්තව ඇති මෙම ලවණ කන්දෙන් වාර්ෂිිකව මිලියන ටොන් 4 ක ලූණු ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

කොළම්බියාවේ ප්‍රදේශයේ පිහිටි Zipaquira ලවණ කන්ද ක්‍රි. පූ 5 වැනි සියවස දක්වා දිගු ඉතිහාසයකට උරුමකම් කියනු ලබනවා. ‘‘කැත්ඬේල් ලූණු සමාගම...විසින් 1950 වසරේ ආරම්භ කරන ලද මෙම සමාගම 1990 වසරේදී වසා දමන අතර නැවත මෙම සමාගම විසින් අදාළ කටයුතු 1995 වසරේදී ආරම්භ කරන ලදී.

ලවණ කඳු ඇසුරින් 1906 වසරේ සිට 1965 දක්වා පවත්වා ගෙන ගිය ජර්මනියේ Salt Mine සමාගම මෙම කඳු ඇසුරින් ලූණු පමණක් නොව පොටෑසියම්ද ලබා 

ගැනීමට සමත් විය. එහෙත් උමං මාර්ගයේ ඇති වුණ බිඳවැටීම් නිසා ලූණු නිෂ්පාදාන සමාගම එම ප්‍රදේශයෙන් ඉවත්ව ගිය පසු මෙම ප්‍රදේශය විකිරණශීලී බැරල් ගබඩා කිරීමේ කලාපයක් ලෙසින් යොදා ගන්නා ලදී. බැරල් 125,000 පමණ මෙම කලාපයේ ගබඩා කර තිබුණත් පසේ ලවණ තත්ත්වය නිසා විකිරණශීලී බැරල් මළකඩ කෑමට පත් වූ නිසා මෙම බැරල් 125,000 ම මෙම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට සිදු විය.

පෝලන්තයේ Wieliczka ලවණ ආකරය ලෝක උරුමයක් සහ ජාතික අනන්‍යතාවක් ලෙසින් සටහන්ව පවතී. සංචාරක ආකර්ෂණය නිසාම 1996 වසරේ පටන් මෙහි ලූණු කැණීම නැවතී තිබේ. americanmineservices.com, වෙබ් අඩවියේ දැක්වෙන අන්දමට මෙම ලවණ නදියේ ඉතිහාසය වසර වසර මිලියන 13.6 ක් වැනි ඈත ඉතිහාසයකට අයත් වේ. 12 වන සියවසේදී ශාන්ත බෙනඩික් ආරාමයෙන් ආරම්භ වුණ ලූණු කැණීමේ කටයුතු වසර අටසියයක් දක්වා පැවැතී තිබේ.

"දිවයින" 
පුන්‍යා චාන්දනී ද සිල්වා



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top