කාලෙන් කාලෙට අපේ රටේ සිද්ධවුණු සමහර සිදුවීම් විදුලි වේගයෙන් හැමතැනම පැතිරෙන්න ගත්තා. මේ දේවල් ගැන ප්‍රවෘත්ති මැවුණා වගේම සමාජජාල වෙබ් අඩවි වලිනුත් ඒ ගැන ලොකුවටම කතාවෙන්න ගත්තා.
ඒ නිසාම ඔය සිද්ධි ගැන අන්තිමේදී නීතිය ක්‍රියාත්මක වෙලා ඒ වැරදි කරපු අයට දඬුවම් පවා දුන්නා. අන්න ඒ සිද්ධි හරි අපූරුවට තමන්ගේ අතින් සිතුවම් කරන්න අපේ රටේ තරුණයෝ කිහිපදෙනෙක් සමත්වෙලා තියනවා. ඒ අතරින් මුලින්ම මේ නිර්මාණ කරන්න පටන්ගත්තේ ප්‍රසාද් අලුත්වත්ත. අනිත් තරුණයා තමයි ධනංජය රණවක.
ප්‍රසාද් අලුත්වත්ත හමගහපු උකුස්සා ගැන, HIV ප්‍රශ්නය වුණු සිසුවා ගැන, නිදහස් චතුරස්‍රයේ සිද්ධිය වගේම උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ අලිපැටියා ගැන සිතුවම් අඳිනකොට ධනංජය වාරියපොළ තරුණිය ගැන වගේම BMW සිද්ධියේ කාන්තාව ගැන සිතුවම් ඇඳලා තිබුණා.