රික්ටර් පරිමාණයේ ඒකක 6.2 ක සටහන් වූ මෙම ප්‍රබල කම්පනය නිසා ජපාන වැසියන් දැඩි භීතියට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) පවසන ආකාරයට, මෙම කම්පනයේ ඇති බියකරුම තත්ත්වය වන්නේ එය පොළොව මතුපිට සිට කිලෝමීටර් 10 ක් වැනි ඉතාමත් නොගැඹුරු මට්ටමක (Shallow depth) සිදුව තිබීමයි. සාමාන්‍යයෙන් මෙවැනි නොගැඹුරු මට්ටමක සිදුවන කම්පන නිසා සිදුවන හානිය ඉතා ඉහළ අගයක් ගන්නා බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.
මේ මහා කම්පනයත් සමඟ ජපානයේ ගොඩනැගිලි පවා සෙලවී ඇති අතර, ඉදිරියේදී ඇතිවිය හැකි පසු කම්පන (Aftershocks) පිළිබඳවත් ජපාන බලධාරීන් දැඩි අවධානයෙන් පසුවනවා.