ජනප්‍රිය නළුවෙක් වන ජනිත් වික්‍රමගේ මේ දවස් ටිකේ අමුතු වැඩක් කරන්න යනවා කියලා අපිට ආරංචියක් ආවා. ඉතින් මේ ගැන අපි පොඩ්ඩක් හොයලා බලනකොට තමයි විස්තරේ ඇත්ත නැත්ත එළියට ආවේ. හිටි ගමන් ජනිත් කොණ්ඩය බූ ගාලා. කෙල්ලෙකුගේ බූට් එකක්වත් කාලා මේ වැඩේ කරගත්තද කියලා අපිට හිතුණු නිසා මේ ගැන අහන්න අපි ඔහුවම සම්බන්ධ කරගත්තා.
මීට මාස කිහිපයකට පෙර සුරාජ් මාපා කොණ්ඩය සිටවු විදියටම තමනුත් කොණ්ඩය සිටවන්න තීරණය කළා කියලා ජනිත් අපිත් එක්ක කීවා. මේ පිළිබඳ වැඩිදුර විස්තර ජනිත් එක්ක කතාකරපු අපිට ඔහු උත්තර දුන්නේ පහත ආකාරයට. ඒත් එක්කම ඡායාරූප ටිකකුත් අපිට දෙන්න ඔහු අමතක කළේ නෑ.
ජනිත් කොණ්ඩය හිටවපු ආරංචිය ඇත්ත ද?
ඔව් ඒක ඇත්ත, මම ඊයේ කරගත්තේ
ඔබ ඇයි මෙහෙම දෙයක් කරන්න හිතුවෙ?
ඇත්තටම මේක කරන්න හිතුවෙ කාරණා දෙකක් හින්දයි. එක තමයි අපි කවුරුත් කැමතියිනේ ඉතින් ලස්සනට ඉන්න. අනික මම සුරාජ්ට කථා කරලා එයාගෙන් මේ ගැන ගොඩක් විස්තර දැන ගත්තා. පස්සෙ මට ඒ ගැන ලොකු විශ්වාසයක් ඇතිවුණා.
ජනිත් කොණ්ඩේ හිටවන විදිය ගැන පොඩ්ඩක් කිව්වොත්,
මම මීට සති 2 කට කලින් DHL සමාගමේ වෛද්‍යවරයා හමුවුණා. ඊට පස්සෙ එයා මගෙ කොණ්ඩය පරීක්ෂා කරලා මගේ පරණ පෙනුම ගැනීමට අවශ්‍ය කොණ්ඩ ගස් ප්‍රමාණය තීරණය කළා. ඊයේ මේක කරන්න පැය 6ක් විතර ගියා.
මුලින් පැය 2 ක් විතර එකම විදියට ඉන්න අමාරු වුණා. හැබැයි කිසිම වේදනාවක් දැනුනෙනම් නැහැ. ඊට පස්සෙ මම ක්‍රිකට් මැචි එකක් බල බලා ඉන්න කොට තමා කොණ්ඩෙ හිටෙව්වේ.
ජනිත් මොනවද මේ දවස් වල අළුත් තොරතුරු ?
මේ දවස් වල මම මගේ අළුත් ප්‍රසංගයේ වැඩකටයුතු කරගෙන යනවා. ඒ ගැන විස්තර පස්සෙ කියන්නම්.
ඔහුගේ ඡායාරූප පහතින්...