මුළු ලෝකෙම කාලගුණ රටා උඩුයටිකුරු කරමින්, අතිශය දුර්ලභ ගණයේ කාලගුණ සංසිද්ධියක් දැන් වර්ධනය වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ සිද්ධියේ තියෙන විශේෂම දේ තමයි, ඇෆ්ගනිස්ථානයේ ඉඳන් පකිස්ථානය හරහා ඉන්දියාව දක්වා කිලෝමීටර් 1000ක් දිගැති දැවැන්ත වර්ෂා තීරුවක් සෘජු රේඛාවක ආකාරයෙන් පිහිටා තිබීම. සාමාන්‍යයෙන් වක්‍රව යන මේ වගේ කාලගුණ පද්ධති මෙහෙම "කෙලින් රේඛාවක්" (Straight Trough) විදිහට පිහිටන එක විද්‍යාඥයන් පවා පුදුමයට පත් කරන්නක් වෙලා.
මේ "බටහිර කැළඹිල්ල" නිසා පකිස්ථානයට සහ වයඹදිග ඉන්දියාවට දැන් එල්ල වෙන්නේ ලෙහෙසි පහසු ප්‍රහාරයක් නෙවෙයි. පැයට කිලෝමීටර් 40ත් 80ත් අතර වේගයෙන් හමන චණ්ඩ මාරුත, ගිගුරුම් සහිත වැසි වගේම තැනින් තැන හිමකැට වර්ෂාවන් (Hailstorms) පවා ඇති වෙනවා. තමිල්නාඩුව, කේරළය සහ බෙංගාලය වැනි ප්‍රාන්ත දැනටමත් මේ වැස්සෙන් තෙතබරි වෙලාලු තියෙන්නේ.
සාමාන්‍යයෙන් මාර්තු මාසය වෙද්දී මේ වගේ පද්ධති දුර්වල වෙලා යන එක තමයි සිරිත. හැබැයි දේශගුණික විපර්යාස නිසා දැන් මේ රටාවන් අප්‍රේල් මාසය වෙනකම්ම දීර්ඝ වෙමින් පවතිනවා. මධ්‍යධරණී මුහුදේ ඉඳන් අරාබි මුහුද හරහා එන මේ තෙතමනය හිමාල කඳු වැටියේ ගැටීමෙන් තමයි මේ දැවැන්ත විනාශය සිද්ධ වෙන්නේ.
මේ පද්ධතිය අද දවස පුරාම ක්‍රියාත්මක වෙන අතරේ, ලබන 22 වැනිදා ඉඳන් තවත් දුර්වල බටහිර කැළඹිල්ලක් මේ කලාපයට ඇතුළු වෙන්න නියමිතයි.