තමන්ටම කියන නිවහනකට සිහින දැකපු ඔහුන්ට, මේකනම් සුබ පණිවිඩයක් වේවි...
කඳුකර මලයගම් ප්‍රජාවගේ නිවාසලාභීත්ව හිමිකම් පත් ලබාදීම හෙට (12) පෙරවරුවේ බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.
ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන නිවාස දසදහසක ව්‍යාපෘතියේ හතරවන අදියරේ ප්‍රතිලාභීන් දෙදහසකට මෙහිදී නිවාස හිමිකම් ලබාදීම සිදු කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
සුවපහසු නිවසක්, සනීපාරක්ෂක ජීවිතයක් තේමාව යටතේ ශ්‍රී ලංකා රජය, ඉන්දියානු රජය සමඟ එක්ව මෙරට මලයගම් ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා.