මේ කියන්න යන්නේ ඉතාමත් භයානක කතාවක්.
සයන්ස් ටයිම්ස් හි වාර්තාවකට අනුව, කෙන්යාවේ මවුන්ට් එල්ගොන් ජාතික වනෝද්‍යානයේ පිහිටා ඇති ලොව මාරාන්තික කිතුම් ගුහාව මීළඟ වසංගතයට හේතු විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.
මෙම ගුහාව මානව ඉතිහාසයේ මාරාන්තික වෛරස් වල නිවහන බවට පත් වූ ස්ථානය ලෙසයි නම් කර තිබෙන්නේ.
ඉබෝලා වෛරසය සහ මාර්බර්ග් වයිරසය එතැනින් ආරම්භ වූ බව වාර්තා වූ අතරම Marburg වෛරසය මීලඟට ලෝකය අඩපන කරන මීලඟ වසංගතය විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.
මෙම වෛරසය රෝගය ශරීරයේ ක්‍රියාකාරී ධාරිතාව අඩු කරන අතර හෘද වාහිනී පද්ධතියට හානි කරනු ලබනවා.
සියයට 88 ක් දක්වා මරණ අනුපාතයක් සහිත මෙම වෛරසය පළතුරු වවුලන් ගෙන් බෝවිය හැකි බවටයි වාර්තා වෙන්නේ.
අඩි 600ක් ගැඹුරැති මෙම ගුහාව අලි ඇතුන් විසින් දිගින් දිගටම හාරා පුළුල් කර ඇති අතර, රෝග වාහක වවුලන් එය ඔවුන්ගේ නිවහන කරගෙන තිබෙන බවට සයන්ස් ටයිම්ස් වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.