Alan Taylo අධ්‍යක්ෂණය කළ 'Game of Thrones' කියන්නේ ලෝකයම වසග කරගත් නාට්‍ය මාලාවක්. මේ නාට්‍යයේ හත් වැනි කොටස ඊයේ දිනයින් අවසන් වුණා. නමුත් අටවැනි කොටසින් මුණගැසීමේ අරමුණින්.
එහෙත් අටවැනි කොටස බලාගැනීම සදහා ප්‍රේක්ෂකයින්ට බොහෝ කාලයක් බලා සිටීමට සිදුවන බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. ඒ කියන්නේ 2019 වනතුරු බලාසිටීමට සිදු වෙනවාලු.
මේ කතා මාලාව ආරම්භ කරන්නේ 2011 අප්‍රේල් 17 වැනිදා. එතැන් පටන් නොකඩවා රූගත කරමින් විකාශ කෙරුණු මේ නාට්‍යයේ ඊලග කොටස 2019 වසරේ පෙන්වීමට තීරණය කිරීම හොද දෙයක් නොවන බවයි ප්‍රේක්ෂකයින් සදහන් කරන්නේ.