පින්නවල අලි අනාථාගාරය කියන්නේ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගෙන ඇති ස්ථානයක්.
එය පසුගිය මාස 9ක් තුළ වාර්තාගත ලෙස රුපියල් මිලියන 780ක ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා.
එමෙන්ම, මෙය පසුගිය වසරවල පැවති තත්ත්වයට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් බවත්, ඉදිරි මාසවලදී මෙම ආදායම තවදුරටත් ඉහළ යනු ඇති බවටයි අපේක්ෂා කරන්නේ.
පින්නවල අලි අනාථාගාරය 1975 පෙබරවාරි 16 වැනිදා එවකට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවිල් ගුවන් සේවා හා සංචාරක ඇමැතිව සිටි පී.බී.ජී. කළුගල්ල මහතා විසින් ආරම්භ කෙරුණා.