තම මව සහ සොහොයුරිය කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බවට ඔහු සැක පළ කර තිබුණා.
නමුත් විමර්ශන ආරම්භ කළ පොලිසියට හෙළි වූයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ අතිශය භීතිජනක ඇත්තක්.
මෙම ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ලෙස අත්අඩංගුවට පත්වුණේ 21 හැවිරිදි ඇගේම බෑණනුවන්. ඔහු සමඟ 19 හැවිරිදි දියණියද ත්‍රිකුණාමලයේදී පොලිස් දැලට හසුවුණා. සැකකාර බෑනා පවසන අන්දමට, ඔහු කළ දරුණු පහරදීමකින් කථිකාචාර්යවරිය මියගොස් ඇති අතර, පසුව ඇගේ සිරුර යාපනය ප්‍රදේශයේ පාළු මාවතක දමා ඔවුන් පලා ගොස් තිබෙනවා.
ඝාතනය සිදු කිරීමෙන් පසු කිසිදු තැකීමක් නැතිව පලා ගිය මේ යුවළ, මග දිගට ATM යන්ත්‍රවලින් මුදල් ලබාගනිමින් සුඛෝපභෝගී ලෙස ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ. පරන්තන් ප්‍රදේශයේදී මුදල් ලබාගත් ඔවුන්, පසුව ත්‍රිකුණාමලයේ පිරවුම්හලකින් ඉන්ධනද ලබාගෙන තිබෙනවා.
තමන් ඉතා සූක්ෂ්ම ලෙස පලා යනවා යැයි ඔවුන් සිතුවත්, ඔවුන්ව කොටු කරගන්නට පොලිසියට උදව් වුණේ නූතන තාක්ෂණයයි. ඉන්ධන ලබාගැනීමට භාවිතා කළ QR කේතය සහ මාර්ගයේ තිබූ CCTV දර්ශන ඔස්සේ ඉතා කෙටි කලකින් සැකකරුවන් සිටින තැන සොයා ගැනීමට පොලිසිය සමත් වුණා.