මේ ගොඩක් දෙනෙක් කාර්‍යබහුල කාලයක්.. ඒ අවුරුදු ගමන් බිමන් යන නිසානේ..
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ වෙලාවක සිදුවෙච්ච නොහිතපු දෙයක් ගැන කතාවක්..
වැඩි පරිස්සමට ඔවුන්ගේ වටිනා කියන දේවල් වාහනේ දාගෙන අරගෙන යන එක පුරුද්දක් කරගෙන.. පශු වෛද්‍යවරයෙකුට සහ ඔහුගේ බිරිඳට අයත් රුපියල් ලක්ෂ 25 කට අධික වටිනා රන් ආභරණ කීපයක් පසුගිය දවසක සොරාගෙන ඇත්තේ කඩුවෙල ප්‍රදේශයේදීයි..
රථයෙන් හොරණ ප්‍රදේශයේ ඥාති නිවසකට ගොස් අනතුරුව කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ දියණියකගේ නිවසට පැමිණ තිබූ අවස්තාවකදී මෙය සිදුවී ඇති බවයි වාර්තා වෙන්නේ..
සොර සතුරන් සිටින බැවින් ඔවුන් දෙදෙනා නිවසින් පැමිණෙන අවස්ථාවේදී නිවස තුළ රන් භාණ්ඩ නොතබා ඒවා පැළඳ නොගෙන අත් බෑගයේ දමාගෙන ගොස් ඇති අතර, නිවස ඉදිරිපිටම වෑන් රථය නවතා නිවස තුළ පැය කීපයක් ගත කර යළි නිවස කරා යාම සඳහා වෑන් රථයට පැමිණීමේදී ඉදිරිපස කැබී හෝලය සහ ඇතුළත තිබූ ඇඳුම් බෑග් ඇද තිබෙන අයුරු දැක විමසිලිමත් වීමේදී රන්භාණ්ඩ නැතිවී ඇති බවට දැනගෙන තිබුණා..
සොරා ගෙන ඇති බඩු අතර, මාල, කරාබු, බ්‍රේස්ලන්ට්,වලලු ඇතුළු පවුම් 25ක පමණ භාණ්ඩ තිබූ බවයි වාර්තා වෙන්නේ.. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කඩුවෙල පොලිසිය වැඩිදුර පර්යේෂණ සිදුකරනවා..