බිත්තර මිල රුපියල් දහයකින් පහත හෙලීමට පියවර ගත්බව සමස්ථ ලංකා සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් හසිත සංදීප පවසනවා.
පඬුවස්නුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සදහන් කළා.
මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයන් රටතුල පවත්වාගෙන යන මාෆියාව නවත්වාලීම අරමුණු කරගෙන මෙලෙස බිත්තර මිල පහතට දැමීමට මෙම සංගමය තීරණය කර තිබෙනවා.
බිත්තර මිල ඉහලට දැමීමේ අරමුණ ඇතිව මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයන් කිහිප දෙනකු රටතුල නිෂ්පාදනය කෙරෙන බිත්තර මිලට ගෙන ඒවා වෙලදපොල වෙත නොයවා ගබඩා කර තබා ගනිමින් වයාජ ලෙස රටතුල බිත්තර හිඟයක් පවතින බව පෙන්වීමට උත්සාහ කරමින් සිටින බව ඔහු සදහන් කළා.
මෙම මාෆියා තත්වය තුල සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයා කඩා වැටීම සිදුවන බවයි ඔහු පවසන්නේ.
සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයා රැක ගැනීම අරමුණු කරගෙන බිත්තර මිල පහතට දැමීම සිදු කර තිබෙනවා.