මේ අමරණිය ගායන ශිල්පියා ගැයූ ගීතවලට අදටත් තිබෙන්නේ පුදුමාකාර ඉල්ලුමක්. ඒ ඉල්ලුම නිසාම ඔහු ගැයූ ගීත අදටත් ප්‍රසංග වේදිකාවලදී වෙනත් ශිල්පීන් ගයනවා.
ජෝතිපාල කලාකරුවා මිය යන්නේ වයස අවුරුදු 51 දී. ඒ 1987 වර්ෂයේදී. මේ කාලයේදීත් ඔහු වටා හිටි රසික රසිකාවියන් ප්‍රමාණය අති විශාලයි.
මේ කාලයේ අපේ රටේ ජංගම දුරකතන තිබුණේ නැහැ. ෆේස් බුක් වගේ සමාජ මාධ්‍ය තිබුණෙත් නැහැ. ඒ නිසා බොහෝ දෙනා පනිවඩ හුවමාරු කර ගත්තේ ලියුම් කඩදහිවලින්. ජෝතිපාලත් එහෙමයි.
ඉතින් ඔහු අන්න එහෙම රසිකයකුට ලියූ ලියුමක් අපට හමුවුණා.
ඒක ලියා තිබෙන්නේ 1972 අවුරුද්දේ. මේ බලන්න ඔහුගේ අත් අකුරුවල තිබෙන හැඩ. ඒ වගේම ලියා තිබෙන වචනවල ඇති ලෙංගතුකම. රසික රසිකාවින්ට ඔහුගේ ඇති ආදරය එහි තුළ හොඳින් පෙනෙනවා. ලොකුකම් නැහැ.
අපි අහලා තිබෙන විදියට ජෝතිපාල කලාකරුවා අධ්‍යාපනය ලබා තිබුණේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඔහුට ඉතා හොඳින් ඒ භාෂාව හසුරවන්න පුළුවන්. නමුත් රසික ජනතාව එක්ක හැමදාම ඔහු කතා කළේ අපේ භාවතා කළේ රටේ බහුතරයක් පාවිච්චි කරන භාෂාව.