Adobe (ADBE.O) සමාගම සිය ප්‍රමුඛතම යෙදුම් වන Photoshop, Adobe Express සහ Acrobat OpenAI සතු ChatGPT සමග ඒකාබද්ධ කරන බව නිවේදනය කර තිබෙනවා.
මෙමගින් පරිශීලකයන්ට OpenAI තුළදීම රූප සංස්කරණය කිරීමට, ග්‍රැෆික් නිර්මාණය කිරීමට සහ PDF කළමනාකරණය කිරීමට අවස්ථාව ලැබෙනවා.
මෙම පියවර එදිනෙදා වැඩ කටයුතු සඳහා භාවිත කරන මෙවලම් සංවාදාත්මක කෘත්‍රිම බුද්ධි (Conversational AI) වේදිකා සමග සම්බන්ධ කිරීමට මෘදුකාංග නිෂ්පාදකයන් දරන පුළුල් ප්‍රයත්නයක් පිළිබිඹු කරනු ලබනවා.
එමගින් යෙදුම් අතර මාරු වීමේ අවශ්‍යතාවය අවම කරමින් වැඩි පරිශීලකයන් පිරිසකට ළඟා වීමට ඔවුන් අපේක්ෂා කරන බවටයි සඳහන් වෙන්නේ.
මෙම නව ඒකාබද්ධ කිරීම මගින් ChatGPT හි සතිපතා සක්‍රීය පරිශීලකයන් මිලියන 800කට අධික ගණනකට Adobe යෙදුම්වල විශේෂාංග රාශියක් ලබා දෙනු ඇති.
පරිශීලකයන්ට ChatGPT තුළ ඉල්ලීමක් ටයිප් කිරීමෙන් එනම් උදාහරණයක් ලෙස, ඡායාරූප සියුම්ව සකස් කිරීම (fine-tuning photos), ග්‍රැෆික් නිර්මාණය කිරීම (creating a graphic), PDF සාරාංශ කිරීම (summarizing a PDF), ලේඛන සම්පීඩනය කිරීම හෝ සංස්කරණය කිරීම සහ බහු PDF ගොනු ඒකාබද්ධ කිරීම යන කාර්යයන් සිදු කළ හැකි අතර, එමගින් අදාළ Adobe මෙවලම චැට් අතුරුමුහුණතෙන් පිටතට නොගොස් ක්‍රියාත්මක වනු ඇති.
ඊයේ සිට ආරම්භ කරමින්, Photoshop, Acrobat, සහ Adobe Express ඩෙස්ක්ටොප්, වෙබ් සහ iOS මෙහෙයුම් පද්ධති සඳහා ChatGPT තුළ නොමිලේ භාවිතා කිරීමට ලබා දී තිබෙනවා.
ඇන්ඩ්‍රොයිඩ් සඳහා Adobe Express දැනටමත් ලබා දී ඇති අතර, Photoshop සහ Acrobat සහාය ද ඉක්මනින්ම ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මෙම මෙවලම් ChatGPT තුළ භාවිත කිරීම සඳහා පරිශීලකයන් Adobe සමග ලියාපදිංචි විය යුතු බව Adobe සමාගම සඳහන් කර තිබෙනවා.
මෙම ඒකාබද්ධ කිරීම මගින් AI මගින් මෙහෙයවන නිර්මාණාත්මක ක්ෂේත්‍රයේ සිදුවන වෙනස්කම්වලට අනුවර්තනය වීමට Adobe සමාගම දරන උත්සාහය පුළුල් කරනු ලබනවා.