එංගලන්තයේ සංචාරයේ නිරතවන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී ටෙස්ට් තරඟාවලියේ තුන්වන ටෙස්ට් තරඟයේදී විනිසුරු තීරණයකට විරෝධය දැක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන් රැඳි සිටින ක්‍රීඩා විවේකාගාරයේ බැල්කනියේ ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීම මතභේදයට ලක්ව තිබෙනවා.
මේ පිළිබඳව MCC ය ඊයේ (12) දන්වා තිබුණ බව ඩේලි මේල් පුවත් සේවය ද සඳහන් කර තිබුණු අතර ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් විසින් යොමුකළ පන්දුවකට ඇලෙක්ස් හේල්ස් දැවී යාමට තිබූ අවස්ථාවක් විනිසුරු විසින් එම පන්දුව නිපන්දුවක් ලෙස ප්‍රකාශ කිරීමත් සමඟ මෙම සිදුවීම සිදුව තිබේ.
නුවන් එවූ පන්දුව නිපන්දුවක් ලෙස විනිසුරු තීරණය කිරිමෙන් පසුව කැමරා පුනරූපන වලින් දැක්වූයේ එය නිපන්දුවක් නොවන බවත් ඔහුගේ කකුල නිවැරදි සීමාවේ සිට යොමුකළ පන්දුවක් වශයෙනුයි.
ඒ හේතුවෙන් විනිසුරුගේ වැරදි තීරණයට එරෙහිව ඒ සඳහා විරෝධය දැක්වීමට තමයි ශ්‍රී ලංකා කණ්ඩායම මේ විදියට ඔවුන්ගේ විවේකාගාර බැල්කනියේ ජාතික කොඩිය ප්‍රදර්ශණය කරලා තියෙන්නේ. නමුත් එය ඉවත් කරන ලෙස MCC ය දැනුම් දී තිබෙනවා.