බෞද්ධ සංස්කෘතියෙන් අපි පෝෂණය වී තිබෙන නිසා එය ආරක්ෂා කළ යුතු බව උන් වහන්සේ දැඩිව අවධාරණය කළා. ඒ ඔස්සේ ඉදිරියට ගොස් රටේ දියුණුව ඇතිකරන ලෙසද අගරදගුරු හිමිපාණන් රජයට මතක් කළා. දූෂිත දෙයින් අපේ දරුවන් ආරක්ෂා කරදෙන ලෙස උන් වහන්සේ වගකියයුතු අයගෙන් ඉල්ලා සිටියා.
උන් වහන්සේ එසේ ප්‍රකාශ කළේ නිට්ටඹුවේ,කළගෙඩිහේන, සැනසිලිදායක දේවමාතා දෙව්මැදුරේදී.
“මේ ළගදී ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය ධනය ඉපයීමේ අරමුණින් ලියුමක් යවල තියෙනවා අපේ රට තුළට නිදහසේ සම ලිංගික සම්භවයක් දරණ සංචාරයින්ට එන්න ඉඩ දීම කරන්න ඕන කියලා. ආදරය, ප්‍රේමය, කරුණාව කියන උතුම් ගුණාංග පැත්තකට දාලා, ආගමික ඉගැන්වීම් පැතතකට දාලා, ලිංගිකත්වය උඩින්ම තියාගෙන මේ වගේ දේවල් ඉදිරිපත් කරන්න මොනම රජයකටවත් අපිට ඉඩ දෙන්න බැහැ.
ඊළගට කියනවා ලිංගික අධ්‍යාපනය සදහා පාසල්වල දරුවන්ට කොන්ඩම් බෙදන්න ඕන කියලා. කවුද මේ පිස්සු කතා, පිස්සු වැඩ යෝජනා කරන්නේ. මේ අපේ රටද? නැත්නම් ඇමරිකාවද, එංගලන්තයද, ඔස්ට්‍රේලියාවද.? මේක අපේ රටේ සංස්කෘතිය විනාශ කරන වැඩ පිළිවෙලක්. වනචාරී යුගයකට අපේ රට ගෙන යන්න දෙන්න බැහැ. අපි දන්නේ නැහැ මේ තිරණ රටේ ඉහළම කෙනා මේවා දන්නවද කියලා. අපි විශ්වාස කරනවා එයා දන්නේ නැහැ කියලා. එහෙම නම් කරුණාකරලා ඕවා නවත්වන්න.”